Pages

Friday, January 23, 2015

ඩෙංගු හැදුණු ළමයින්ට අලුත් රෝග ලක්‍ෂණ - අවධානයෙන් සිටින්න!

මෙම දිනවල ඩෙංගු රෝගයට ගොදුරු වන ළමුන් තුළ මෙතෙක්‌ දක්‌නට නොලැබුණු රෝග ලක්‍ෂණ පහල වීම හේතුවෙන් ඒ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විඡේමුණි මහතා මහජනතාවගෙන් ඉල්ලීම් කරයි.

විශේෂයෙන්ම සාමාන්‍ය ඩෙංගු රෝග ලක්‍ෂණයන් වන තද උණ, හිසරදය, මාශපේශීන් තුළ ඇති වන වේදනාවට අමතරව මෙම දිනවල පාචනය, දියරමය මළපහ පිට වීම, වලිප්පු තත්ත්වය (ෆිට්‌ හට ගැනීම) වැනි රෝග ලක්‍ෂණයන් ද ඩෙංගු රෝගයට ගොදුරු වන ළමුන් තුළ දක්‌නට ලැබෙන බව වෛද්‍ය විඡේමුණි මහතා කීවේය. මෙකී රෝග ලක්‍ෂණ රෝගියකු තුළ දක්‌නට ලැබෙන්නේ නම් ඒවා ද ඩෙංගු රෝග ලක්‍ෂණ සේ සලකා රෝගියාව ළඟම සිටින රජයේ පිළිගත් වෛද්‍යවරයකු හෝ රජයේ රෝහල වෙත ගෙන ගොස්‌ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් කෙරේ.

මෙම නව රෝග ලක්‍ෂණයන් මත ළමා ඩෙංගු රෝගීන් දැඩි සේ අසාධ්‍ය තත්ත්වයට පත් වීම සිදුවන බැවින් එම රෝග ලක්‍ෂණ නොසලකා නොහැරිය යුතු බව වෛද්‍ය විඡේමුණි මහතා කීවේය.

මේ අතර මෙම මාසයේ ගතවූ දින 22 ක කාලයේදී කොළඹ නගරයෙන් ඩෙංගු රෝගීන් 194 දෙනකු වාර්තා වී ඇති අතර එක්‌ රෝගී මරණයක්‌ වාර්තා වී තිබේ. කොළඹ නගරයේ මෝදර, මට්‌ටක්‌කුලිය හා කාකදූපත යන ප්‍රදේශවලින් මෙම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.
 

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2015/01/23/news28.html


Pic Source

0 comments: