Pages

Tuesday, May 6, 2014

මුසලුවන්ට එරෙහි රටේ මතවාදය සාධාරණද?

ඔබත්,මමත් ඉපිද සිටිනුයේ මහා ආශ්වාදාත්මක බිමකය. මේ බිමේ අපි ශීත සෘතුවේ ගල් වෙන්නේ නැත. කාන්තාරයේ පිච්චෙන්නේ නැත. ගිනි කන්දට බයේ පැනයන්නේ නැත. භූමි කම්පාවෙන් පෙරළෙන්නේ නැත. 

තවමත් කලට වැසි වසින්නේය. හාත්පස විහිදුණු නිල්ලය. උල්පත් ජලය අගනේය. මැණික්‌ මතුවන්නේය. මැද කඳුකරයේ ඒ අත සිසිල්ය. මේ අත උණුසුම්ය. සියල්ල සමබරය. සොබාදම් මාතාව කිසිදු අඩුවක්‌ කර නැත්තේය.

මේ සොඳුරු දිවයින සොබා පරිසරයෙන් මහා ආශිර්වාදයක්‌ ලබද්දී, මේ දිවයිනේ වෙසෙන ඇත්තන්ට මහා ආධ්‍යාත්මික ආශිර්වාදයක්‌ බවට පත්වෙමින් බුදුදහම ලැබිණි. සොබාදහමෙන් පෝෂණය වූ රටේ ඇත්තන්ට මේ මහාර්ඝවූ ධර්මයෙන් පෝෂණීය ආධ්‍යාත්මයක්‌ ලැබිණි. ඒ දහම් හික්‌මීම ඔස්‌සේ ශිෂ්ටත්වයේ උපරිමයට ගිය, මේ මිහිපිට සිටින විශිෂ්ටතම ජාතියක්‌ බිහිවිය. සිංහල ජාතියේ යශෝරාවය මෙලොව ඉක්‌මවා දෙව්ලොව දක්‌වා පැතිර ගියේය. දෙවියෝද නමස්‌කාර කරන රහතන් වහන්සේලා, මාර්ගඵලලාභීහු මේ සිංහල සමාජයෙන් බිහිවූහ. සිංහල සමාජයේ ශාස්‌තෘන් බවට පත්වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ යනු සමස්‌ත විශ්වයේම සියලු සංසිද්ධීන් ප්‍රායෝගිකව හැදැරූ තුන් ලොව මහා ඇදුරාණන්වහන්සේ විය. 

'දුක්‌ඛෝ ලෝකෝ පටිට්‌ඨතා' (ලෝකය දුක මත පිහිටයි) යෑයි උන්වහන්සේ වදාළේ, ආශ්වාදයෙන් එපිට සැපයක්‌ නොදැන ඉපදීම, වයසට යැම, ලෙඩවීම, මරණය නමැති චක්‍රයේ සදාකල්හී රවුම් ගසන මිනිසුන්ගේ මෝහය නැමැති අන්ධකාරය, ප්‍රඥාවෙන් ආලෝකවත් කරමිනි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ අවසන් ඉලක්‌ක වුණේ දුකෙන් වෙලීගත් ලෝකයට නැවත ඇසිල්ලක කාලයකට හෝ නොඑන පරිදි අහිංසක සත්වයා සදහටම මේ සසර දුකෙන් එතෙර කිරීමය. එනම් නිවනය. ඒ නිවන් ගමනේ මුල, මැද, අග තුනම අතිශයින් නිර්මලය. අවිහිංසාවාදීය. මෛත්‍රීසහගතය. සුන්දරය.

මේ දිවයිනේ වෙසෙන බෞදධයාගේ ජීවන රටාවද ඒ උතුම් දහමට අනුව නිවුණේ විය. ලෝකය පසුපස හඹානොගිය මේ ශික්‍ෂාකාමී ජනතාවගේ ක්‍රියාකාරීත්වයේ වේදිකා වූයේ පන්සල සහ බත සපයන කෙතයි. බෞද්ධ ශික්‍ෂණය තුළ උපන් මේ ජනතාවගේ මානසික ඒකාග්‍රතාවය හතර අතේ නොදුවා, සරල අරමුණු කිහිපයකට පමණක්‌ යොමුවූ බැවින් ඔහු එකී විෂයන්හී අතිශයින් ක්‍රියාකාරී වූහ. එහෙත් දහමෙන් හික්‌මුණු මේ ජනතාව ප්‍රතික්‍රියා නොකළ පිරිසක්‌ විය. 

එනිසාම සේද මාර්ගයේ වෙළෙඳාමේ ගිය මුස්‌ලිම් වෙළෙන්දෝ 8 වැනි ශතවර්ෂයේ පටන් කලින් කලට මේ දිවයිනේ තැනින් තැන බින්න බහිද්දී එයට ප්‍රතික්‍රියා දැක්‌වීමට හෙවත් එයට එරෙහි වීමට නොගියහ. කාන්තාවන් රැගෙන නොපැමිණි මේ මුස්‌ලිම් වෙළෙන්දෝ මෙරට දමිළ වර්ගයා සමග පවුල්වී බුදුන්ට පිදූ මේ දේශයේ මුස්‌ලිම් වර්ගයා බෝ කරද්දී එය වළකාලන්නට කඩු එසවූයේ නැත. පෘතුගීසීන් මෙරට සිටි යුගයේදී ඉස්‌ලාම් ලබ්ධිකයන් ඔවුන් අතින් හිංසාවට ලක්‌වන කල කන්ද උඩරට රජකළ සෙනරත් රජතුමා සහෝදර ජාතියක්‌ ලෙසින් සලකා රජුගේ පාලනය යටතේ පැවැති කන්ද උඩරට සහ නැගෙනහිර පළාත් හි මේ හිංසාවට ලක්‌වූ මුස්‌ලිම්වරුනට රැවරණය ලබාදුන්නේය. අද ද කන්ද උඩරට සහ නැගෙනහිර රැඳී සිටින මේ මුස්‌ලිම් ජාතියට එසේ ඉන්නට හැකිව තිබෙන්නේ බෞද්ධ රාජ්‍යයක්‌ යටතේ එදා ලද කරුණාව හේතුවෙනි.

බෞද්ධ බහුතරයක්‌ සිටින මේ රට තුළ මුස්‌ලිම් ජාතියට ලැබුණු සැනසිල්ල එසේ වුවද, මුස්‌ලිම්වරුන් බලසම්පන්න වූ හෝ මුස්‌ලිම් බහුතරය තුළ බෞද්ධයාට සැලකුවේ මෙයට හාත්පසින්ම වෙනස්‌ අයුරකිනි. එදා බෞද්ධ පෙදෙස්‌ වූ වත්මන් ඇෆ්ගනිස්‌තානය, ඉන්දුනීසියාව, බංගලිදේශය, පකිස්‌තානය සහ මාලදිවයින ආදිය මුස්‌ලිම් රටවල් බවට පත්වූයේ හිංසාවට ගොදුරුවීමෙන්ද නැතිනම් ඉස්‌ලාම් ආගමේ හරපද්ධතියක්‌ දැකීමෙන් දැයි ලෝකයා දනී. අද බොහෝ මුස්‌ලිම් රටවල් බුද්ධ රූපයට ද වෛර කරති. බෞද්ධ සංකේතයක්‌ සන්තකයේ තබා ගැනීම පවා මේ රටවල වෙසෙන්නකුට දැඩි දඬුවම් හිමිවීමට හේතුවකි. 

ශ්‍රී ලංකාවේ සිටින සිංහල බෞද්ධ ජනතාව මේ තත්ත්වය නොදැන සිටින්නෝ නොවෙති. මුස්‌ලිම් බලය ඉදිරියේ බෞද්ධයාට, බුදුහමට ඇති හිංසාව ඔවුහු හොඳින් දනිති.

මෙරට තුළ මුස්‌ලිම් වර්ගයාගේ සමහරක්‌ හැසිරීම්ද ඔවුහු දකිති. නැගෙනහිර බෞද්ධ උරුමය මුස්‌ලිම් බලය මතින් ඩෝසර් වන අයුරු ඇස්‌ කන් පිහිටා ඇති බෞද්ධයෝ දකිති. අසති. දනිති. මුස්‌ලිම් බහුතරය රැස්‌වූ විට පවා ඔවුන්ගේ සමහරක්‌ හැසිරීම් සිංහලයා තුළ අසතුට ඇතිකරන්නේය. සිකුරාදාට පල්ලියේ දේව මෙහෙය අහවරව රෑන් පිටින් ඔවුන් විසිර යන්නේ පාරවල් බදුගත් පරිද්දෙනි. මුස්‌ලිම්වරු බහුල පෙදෙස්‌හි ඔවුන් පාර මාරුවෙන්නේ පවා දැඩි අවිනයකිනි. එය 'අපේ ඒරියා එකේ අපිට ඕනා විදිහක්‌ ' යෑයි නොකියා කියන ආකාරයේ දෙයක්‌ ලෙසිනි. මැදහත්ව බලන කෙනකු දකින්නේ. මුස්‌ලිම්වරු වෙසෙන කල්මුනේ නගරයේ යතුරුපැදිවල ඔවුන් ගියේ හෙල්මට්‌ රහිතවය. දකුණේ නම් පැන පැන දඩකොළ ලියන රාළහාමිලා, පඹයන් මෙන් මෙදෙස බලාසිටිද්දී එය දකින සිංහලයාට දැනුණේ 'අපිට එක නීතියක්‌. මුන්ට වෙනම නීතියක්‌ ' ලෙසිනි. හෙරොයින් ජාවාරම ආදී මෙරට මහා ව්‍යසනයන්ගේ මුල් පුරුක්‌ සියල්ල මුස්‌ලිම් ජාතිකයන් විය. සිංහල බෞද්ධයාට, මුස්‌ලිම්වරයා දෙස වපරැහින් බලන්නට හේතු සැකසීමට මෙවැනි හැසිරීම්ද හේතුවිය. 

20 වැනි ශතවර්ෂය ඇරඹෙද්දී ලක්‍ෂ 2ක්‌ වූ මෙරට මුස්‌ලිම් ජනතාව, එම ශතවර්ෂය අවසන් වනවිට මිලියන 2ක්‌ දක්‌වා දස ගුණයකින් වැඩිවන්නේය. අද මෙරට ජනතාවගෙන් 9%කට වැඩි පිරිසක්‌ මුස්‌ලිම්වරුය. කොටින්ම සෑම දසදෙනකුගෙන්ම එක්‌ අයෙක්‌ මුස්‌ලිම්වරයෙකි. මුස්‌ලිම්වරුන්ගේ ගහණය මෙලෙස දැවැන්ත ලෙස වර්ධනය වීමද මෙරට මහජාතිය තැතිගැන්මකට ලක්‌කළේය. සිංහලයා මහ ජාතිය වුණත්, සුළු ජාතියක්‌ වූ මුස්‌ලිම්වරයාට 'මහ ජාති' දමන්නට නොගිය සිංහලයා මෙතෙක්‌ මේ දෙස ප්‍රතික්‍රියා රහිතව බලාසිටියෙ. සිංහලයා ප්‍රකෝප වුවද, ලොව සමස්‌ත මුස්‌ලිම් ප්‍රජාවේ ප්‍රකෝපයට සාපේක්‍ෂව එම හැසිරීම අතිශයින් අහිංසකය. මුස්‌ලිම් බහුතරය විසින් බංගලිදේශයේ චිතගොංහි බෞද්ධයා මඩින ආකාරයේ ක්‍රියාවලට මෙරට බෞද්ධයා කිසිවිටෙකත් නොගියහ. මේ දක්‌වාම තත්ත්වය සාමකාමීය. බොදු බල සේනාව හෝ සිංහල රාවය හෝ සිය අත්වල ලේ ගාගන්නා ම්ලේච්ජ තැනට වැටී නැත. මාර ධර්මයන්ට නතුව දිනෙන් දින පරිහානියට යන ලෝකය විසින් නිර්මල බොදු සිත කෙලෙස්‌වලින් කම්පා කරවන අවස්‌ථා ඇතත්, උත්තම දහමක හරපද්ධතිය තවම බෞද්ධයා තුළ සිඳී ගොස්‌ නැත. මුස්‌ලිම්වරයාගේ හැසිරීම් ඉදිරියේ අප පාවා නොදිය යුත්තේද ඒ හරපද්ධතියමය. 

සිංහල බෞද්ධයා විසින් එය රැකගන්නා තාක්‌කල් මෙන්ම මුස්‌ලිම් සහෝදරයන් විසින් එය තේරුම්ගන්නා තාක්‌කාල් මේ සුන්දර රටේ අප දෙගොල්ලන්ට සුන්දර ජීවිතයක්‌ ඇත්තේය. දෙමළ ඊළම විසින් ඇතිකළ දශක 2ක්‌ ඉක්‌මවා ඇදී ගිය යුද්ධයෙන් නොවිඳිනා දුක්‌ විඳ, 'වෙන්ව මරාගැනීමේ කරුමය' හොඳින් දන්නා අපි තවත් කරුමයක්‌ කරගසා ගැනීමට සැරසේ නම් එය මහා අනුවණකමකි.

මෙය තේරුම්ගත යුත්තේ බොදුබල සේනාව හෝ සිංහල රාවය විසින් නොව, රට කරවන පිරිස විසිනි. බහුතර සිංහල ජාතිය විසිනි. බහුතර සිංහල ජාතිය ප්‍රධාන පක්‍ෂ කිහිපයක්‌ අතර බෙදී තම බලය අවම කරගනිද්දී, මුස්‌ලිම්වරු ජාතිය මත පිහිටා ඡන්දය දෙති. අවසානයේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට තීරණාත්මක සාධකය වන්නේ මේ සුළුජාතික ඡන්ද පදනමයි. එහි ප්‍රතිඵලය නම් බල්ලාට අනුව නගුට වැනීම වෙනුවට නගුටට අනුව බල්ලා වැනීමය. විල්පත්තු ජාතික වනයේ මුස්‌ලිම් කොලණි බිහිවනතුරු රජයකට නපුංසක ස්‌වරූපයෙන් කරබාගෙන සිටින්න සිදුවන්නේ මේ නිසාය. පෙර සිටි රජවරු ජාතිය සහ ආගමට මුල්තැන දුන්නද ඡන්ද පදනම තුළ බිහිවන පාලකයන්ට එවැනි පෞරුෂයක්‌ නැත. ආණ්‌ඩුව අටවාගැනීම ඉදිරියේ මේ පාලකයන්ද අසරණය. 

රටක්‌ ඉදිරියට යා යුතතේ ඒ ඒ ජනවර්ගයාගේ දායකත්වය මතිනි. එය රිද්මයකි. ඒ රිද්මය රැකගැනීම උදෙසා ජාති භේදයකින් තොරව රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. ජාතීන් අතර සංයුතියේ සමාන්තර බව රැකෙන සේ නව නීති ගෙන ආ යුතුය. විනය සුරැකිය යුතුය. ලොව අංක එකේ ත්‍රස්‌තවාදියාව කන්කෙටියෙන් අල්ලා පොළොවේ ගැසූ ආණ්‌ඩුවකට මෙය කරන්නට නොහැකියෑයි සිතිය නොහැකිය. මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් හෝ ඇමති බදුර්දීන් නොවේ. ඤාණසාර හිමියන් මෙන්ම බදුර්දීන්ද පෙන්වා දෙන සාධාරණ ප්‍රශ්න වේ නම් එයට ඇහුම්කන්දී සාධාරණ විසඳුමක්‌ සහිතව සිංහල මුස්‌ලිම් දෙපිරිසේම බලයෙන් රට ඉදිරියට ගෙනයැම ආණ්‌ඩුවේ කාර්යයකි. එල්.ටී.ටී.ඊ ය පරදවන්නට දිවි පරදුවෙන් සහය දුන් නිලාබ්දීන්ලාගේ නාමයෙන් ඤාණසාර හිමි පරපුර සාධාරණ විසුමකට එකඟවිය යුතුය. එදා තම වරිග පරම්පරාවම රැකදුන් සෙනරත් රජුගේ නාමයෙන් බදුර්දීන් පරපුරද එතැනට පැමිණිය යුතුය. 

සිංහල බෞද්ධයා 'හය හතර' දන්නේය. 'හය' යනු දිව්‍යලෝක හයයි. 'හතර' යනු සතර අපායයි. හතර අපායට යැමට බෞද්ධයකු විය යුතු නැත. පවට බිය නොවීම ඒ සඳහා ප්‍රමාණවත්ය. නමුත් දිව්‍ය ලෝක කරා යැමට නම් පින, කුසලය හඳුනාගෙන තිබිය යුතුය. ඒ හඳුනන්නා බෞද්ධයාය. මේ සිදුවෙමින් පවතින්නේ අප ශාස්‌තෘන්වහන්සේ පැවසූ දෙයමය. දිනෙන් දිනම ලෝකයා පින කුසලය අමතක කරමින් වෙනත් බොළඳ ඉලක්‌ක පසුපස හඹායන්නේය. අකුසලය විසින් ලොව ආධිපත්‍යය සියතට ගන්නේය. එයට අනුව කුසලය හඳුනන ජාතීන් වඳවී යමින් මාර ධර්මයට අනුකූලවන ලෙස ලොව සංයුතිය සකස්‌ වෙන්නේය. බෞද්ධයන් මෙය තේරුම්ගන්නේ නම් යෙහෙකි. මේ උතුම් ධර්මයේ හරය විඳින්නට හෙට මේ ලොවට වරම් නැතිනම් බෞද්ධයාට චාතුර්මහාරාජික, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය යන ලෝක 6ක්‌ තිබේ. ඒවා ඔබ අප සිටින මේ සුන්දර දිවයින මෙන් දස දහස්‌ ගුණයකින් සශ්‍රීකය. මෙහි වෙසෙන්නට බැරිම වුවත් එකී දිව්‍යලෝක හයෙන් එකක සිත පිහිටුවා මරණින් මතු එහි යැමේ හැකියාව බෞද්ධයාට ඇත්තේය. සතුටුවන්නට කාරණා මිස, දුක්‌වන්නට කාරණා බෞද්ධයාට නැත. අපි ලොව උත්තම දහමක උපන් පිංවත් මිනිසුන් ලෙසින් නොගැටී මේ ප්‍රශ්නයට මුහුණදෙමු. ප්‍රතික්‍රියාව ලෙස 'හපාකෑම' බෞද්ධයාගේ ක්‍රියාව නොවේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2014/05/04/politics04.html

Pic Source

සබැඳි ලිපි -
[
උඹලට ඇහෙන්න, උඹලට පේන්න මූසළුවන් රඟන රැඟුමට උඹල රැවටෙන්නවත්, ප්‍රචාරය දෙන්නවත් එපා සොයුරනේ... එදා 1818, 1848, 1915 හැම වෙලේම සිංහල ජාතික ව්‍යාපාරය කඩාවැට්ටුවෙ, සෙනරත් රජුට පිං සිඳු වෙන්න ජීවිත ගලවාගත්තු අකෘතඥ මූසළුවො.
උන් පල්ලියට ගිහින් කරන දේ ගැන උඹල හිතුවද? නොදන්න දේවල් ගැන කථා නොකර හිටපල්ල... මූසළුවන්ගේන් බහුතරයක් අන්තවාදීන්...
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html

සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
]

0 comments: