Pages

Tuesday, October 24, 2017

ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..
































අද වනවිට පලාත් පාලන මැතිවරණය පැවත්වීමට අවශ්‍ය සියලු සීමා නිර්නය කටයුතු අවසන් කොට එක් එක් පලාත් පාලන ආයතනයන් සඳහා අවශ්‍ය සභිකයින් ගනන තීරණය කොට අවසන් බව මාධ්‍ය මගින් පලාත් පාලන අමාත්‍යවරයා ජනතාව දැනුවත් කලේය. කරුණු එසේනම් මීලගට ඇත්තේ එම සභිකයින් ගනන ගැසට් පත්‍රයේ පලකොට වහාම පලාත් පාලන මැතිවරණය පැවත්විමයි.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේම සුලු ජාතින් නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන මනෝ ගනේෂන් සහ දිගම්බරම් වැනි අමාත්‍යවරුන් රටේ සම්පූර්ණ පරිපාලන ව්‍යහය කණ පිට පෙරලමින් සිටි. එනම් අරුම පුදුම අලුත්ම යෝජනාවක් ලෙස ජනවාර්ගික පදනම මත නුවරඑළියේ අලුතින් ප්‍රාදේශිය සභා බිහිකිරීමයි. මෙමගින් තමන්ගේම ආණ්ඩුවට අභියෝග කරමින් වසර 3 කට ආසන්නව කල් ගොස් ඇති පලාත් පාලන මැතිවරණය නැවත කල් දැමීමේ අසාධාරණ ඉල්ලීමක මොවුන් මේ වනවිට නිරත වී ඇත.

මෙහිදී මෙම ද්‍රවිඩ නායකයින්ගේ ඉල්ලිම උතුරු නැගෙනහිර ෆෙඩරල් ඉල්ලිමට සමාන එහෙත් මධ්‍යම පලාතට සරිලන ඉල්ලිමකි. ඒ මන්දයත් මෙතෙක් මධ්‍යම පලාත් සභාව සඳහා වෙනම රාජ්‍යකට අවශ්‍ය බලය බෙදාහැරීමට සම්පූර්ණ විය යුතු සුලු ජාතින්ගේ සංයුතිය ඇති වීමට තව කල් ඇති බැවිනි.

ශ්‍රීලංකාවේ ජනගහනය මිලියන 20.3 කි (2012 සංගනනයට අනුව). එනම් 20359439 කි.
එයින්
කොළඹ දිස්ත්‍රික්යේ 11.4% (2324329) ජීවත්වෙති. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 13 කි. ප්‍රාදේශිය සභා නගර සභා 13කි.
අනුරාධපුර දිස්ත්‍රික්යේ 4.2% (860575)ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 22 කි. ප්‍රාදේශිය සභා නගර සභා 19 කි.
මුලතිව් දිස්ත්‍රික්ය 0.5%( 92231) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 6 කි ප්‍රාදේශිය සභා නගර සභා 4 කි.
මන්නාරම් දිස්ත්‍රික්ය 0.5%(99570) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි ප්‍රාදේශිය සභා නගර සභා 5 කි.
කිලිනොච්චි දිස්ත්‍රික්ය 0.6%(113510) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 4 කි ප්‍රාදේශිය සභා නගර සභා 3 කි.

ඉහත දිස්ත්‍රික්වල පරිපාලන කොට්ඨාස අනුව ජනගහනය බෙදි ඇති ආකාරයෙන් විශාල විෂමතා හදුනා ගත හැකිය, එනම් මුලතිව්, මන්නාරම් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික් 3 නම එකතු කලවිට සමස්ථ රටේ ජනගහනයෙන් 1.5% කි. ඒ දිස්ත්‍රික් 3 සඳහා ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 15 කි ප්‍රාදේශිය සභා නගර සභා 15 කි, එහෙත් එම දිස්ත්‍රික් 3 ම ජීවත්වන ජනගහනයට සමානව හෝමාගම ප්‍රදේශිය සභාවේ 236179 ක් ජනතාව ජිවත් වුවත් එක ප්‍රාදේශිය සභාවකි. එහි සිංහල ජනතාව 98% කට වඩා වැඩිය. (Link) කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 252941 ක් ජීවත්වන අතර එය ප්‍රාදේශිය සභාවක් ( වර්තමානයේ මහ නගර සභාවක්) ලෙස පාලනය වේ.

සමස්ථ රටතුල පරීපාලන වශයෙන් සම්පත් බෙදි යෑමේ සහ පරිපාලනය කිරිමේ ගැටලු රාශියක් තිබියදි නුවරඑළිය දිස්ත්‍රික්ය පමණක් ද්‍රවිඩ පක්ෂ විසින් තෝරාගෙන ඒ හරහා රටතුල විශාල ගැටලුවක් නිර්මාණය කරන්නේ අනාගත ඊලම හරහා “මලය නාඩුව” නිර්මාණය කිරිමට විය හැකි බවට සැකය තහවුරු වනුයේ උතුරු නැගෙනහිරින් ආරම්භ වන බලය බෙදීම අවසන් වනුයේ මධ්‍යම කඳුකරයෙන් විය හැකි බැවිනි.

මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්යේ සමස්ථ ජනගහනය 711644 කි, එය රටේ සමස්ථ ජනගහනයෙන් 3.5% කි. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි. ප්‍රාදේශිය සභා නගර සභා 8 කි, එහි සිංහල 40% සහ දෙමළ 56 % ක් ජිවත් වෙති. එහෙත් අලුත් යෝජනාවක් ලෙස දෙමළ පක්ෂ ඉල්ලා සිටින්නේ තවත් අලුතින් ප්‍රාදේශිය සභා 4 ක් වැඩිකල යුතුය යන්නයි. එනම් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වු ශ්‍රී පාදස්ථානය අයත් අඹගමුව ප්‍රාදේශිය සභාව ජනගහනය 21000 යි, එනම් හෝමාගම ප්‍රාදේශිය සභාවටත් (236179) වඩා කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් නුවරඑළිය ජනගහනය 19000 යි, ඊටත් කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් වෙන් කොට අලුතින් ප්‍රාදේශිය සභා 6 ක් නිර්මාණය කරන ලෙසයි. එහෙත් මන්නාරම් හෝ මුලතිව් දිස්ත්‍රික්යන් වල පිහිටි අනවශ්‍ය ජනගහන ඉතා අඩු ප්‍රාදේශිය සභා හෝ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එකතු කොට සමස්ථ රටේ ඇති ප්‍රදේශිය සභා ප්‍රමාණය නොඉක්මවා යන යෝජනාවක් එහි නැත. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයන් සඳහා උතුරු නැගෙනහිර හැර අනික් සමහර දිස්ත්‍රික්වල පසුගිය කාලයේදී එසේ අඩු වැඩි කලේය.

එමෙන්ම පසුගිය කාලය තුල දි පලාත් පාලන ආයතනයකන් සීමා නිර්නය කිරිමේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රිලනිප යට වාසි අන්දමින් සමහර ඡන්ද මධ්‍යස්ථාන දෙකඩ කැඩුවා කියා කෑ මොර දුන්හ, ඒත් අද ඒ දේශපාඥයන් රටේ සමස්ථ පරිපාලනය අවුල් කරමින් දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමක් මත ජනවාර්ගික පදනමින් ප්‍රදේශ කොටස් කොට පරිපාලන ඒකක නිර්මාණය කිරිම සම්බන්ධව නිහඬය. ඒ පැහැදිලිවම අනාගත උතුරු නැගෙනහිරින් බිහිවන ෆෙඩරල් රාජ්‍යයේ කන්ද උඩරට උප කලාපය මේ හරහා නිර්මාණය වනු දැකගැනීමට ඇති ආශාව නිසා විය හැකිය.

එමෙන්ම නැති ප්‍රශ්නයක් හරහා ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගොඩනැගු මෙම පරිපාලන ගැටලුව නිසියාකාරව විසඳා පලාත් පාලන මැතිවරණය මේ අනුව 2020 දි වත් පැවත්වීම සැක සහිතය. මෙය පිටුපස මේ වනවිට දෙමළ ඩයස්පෝරාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් පෙල ගැසි ඇත. විශේෂයෙන්ම වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයා වන මෙරටේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක හිමිකරු මෙහි පිටුපස සිටිම තවත් බරපතළ සැකයක් ඇති කරන්නකි. එයින් ජනතාව ස්වාධීන මැතිවරණ කොමිසම කෙරෙහි සැක උපදවයි. එමෙන්ම ජනතා පරමාධිපත්‍යය කෙරෙහි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඇති විශ්වාසය තවදුරටත් පලුදු කරන්නකි.

Lanka C News

0 comments: