Pages

Tuesday, May 6, 2014

යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?

නෙත ගැටෙන දසුන් සිත මවිත කරවීය. ඝන වනාන්තර තෙරක්‌ නොපෙනන මානයටම එළිපෙහෙළි කර තිබිණි. එළිපෙහෙළි වූ බිමේ තැන තැන පැල්පත් අටවා ඇති අයුරු ද පෙනේ. බැද්දට වන්නට තවමත් බුල්ඩෝසර තැනින් තැන පහුරුගාමින් සිටින අයුරු ද නෙත ගැටේ. බැකෝ යන්ත්‍රවලටවත් පෙරළිය නොහැකි මහ ගස්‌ තැන තැන පුළුස්‌සා දමා ඇති අයුරු දකින විට නම් සිත් මානය පත්තු වී යන්නේය. නැගෙනහිර වන පෙත් ප්‍රසිද්ධියේම නිරුවත් වෙමින් තිබෙන්නේය. ඉතාම සූක්‌ෂම අයුරින් වන පෙත් ජනාවාස බවට පත්වෙමින් තිබෙන්නේය.

අප මේ සිටින්නේ මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ මාන්තෛ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් සන්නාර් ප්‍රදේශයේය. මේ ප්‍රදේශයට ගිය අපට දැක ගන්නට ලැබුණේ ද විල්පත්තු උතුරු අභයභූමියේ මෙන්ම සීමා මායිම් නොමැතිව හිතුමතේ වනය කපා ඇති දසුනමය. 

වසර තිහක කුරිරු ත්‍රස්‌තවාදය නිමා වීමත් සමග උතුරු නැගෙනහිර ජනතාව නැවත හුස්‌ම ගන්නට පටන් ගත්හ. අලුතින් ජනාවාස ආරම්භ විය. 2011 වර්ෂය වන විට වන හා වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු භූමිය ද එළිපෙහෙළි කරමින් ගම්බිම් තැනීම ඇරඹිණි. මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විල්පත්තු අභයභූමිය සහ මාන්තෛ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සන්නාර් දමිල ගම්මානය ආශ්‍රිත මහා වන රක්‌ෂිත අනවසරයෙන් එළිපෙහෙළි කිරීම ආරම්භ වූයේ ද 2011 වසරේදීය. එමෙන්ම මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් අක්‌කර 1500 ක පමණ භූමි භාගයක්‌ දැනටමත් විනාශ කර ගම්බිම් තනා ඇති බව ද දැනගන්නට ලැබේ. එහෙත් මේ මහා වන විනාශය හමුවේ කොඳු නාරටි නොමැති බලධාරීන් තවමත් නිහඬව සිටීම මවිතයට හේතුවකි.

උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීමත් සමග මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ මරිච්චිකට්‌ටුව ප්‍රදේශයේ විල්පත්තුව උතුරු අභයභූමියෙන් අක්‌කර දෙසීය විස්‌සක්‌ සහ මාන්තෛ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සන්නාර් වන රක්‌ක්‍ෂිතයෙන් අක්‌කර තුන්සීය පනහක භූමි භාගයක්‌ වන හා වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු විසින් ජනතාවට නිදහස්‌ කර ඇත. එහෙත් තතු දත්තෝ පවසන ආකාරයට දැනටමත් එළිපෙහෙළි කර ඇති භූමි ප්‍රමාණය අක්‌කර හත්සියයකට වැඩිය. මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් මරිච්චිකට්‌ටුව ප්‍රදේශයෙන් නැවත වරක්‌ වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වන රක්‍ෂිතවලින් අක්‌කර හත්සීය විස්‌සක්‌ ජනතාවට මුදාහැරිණි. තතු දත්තෝ පවසන ආකාරයට දැන් ඒ ප්‍රමාණයටත් ඔබ්බට යමින් කැලෑ එළිපෙහෙළි කර හමාරය.

වන සංරක්‌ෂණ නීති රීතිවලට අනුව ඉඩම් නිදහස්‌ කිරීමේදී රජයේ මිනින්දෝරුවන් විසින් මැනුම් කටයුතු කර නිදහස්‌ කරන ප්‍රදේශ හඳුනාගත හැකි වන අයුරින් රක්‌ෂිත මායිම් ගල් දමා වෙන් කළ යුතුය. එමෙන්ම නිදහස්‌ කර බිම් තුළ කෙරෙන සංවර්ධන කටයුතුවලදී ඉවත් කරන ගහ කොළ රාජ්‍ය දැව සංස්‌ථාවට ලබාදිය යුතුය. එහෙත් මෙම ඉඩම් ලබාදීමේදී ඒ කිසිදු නීතියක්‌ වලංගු වී නැත. භූමිය සමග ගහ කොළද නිදහස්‌ කර ඇත. පදිංචිකරුවන්ගේ සිතැඟි පරිදි ගහ කොළ පත බාමින් තමන්ගේ නිවාස ඉදිකරගැනීමට අවශ්‍ය ප්‍රමාණය ගෙන ඉතිරිය විකිණීමට ද තහංචි නොමැත. එහෙයින් රජයට ලැබිය යුතු විශාල මුදල් ප්‍රමාණයක්‌ද අහිමිව ගියේය. එමෙන්ම මෙම ප්‍රදේශවල සීමා මායිම් වෙන් කර ඇත්තේ ජී. පී. එස්‌ තාක්‍ෂණය යොදා ගනිමිනි. නව තාක්‍ෂණය භාවිත කරමින් මැනුම් කටයුතු සිදුකිරීමට අගනේය. එහෙත් තවමත් රක්‍ෂිත සීමා හඳුනාගැනීමට මායිම් ගල් නොයෙදීම නිසා කැලෑ එළිපෙහෙළි කරන බුල්ඩෝසර රියෑදුරන් රිසි සේ කැලෑ කපති. අනුකම්පා විරහිතවම ඔවුහු කැලෑ කපති. සියල්ල පෙළ ගැසී ඇත්තේ නැගෙනහිර වන රක්‍ෂිත විනාශ වන අයුරිනි.

මන්නාරම දිස්‌ත්‍රික්‌කය යනු මෙරට උතුරු පළාතේ බටහිර වෙරළ තීරයට වන්නට පිහිටි සුන්දර ප්‍රදේශයකි. මන්නාරම් දිස්‌ත්‍රික්‌කයට අයත් භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් දෙදහස්‌ දෙසීයකි. ලංකාවේ වර්ග ප්‍රමාණයෙන් 3% කි. මෙම දිස්‌ත්‍රික්‌කය කොටස්‌ දෙකකට බෙදා වෙන් කළ හැකිය. එක්‌ පසක්‌ දූපතක්‌ ලෙසද අනෙක්‌ පස ගොඩබිම ලෙස ද හැඳින්විය හැක. එහෙත් වැඩි භූමි ප්‍රමාණය අයත් වන්නේ ගොඩබිම් ප්‍රදේශයටය. එමෙන්ම මන්නාරම දිස්‌ත්‍රික්‌කය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස පහකින් සමන්විතය. එනම් මන්නාරම, නානාට්‌ටාන්, මුසලි, මාන්තෛ බටහිර සහ මඩු වශයෙනි. ග්‍රාම නිලධාරී කොට්‌ඨාස එකසිය පනස්‌ තුනකින් සමන්විත මන්නාරම දිස්‌ත්‍රික්‌කය ගම්මාන පන්සිය අසූ හතකින් යුක්‌තය.

මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ වාන්කාලෙයි ජාත්‍යන්තර රම්සා තෙත් බිමද, නානාට්‌ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ යෝධ වැව අභය භූමියද, මඩු ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අලි, කොටි, වලසුන් මෙන්ම විවිධ සත්ව විශේෂ ජීවත් වන මඩු අභය භූමියද, මාන්තෛ බටහිර සහ මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසහි වන හා වන ජීවි සංරක්‍ෂණ රක්‌ෂියන්ද පිහිටා තිබේ. මේ වන රක්‌ෂිතවල අලි, කොටි, වලසුන් මෙන්ම දුර්ලභ වන සතුන් ද විශාල වශයෙන් වෙසෙති. විල්පත්තු අභයභූමිය, යෝධ වැව අභයභූමිය සහ මඩු අභයභූමිය එකිනෙකට යාව පිහිටා ඇති බැවින් මේ අභය භූමිවල සිටින සතුන් ද නිදහසේ අභයභූමි ත්‍රිත්වයේම සැරිසරනු ලැබේ. දැන් දැන් කැලෑ විනාශ කර ගම්බිම් තැනීම නිසා වසභූමි අහිමි වන සතුන් ගම්වැදීමට පටන් ගෙන ඇත. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මිනිසුන් සහ වන සතුන් අතර නිරන්තරයෙන්ම ගැටුම් ඇති වෙමින් තිබෙන්නේය. අවසානයේ වනයේ නිදහසේ ජීවත් වූ සතුන් අකාලයේ මිය දෙන්නාහ.

වන රක්‍ෂිත යනු ජාතික සම්පත්ය. සන්නාර්, මරිච්චිකට්‌ටුව හෝ මන්නාරම වෙනත් ප්‍රදේශ තුළ විනාශ කර දමන්නේ රටේ ජාතික වන සම්පතය. විවිධ ජෛව විවිධත්වයන් ගෙන් යුත් දුර්ලබ පරිසර පද්ධතීන්ය. එහෙත් වන සංරක්‍ෂණ නීති රීති මන්නාරමේ වන විනාශයට වලංගු නැත. මේ ප්‍රදේශවල ඇතැම් මිනිසුන් තම ජීවනෝපාය ලෙස තෝරාගෙන ඇත්තේ ද කැලෑ දර කැපීම බව අප මේ ප්‍රදේශවල සංචාරය කිරීමේදී දැනගන්නට ලැබිණි. එහෙත් රටේ වෙනත් ප්‍රදේශයක අභයභූමියකට ඇතුළු වී දර කෝටුවක්‌ අහුලා ගත් විට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන වන හා වන ජීවි සංරක්‍ෂණ නිලධාරීහු මාන්නරමේදී නැට්‌ට පශ්චත් භාගයේ ගසා ගත් ඇට රිළවුන් සේ එහෙට මෙහෙට වැනි වැනි සිටින්නාහ. වන සංරක්‍ෂණ නිලධාරීන් එතරම්ම බියගුළු තත්ත්වයට පත්ව ඇත්තේ මන්දැයි අපි නොදනිමු. එහෙත් එකම රටේ මන්නාරම දිස්‌ත්‍රික්‌කයට පමණක්‌ වෙනම නීතියක්‌ ක්‍රියාත්මක වන බව නම් අපට පැහැදිලිය. එමෙන්ම එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයෙන් උතුරු-නැගෙනහිර මුදාගත්තද නැගෙනහිර භූමිය නැවතත් අනතුරේ බව ද අපට හැඟිණි.

නැගෙනහිරට කාගේ නීතිය ක්‍රියාත්මක වුවද වන රක්‌ෂිතවල අයිතිය ඇත්තේ වන හා වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවලටය. එහෙයින් ප්‍රථමයෙන් මේ වන විනාශය ගැන විමසා බැලිය යුත්තේ ද වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවලිනි. එහෙයින්ම මන්නාරම කැලෑ නිරුවත් කිරීමේ දිග පළල සොයාබැලීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මන්නාරම දිස්‌ත්‍රික්‌ක භාර නිලධාරිවරයකු අපි දුරකථනය ඔස්‌සේ සම්බන්ධ කර ගත්තේමු.

"විශාල වන විනාශයක්‌ වෙන බව ඇත්ත. ඒත් ඒවාට කතා කරන්න බැහැ. මේ කැලෑ විනාශ කරන්නේ ආණ්‌ඩුවේ ප්‍රබල දේශපාලනඥයන්ගේ අනුදැනුම පිටයි. ඇස්‌ කන් පියාගෙන වෙන දේ බලාගෙන ඉන්නවා හැරෙන්නට ඔය ගැන කතා කරලා ජොබ් එක නැති කරගන්න බැහැ..." ඔහුගේ කතාවට නිදා සිටි රෝම කූපද නැගිටිණි. එහෙත් ඔහුට අපෙන් ගැලවීමක්‌ නොමැති විය. නැවත අපි පැනයක්‌ ඉදිරිපත් කළෙමු.

මේ රක්‍ෂිත හෙළි කරන්නේ කාගේ අවසරයෙන්ද?

මේක කරගෙන යන්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන්. ඒත් මේ විනාශයේ වරද කෙළින්ම එතුමා පිට පටවන්න බැහැ. ඇමැති මණ්‌ඩලයේ ඉන්නේ එතුමා විතරක්‌ නෙමෙයිනේ. තවත් ඉන්නවා. එකෙක්‌ වරදක්‌ කරනකොට අනිත් අය ඒ ගැන ප්‍රශ්න කරන්න ඕනා. කෝ... කවුරුවත් කතා කරන්නේ නැහැනේ. නැගෙනහිරට විතරක්‌ නෙමෙයි දැන් මුළු රටටම වැරදිලා තියෙන්නේ. ඒත් තවමත් මිනිසුන්ට හරියට තෙරෙන්නේ නැහැ...

මේවා කතා කරන්න ඕනා ප්‍රශ්න තමයි. ඒත් අපේ කටවල් වහලා තියෙන්නේ. මම මේ ටික වුණත් කියන්නේ ඔයලා ගැන විශ්වාස කරලා...

2011 වර්ෂයේ මැයි මාසයේ පරිසර තක්‌සේරුකරණයට අනුව උතුරු පළාතේ වන ජීවී රක්‌ෂිත දාසයක්‌ ප්‍රකාශයට පත් කර තිබේ. අභයභූමි පහක්‌ ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව තිබිණි. යාපනය කලපුව අභයභූමිය, නන්දිකඩාල් අභයභූමිය, වෙඩිතලතිව් තොන්ඩවේල් අභයභූමිය, කරවෙඩ්ඩි නාගර්කෝවිල් අභයභූමිය සහ වව්නිකුලම් අභයභූමියන්ය. එහෙත් වසර තුනක්‌ ගත වුවද එක්‌තරා පුද්ගලයකුගේ බලපෑම මත යෝජිත වැඩපිළිවෙළ තවමත් ක්‍රියාත්මකව නැත. වනජීවී සම්පත් අමාත්‍යාංශය හා විෂයභාර අමාත්‍යවරයා බලපෑම්වලට යට නොවී තම බලය රිසි සේ පාවිච්චි කර යෝජිත වනජීවී රක්‌ෂිත ප්‍රකාශයට පත් කර තිබුණා නම් අද මෙවැනි ගැටලු මතු නොවෙන්නට ඉඩ තිබූ බවද නම් ගම් හෙළි කිරීමට අකමැති වන සංරක්‍ෂණ නිලධාරියා අප සමග පැවසීය.

රටට ආලයක්‌ නොමැති මිනිසුන්ට රටේ ජාතික සම්පත්වලට හෙණ බිඳුණත් කම් නැත. ඔවුන්ට අවැසි තම ජීවත් වන වපසරිය පුළුල් කරගැනීම සහ තම බලය රැකගැනීම පමණි. මේ හෙණ ගෙඩිය අපේ රටට අද ඊයේ පාත් වූවක්‌ නොවේ. කාලයක සිටම මේ ඉඩම් කොල්ලය රටේ විවිධ ප්‍රදේශ තුළින් වරින් වර ඉස්‌මතු විය. නමුදු වෙනත් පළාත්වලට සාපේක්‍ෂව ඉඩම් කොල්ලය වැඩියෙන්ම සිදුවෙමින් තිබෙන්නේ නැගෙනහිර පළාතේය.

ගෙවල් දොරවල් නොමැතිව මිනිසුන්ට ජීවත් විය නොහැකි බව සැබෑය. එහෙත් ගෙවල් දොරවල්වල සුවසේ සිටීමට ගහ කොළ තිබිය යුතුය. එහෙයින් කැලෑ විනාශ කරන මන්දබුද්ධිකයන්ට අබ මල් රේණුවක්‌ තරම්වත් බුද්ධියක්‌ තියෙන අය කැලෑවල වටිනාකම තේරුම් කර දිය යුතුය.

තරංග රත්නවීර, රුවනි පෙරේරා
http://www.divaina.com/2014/05/04/feature17.html

සබැඳි ලිපි - 
[විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: