බුදු දහමට අනුව සාංඝික දේපළ හොරා කෑම මංකොල්ල කෑම දිට්‌ට ධම්ම වේදනීය කර්මය පලිසන් දෙන මහා පාප කර්මයක් වේ. නමුත් තිස්‌තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා සිටියත් සාංඝික දේපළ හොරාකෑම, මංකොල්ල කෑම නතර කිරීමට කිසිම දෙවියෙකුට අද නොහැකි වී තිබේ.
ඒ, වෙන කිසිවක් නිසා නොවේ, දෙවියන්ටත් රටේ නීතියටත් වඩා ඉහළින් දූෂිත දේශපාලනඥයන්, සිවුරු පොරවාගත් දුස්‌ශීල චීවරධාරීන් සහ නිළමේලා බලවත් වී සිටීම හේතුවෙනි.
අද "දිවයින ඉරිදා සංග්‍රහය" තුළින් අපි අනාවරණය කරන්නේ විහාර දේවාලගම් සතු ඉඩම්වලට අද අත්වී ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳවයි.
සිංහල රාජවංශයේ පළමු රජු ලෙස සැලකෙන විජය කුමරු ඇතුළු හත් සියයක් පිරිස ලක්‌දිවට ගොඩබැස්‌සේද බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පානු පිණිස මල්ල රජදරුවන්ගේ උයනට වැඩි දිනයේමය. එහිදී බුදුරජාණන් වහන්සේ සක්‌දෙව් රජු අමතා "දේවේන්ද්‍රය සිංහබාහු රජුගේ පුත්‍ර විජය කුමරා පිරිවර සත්සියයක්‌ද සමඟ ලාට රටින් ගොස් අද ලක්‌දිවට ගොඩ බැස්‌සේය. මගේ ශාසනය ලක්‌දිව පිහිටන හෙයින් පිරිවර සහිත ඔහුද ලංකාවද හොඳින් ආරක්‍ෂා කරව"යි වදාළ සේක.
ඒ අනුව ලංකාවත් සම්බුද්ධ ශාසනයත් ආරක්‍ෂා කිරීමේ වගකීම සක්‌දෙව් රජු විසින් විෂ්ණු දෙවියන්ට පවරන ලදී.
විහාර සහ දේවාල පිළිබඳ කතාව ආරම්භ වන්නේ දේවානම් පියතිස්‌ස රජු සමයේ සිදුවූ මහින්දා ගමනයෙන් පසුවයි. විහාර සහ දේවාල සතු ඉඩම් යනු අපේ අතීත රජ දරුවන් විසින් විහාර සහ දේවාල සඳහා පරිත්‍යාග කළ ඉඩම් වේ.
ඉතිහාසයේ සඳහන් අන්දමට මහා සංඝරත්නය වෙත සඟ සතුකොට පූජා කළ පළමු ඉඩම වන්නේ මහාමෙවුනා උයනයි. එදා සිට ලක්‌දිව පාලනය කළ රජවරුන්, රජ බිසෝවරුන් ඇමැතිවරුන් රට පුරා විහාර ආරාම කරවා ඒ සඳහා ගම් බිම් පූජා කිරීම සිදුකර තිබේ.
මහා විජයබා රජතුමා ශ්‍රී පාදස්‌ථානය සඳහා හැල් කෙත් ආදියෙන් සමෘද්ධිමත් වූ ගිලීමලය පූජා කිරීම මේ සඳහා දිය හැකි එක් නිදසුනකි.
මීට අමතරව දළදා මාළිගාව, කතරගම මහා දේවාලය, දීඝවාපි විහාරය, ජයශ්‍රී මහා බෝධිය, සමන් දේවාලය ඇතුළු වෙහෙර විහාර ගණනාවක් සඳහා ගම් බිම් පූජා කර තිබේ.
විහාරස්‌ථානවලට දේවාලවලට ගම්බිම් පූජා කිරීමේදී රජවරුන් විවිධ ක්‍රම අනුගමනය කර තිබේ. එක ක්‍රමයක් වන්නේ මුල්ගලේ සිට හූවක දුර ප්‍රමාණයේ පිහිටි ඉඩම් ලබා දීමයි. එනම් එක් තැනක සලකුණක් යෙදූ ගලක් සවිකර එම ස්‌ථානයේ සිට හූව ඇසෙන මානයේ පිහිටි සියලුම ඉඩම් මායිම් ලකුණුකොට ලබාදීමයි.
ඊට අමතරව අඬබෙරයේ හඬ ඇසෙන දුර ප්‍රමාණයේ පිහිටි ඉඩම් ලබා දීම තවත් ක්‍රමයකි. මීට අමතරව ගම්මාන පිටින්ම ලබා දීමද සිදුකර තිබේ. විහාරගම්, දේවාල ගම් නින්දගම් ලෙස හැඳින් වෙන්නේ මේ ආකාරයට ලබාදුන් ගම්මානයි. මීට අමතරව කුඹුරු යායවල් සහ පොල්වතුද සන්නස් මගින් ලබාදී ඇත. මේ පිළිබඳව තොරතුරු සෙල්ලිපි වලද සඳහන් වේ.
රජවරුන් විසින් විහාර සහ දේවාලවලට ගම් බිම් පරිත්‍යාග කරනු ලැබුවේ විහාර සහ දේවාල සංවර්ධනය කිරීමේ පියවරක් ලෙසයි. නැතිනම් එම විහාර සහ දේවාල කේන්ද්‍රකොටගෙන සිදුකරගෙන ගිය සමාජ ආර්ථික දේශපාලනික කටයුතු පහසු කිරීම සඳහායි. විශේෂයෙන්ම පෙරහැර මංගල්‍ය කටයුතු බාධාවකින් තොරව සිදු කිරීම සඳහායි.
වැවයි දාගැබයි ගමයි පන්සලයි යනු අපේ ජාතිය ගොඩනැඟූ ආගම පෝෂණය කළ අපිට හොඳ නරක කියාදුන් මහා හෙළ සංස්‌කෘතියේ පදනමයි.
ගමේ සෑම පොදු කටයුත්තකදීම මුල් තැන හිමිවූවේ ගමේ පන්සලටයි. ගමේ පන්සලේ හාමුදුරුවන්ටයි. මේ නිසා ජාතියේ මුර දේවතාවුන් වහන්සේලා බවට බෞද්ධ භික්‍ෂුව පත්විය.
1815 දී අත්සන් කළ උඩරට ගිවිසුමත් සමඟ මුළු රටම ඉංග්‍රීසීන්ට යටත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස බුදු දහමටත් විහාර සහ දේවාලවලටත් කණකොකා හඬන්නට විය. විහාර සහ දේවාලගම් සතුව පැවැති ඉඩම්වලට සෙනසුරා ලැබුවේ ඉංග්‍රීසීන් විසින් ගෙනා මුඩු බිම් පනත හේතුවෙනි. මුඩු බිම් පනත හරහා ඉංග්‍රීසීන් විසින් ඉතා අසාධාරණ ලෙස විහාර සහ දේවාල සතුව පැවැති ඉඩම් අක්‌කර දහස් ගණනක් රජයට පවරා ගන්නා ලදී.
මෙම ඉඩම් මංකොල්ලයට විරුද්ධව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා විරෝධය පළ කළත් ඉංග්‍රීසීන් එය තුට්‌ටුවකටවත් මායිම් කළේ නැත. නමුත් සර් හෙන්රි මැක්‌ලම් ආණ්‌ඩුකාරවරයාගේ කාලයේදී මිහින්තලේ සහ අනුරාධපුරයේ විහාරස්‌ථානවලට අයත් ඉඩම් ඉංග්‍රීසීන් විසින් ආණ්‌ඩුවට අත්කර ගැනීමට යැමේදී මිහින්තලේ විහාරාධිපති කුඹුක්‌වැවේ රේවත හිමියන් සහ වීරපොකුණේ ගුණරතන හිමියන් දැඩි ලෙස විරෝධය පළකිරීම නිසා විහාරස්‌ථාන සතුව පැවැති ඉඩම්වලින් කොටසක් පමණක් ඉතිරිකර ගැනීමට හැකිවිය. නමුත් ඉතිරි ඉඩම් සියල්ල රාජසන්තක කරන ලදී.
ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 25332 ක් වේ. අක්‌කර වශයෙන් එය 16032229 ක් වේ. 1958 වර්ෂය අවසානය වන විට මහා භාරකාර දෙපාර්තමේන්තුව යටතේ රුපියල් දාහකට වැඩි සම්පූර්ණ ආදායමක් සහිත සිද්ධස්‌ථාන 171 ක් සහ රුපියල් 10000 කට වැඩි ආදායමක් සහිත සිද්ධස්‌ථාන 22 ක් මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය විය. මෙයින් වැඩිම ආදායමක් සහිත සිද්ධස්‌ථානය බවට ශ්‍රී පාදස්‌ථානය පත්වී තිබුණි. එම ආදායම රු, 70100 කි. අඩුම ආදායමක් ලබා තිබූ සිද්ධස්‌ථානය බවට පත්ව තිබුණේ පුහුල්පිටිය විහාරයයි. එම මුදල රු. 10419 කි.
ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනත යටතේ අක්‌කර 50 ට වැඩි ඉඩම් රජයට පවරා ගැනීමේදීද විහාර සහ දේවාල සතුව පැවැති ඉඩම් හෙක්‌ටයාර් 12602 දශම 42 ක් රජයට පවරාගෙන තිබේ. මෙම ඉඩම් පවරාගෙන තිබෙන්නේ රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, මාතලේ සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කවලිනි. රට පුරා පිහිටි විහාර සහ දේවාල සතුව මේ වන විට ඉඩම් කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු නැත. නමුත් විහාර සහ දේවාල සතුව විශාල ඉඩම් ප්‍රමාණයක් තිබෙන බව නම් ඉතා පැහැදිලිය.
ඓතිහාසික හා පූජනීය වශයෙන් අතිශය වැදගත් ඇතැම් විහාරස්‌ථාන සහ දේවාල සතුව තිබෙන ඉඩම් පිළිබඳව එහි පාලකයන්වත් හරි හැටි දන්නේ නැත, මේ නිසා එම ඉඩම් වලින් ලැබෙන ආදායම් නිසිපරිදි එම විහාරස්‌ථාන සහ දේවාලවලට ලැබෙන්නේ නැත. එම ආදායම් භුක්‌ති විඳින්නේ ශාසනික සහ ආගමික කටයුතු වලට කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයින් විසිනි. මේ සඳහා සෘජු ලෙසම හේතු වී තිබෙන්නේ විහාරස්‌ථානවල සහ දේවාලවල පරිපාලන කටයුතු සිදුකරන පුද්ගලයින්ට මෙම ඉඩම්වල වටිනාකම පිළිබඳව නිසි අවබෝධයක් නොතිබීමයි. නැතිනම් ඉඩම් කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳව නිසි දැනුමක් නොතිබීමයි.
භික්‍ෂුන් වහන්සේලාට ගිහියන් මෙන් වැට මායිමට බිම් අඟලට අල්ලපු වත්තේ සිටින දායකයා සමඟ රණ්‌ඩු සරුවල් කිරීමට පොලිසිගානේ උසාවි ගානේ රස්‌තියාදු වීමට හැකියාවක් නැත. භික්‍ෂුන් වහන්සේලා දායකයන් සමඟ රණ්‌ඩු සරුවල් කරමින් ගමේ ගැහැනු මෙන් උසාවි ගානේ පොලිසි ගානේ යන්න පටන් ගත්තොත් පිරිහෙන්නේ බුද්ධ ශාසනයයි.
සත්‍ය සහ යථාර්ථය එය වුවත් අද පවතින සමාජ ආර්ථික පසුබිම තුළ භික්‍ෂුන් වහන්සේලා අහක බලාගෙන සිටිය හොත් අපේ මිනිස්‌සු නතර වෙන්නේ පන්සලේ ඉඩම පමණක් නොව පන්සලද බලහත්කාරයෙන් අල්ලා ගැනීමෙන් පසුවයි. ඉස්‌සර විහාරාධිපති හිමිවරුන්ට, බස්‌නායක නිලමේවරුන්ට, ගමේ දායකයන්ට තිබුණේ පන්සල් වත්තේ තිබෙන පොල් ගෙඩිය කඩාගෙන යන, කෙහෙල් කැන කපාගෙන යන, පිං කැටය කඩාගෙන යන හොරුන්ගෙන් පන්සල ආරක්‍ෂා කර ගැනීමට පමණි. නැත්නම් දේවාලය ආරක්‍ෂා කිරීමට පමණි.
නමුත් අද පන්සල දේවාලය පමණක් නොව පන්සල දේවාලය සතු සියලුම දේ ආරක්‍ෂා කර ගැනීමට සිදුව ඇත. අද එක පැත්තකින් නිධන් හොරුය. අනෙක් පැත්තෙන් ඉඩම් හොරුය. මේ බහිරවයන්ගෙන් බේරී සිටීම ලෙහෙසි නැත.
විහාර දේවාලගම් නීතිය යටතේ පාලනය වන ඉඩම් නීති විරෝධී ලෙස බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. නමුත් දැන් විහාර දේවාලගම් නීතියේ ඇති හිඩැස්‌වලින් ඉතා සූක්‍ෂම ලෙස රිංගා ගොස් විහාර දේවාලගම් සතු ඉඩම් අක්‌කර 5000 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට විවිධ පුද්ගලයන් විසින් අත්පත්කර ගෙන තිබේ.
මෙලෙස අත්පත්කරගත් ඉඩම්වල සමහරු පවුල් පිටින් පදිංචි වී සිටින අතර තවත් පිරිසක් ව්‍යාපාරික ස්‌ථාන පවත්වාගෙන යමින් විශාල වශයෙන් ආදායම් උපයමින් සිටී. ඒ වගේම කුඹුරු ඉඩම් අත්පත් කරගෙන සිටින පරිස් ඒවා තමන්ට කැමැති පිරිදි භුක්‌ති විඳිමින් පරිහරණය කරකි. එපමණක් නොවේ විහාර දේවාලගම් සතු ඉඩම්වල තිබෙන වටිනා ගහකොළද සමහරු කපා විකුණාගෙන කයි.
විහාර දේවාලගම් පනතේ ක්‍රියාකාරිත්වය පිළිබඳවද දැන් බරපතළ ගැටලු මතුවී තිබේ. මේ සඳහා දිය හැකි හොඳම නිදසුන කතරගම දෙවියන්ට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අවුරුදු පහකට වරක් බස්‌නායක නිලමේවරයකු පත්කර ගැනීමට ඇති අයිතිය අහිමිකර තිබීමය.
කතරගම දෙවියන්ටත් මේ වැනි අසාධාරණකම් වෙනවා නම් මේ රටේ සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතා දැයි ජනතාව ප්‍රශ්න කරයි. දේවාලවල නිලමේ තනතුර ගරු ගාම්භීර තනතුරකි. ඒවගේම ආගමික සහ ශාසනික කටයුතුවලදී ගිහියෙකුට ලබාගත හැකි ඉහළම තනතුරයි. මෙම තනතුරුවලට මුල් කාලයේදී පත්වූවේ ආගම දහමට ලැදි බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා සමඟ ළඟින් ආශ්‍රය කළ සිරිත් විරිත් දන්නා රට ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටි ප්‍රභූ පවුල්වල නායකයන්ය. නැත්නම් බෞද්ධ නායකයන්. ඔවුන් තමන්ගේ වගකීම නිසිලෙස රට වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළේය.
ඔවුන් කිසිම වෙලාවක විහාර දේවාල සතු මුදල් දේපළ කොල්ලකෑවේ නැත. ඔවුන් පන්සලේ වේවා දේවාලයේ වේවා සංවර්ධන කටයුතු සඳහා වැය කළේ තමන්ගේ පෞද්ගලික දේපළයි. එම නිසා ධර්ම සංගායනාවක් සිදුකොට දුශ්ශීල භික්‍ෂුන් ශාසනයෙන් පන්නා දමා සම්බුද්ධ ශාසනයත් රටත් එක්‌සේසත් කිරීමට දැන් කාලය උදා වී තිබේ.
ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/05/04/feature23.html

0 comments:
Post a Comment