කළගුණ සැලකීම යනු යමෙක් තමන්ට උපකාරයක් කළ විට ඊට ප්‍රත්‍යqපකාරයක් කිරීම හෝ ඔහුට ගෞරවයෙන් යුතුව සැලකීමයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තමන් බුදු වන විට පිටදුන් ශ්‍රී මහා බෝධියට පවා කෘතගුණ දක්‌වමින් (අනිමිසලෝචනයෙන්) එහි වටිනාකම සහ වැදගත්කම ලෝකයාට පෙන් වූ සේක. කෙනෙක්‌ව මරණයෙන් බේරා ගැනීම තරම් උපකාරයක් තවත් ඇත්දැයි සිතා ගැනීමට නුපුළුවන. මන්ද අප සියලු දෙයක්‌ම කරන්නේ ජීවත්වීම උදෙසා බැවිනි. එම ජීවිතය කවුරුන් හෝ වනසා දමන්ට තැත් කරයිද ඒ අනතුරින් ජීවිත බේරා ගැනීම තරම් " උපකාරයක්" වෙන තිබිය නොහැක. නමුත් සමස්‌ත ජනතාවම මරණයෙන් බේරාගෙන කරන ලද උපකාරයක් සමස්‌ත ජනතාවම අද මුළුමනින්ම අමතක කර ඇති සෙයක් පෙනේ නම් එය කෙතරම් ඛේදජනකද?
ත්‍රස්‌තවාදය උත්සන්නව පැවැති සමයේ, දරුවන් පාසල් යෑවූ දෙමාපියන් නැවත දරුවා ගෙදර එනතුරු සිටියේ මහත් වූ භීතියෙනි. සැමියා වැඩට ගිය පසු ඔහු නැවත නිවස කරා එනතුරු බිරිඳ සිටියේ දෙලොවක් අතරය. සැමියා සහ බිරිඳ දෙදෙනාම රැකියා කරන විට ඔවුන් දෙදෙනාම ගියේ වෙන වෙනමය. මන්ද එක වාහනයක යන විට එය බෝම්බයකට අසුවුවහොත් තම දරුවනට මවුපිය දෙදෙනාම අහිමි වන බැවිනි. ත්‍රස්‌තවාදයේ තරම එයයි. එදා රටේ සියලුම ජනතාව සිටියේ මරබියෙනි. ත්‍රස්‌තවාදය ඇතිවීමට පාදක වූ කරුණු සාධාරණද අසාධාරණද යන්න එදා ජනතාව විමසුවේ නැත. ඔවුනට අවශ්‍ය වූයේ ත්‍රස්‌තවාදය නැති කර දමා තමන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට ඇවැසි නිදහස ලැබා ගැනීමය.
ඒ නිදහස ලබාදුන්නේ කවුද? රණවිරුවාය. ඒ සඳහා රණවිරුවන් 29000 ක් දිවි පිදූහ. 14000 ක් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූහ. සෙසු රණවිරුවෝ තම පවුලේ නිදහස වසර ගණනාවක් කැප කරමින් සටන්කොට ජීවත්වීමට වාසනාව ලැබූහ. එසේ නම් රණවිරුවෝ මෙවන් වූ උත්තරීතර කැපවීමක් කළේ තමාට නිදහසේ ජීවත් වීමට නොව තම සහෝදර ජනතාවට නිදහසේ ජීවත් වීමටය. ඒ අනුව බලන කල එම "උපකාරය" තරම් වෙනත් උපකාරයක් තවත් ඇත්ද? එවන් සුවිශේෂී වූ උපකාරයකට. ජනතාව කෘතගුණ සලකන ආකාරය ගැන අපට සෑහීමකට පත් විය හැකිද? තමන් වෙනුවෙන් අත පය, ඇස් කන් අහිමි කරගත් ආබාධිත රණවිරුවන්ට එළවා එළවා රජය විසින් පහර දෙන විට එම කඳුළු ගෑස්, ජල ප්‍රහාර හමුවේ තම කෘත්‍රිම කකුල්ද ගලවා එහේ මෙහේ දුවන විට, ලේ ගලන තුවාල සහිතව වැටී සිටින විට, අප ඒ දෙස බලමින් නිකම්ම සිටියෙමු. ඊට පසුවදාවත් ජනතාවගෙන් ඊට විරුද්ධව කිසිදු බරපතළ චෝදනාවක් නැඟෙනු අපට ඇසුණේ නැත දුටුවේ නැත.
මීට මාස කිහිපයකට පෙර නිදහස් චතුරශ්‍රයේ ආරක්‍ෂක නියාමකවරුන් දෙදෙනෙක් (සෙකියුරිටි ගාඩ්) තරුණ ජෝඩුවකට අත් අල්ලාගෙන එම ශාලාව තුළ යන්න එපා යෑයි කී විට මුළු ලංකාවේම යෞවන යෞවනියන් ඒ අසරණ ආරක්‍ෂක නියාමකවරුන් දෙදෙනාට එරෙහිව නැඟසිටිය හැටි අපට මතකය. එක්‌තරා තරුණ ඇමතිවරයෙක්‌ද පැමිණ එම දෙදෙනාට තරයේ අවවාද කරනු රූපවාහිනිය තුළින් ජනතාවට දැක බලා ගත හැකි විය. එවන් වූ තරුණ පරම්පරාවක් සිටින අපේ රටේ ආබාධිත රණවිරුවන්ට මෙලෙස ම්ලේච්ඡ අන්දමින් පහරදුන් විට එයට විරුද්ධව මුහුණු පොතේ පවා කිසිදු බැරෑරුම් ප්‍රකාශන හෝ රණවිරුවන්ට ලබා දිය යුතු සහයෝගය" අප දුටුවේ නැත. එය අප දකින්නේ ජාතියේම අවාසනාවක් ලෙසිනි.
යුද හමුදාවට යුද සමයේ ස්‌වේච්ඡාවෙන් බැඳී වසර 12 ක් ගෙවෙන්ට මත්තෙන් යුද බිමේදී බරපතළ තුවාල ලැබ අත පය අහිමි වු රණවිරුවන් යුද හමුදාවෙන් වෛද්‍ය හේතූන් මත ඉවත් වූ විට ඔවුනට මාසික වැටුප සහ දුබලතා දීමනාව ඔවුනට අවුරුදු 55 වනතුරු ලැබේ. නමුත් ඔවුන් සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කියන්නේ නැත. මන්ද ඔවුන් වසර 12 ක් සම්පූර්ණ කර නොමැති හෙයිනි. සේවා විශ්‍රාම වැටුපට හිමිකම් නොලබන උක්‌ත රණවිරුවෙක් හදිසියේ මිය ගියොත් එම බිරිඳට එතෙක් රණවිරුවා ලැබූ වැටුප හෝ දුබලතා හෝ නොලැබේ. ලැබෙන්නේ සුළු වැන්දඹු සහ අනත්දරු වැටුපක් පමණි. එම ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම වනුයේ තමාට වසර 12 ක සේවා කාලයක් නැතත් තමන්ව සේවා විශ්‍රාම වැටුපට අනුයුක්‌ත කරන ලෙසයි. මන්ද ඔවුන් තුවාල වී ආබාධිත වූයේ නැතිනම් ඔවුන් දිගටම සේවයේ යෙදෙන නිසයි. ඔවුන් තුවාල ලැබුවේ රට වෙනුවෙන් සටන් බිමට ගිය නිසයි. ඔවුන් උදාහරණයක් ලෙසින් දක්‌වා සිටින්නේ ආබාධිත වූ වසර 12 කට අඩු එවන් රණවිරුවෙක් දියේ ගිලී මිය ගිය බවත් අද එම බිරිඳට හිමිව ඇත්තේ මසකට රු 3000/ක පමණ මුදලක් බවත්ය. මන්ද සියලුම සෙබළුන් පාහේ නිවාස සෑදීමට සහ වෙනත් අවශ්‍යතාවන්ට ණය ලබාගෙන ඇති බැවින් රුපියල් 15,000 ක පමණ මුදලින් ණයවාරික කපා ගත් පසු ලැබෙන්නේ එවන් සුළු මුදලක් බැවිනි. දරුවන් සිටින බිරිඳක් එවන් තත්ත්වයකට පත් වුවහොත් ඇය මුහුණපාන තත්ත්වය එයයි. මෙම ආබාධිත සෙබළුන් එදින ඉල්ලා සිටියේ තමන්ගෙන් පසු තම පවුලට මුහුණ පෑමට වන එම අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවීමට තමන්වද සෙසු නිලයන්ට මෙන් සේවා විශ්‍රාම තලයේ තබන ලෙසයි.
අද වන විට මෙලෙස වසර 12 ක සේවා කාලය නැති ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සිටිනුයේ තුන්දහසකට අඩු සංඛ්‍යාවකි. එබැවින් පසු ගිය රජය විසින් මොවුන්ට, පූර්වාදර්ශයක් නොවන පරිද්දෙන්, එම සේවා විශ්‍රාම වැටුප කැබිනට් මණ්‌ඩලය මගින් අනුමත කර ඇත්තේ 2014 වර්ෂයේ දෙසැම්බර් මස 11 වන දිනය. රජය වෙනස් වීමත් සමඟ එය ක්‍රියාත්මක වීම අතපසු වූ බැවින් මෙම ආබාධිත රණවිරුවන් පසුගිය ජුලි මස කොටුව දුම්රිය පළට පැමිණ එම සහනය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට දුමින්ද දිසානායක අමාත්‍යවරයා එතැනට පැමිණ මාස 3 ක කාලයකින් ප්‍රශ්නය විසඳන බවට දුන් පොරොන්දුව අනුව ඔවුන් එතැනින් විසිර ගියහ. තුන් මසක් ඉකුත් වූ පසුත් මේ සම්බන්ධයෙන් පිළිතුරක් තබා කිසිදු ප්‍රතිචාරයක් හෝ නොලැබුණු බැවින් ඔවුනට නැවත එම උද්ඝෝෂණය ආරම්භ කිරීමට සිදු විය. උද්ඝෝෂණය ආරම්භ වූ පසු රජයෙන් කිසිදු නියෝජිතයෙක් එතැනට පැමිණ ඒ පිළිබඳව සාකච්ඡා නොකරන ලදී. දින කිහිපයකට පසුව රණවිරුවන් කිහිප දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදී. ඊට දින කිහිපයකට පසුව ඉතිරි ආබාධිත රණවිරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන විට ඊට සූදානම්ව සිටි පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට ඔවුන්ව පලවා හරින ලදී. ඉන් පසුව එම ප්‍රශ්නයට 2017 පෙබරවාරි මස විසඳුම දෙන බවට ලිතව ඔවුනට රජය මගින් දන්වා තිබිණ. ඒ වන විට ත්‍රස්‌තවාදීන් හා සටනින් ආබාධිත තත්ත්වයට පත්ව සිටි එම රණවිරුවන්ගෙන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබිණ. ඒ ප්‍රභාකරන්ගෙන් නොව තමන්ගේම අයගෙන් එල්ල වුණු ප්‍රහාරයෙනි. ඒ ප්‍රශ්නය, එසේ නම් එසේ ඉතා ලෙහෙසියෙන් විසඳීමට තිබියදී දින ගණනාවක් මෙම රණවිරුවන් මහ පාරේ කිසිදු පහසුකමක් නැතිව රස්‌තියාදු කළේ ඇයි? ඒ ඔවුන්ට "පාඩමක්" ඉගැන්වීමටද?
මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පවසන්නේ තමා ඒ පිළිබඳව කිසිත් නොදන්නා බවත් තමාට දුරකථනයෙන් හෝ දැන් වූයේ නම් එසේ පහරදීම කෙසේ හෝ වළක්‌වන බවත්ය. රටේ සේනාවිධායකට නොදන්වා එලෙස ආබාධිත රණවිරුවන්ට හිංසාකාරී ලෙස යමෙක් සලකා ඇත්නම් එය රණවිරුවන්ට සේම ජනාධිපතිවරයාටද කරන ලද නිගරුවකි. මන්ද රණවිරුවන් සියල්ලන්ම සේනාවිධායක යටතේ සිටින සාමාජිකයන් බැවිනි. එබැවින් එම අදාළ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.
එම රජය බලයට පැමිණිදා පටන් රණවිරුවාට සැලකූ ඉතා පහත් ආකාරය ජනතාව හොඳින් දනී. එසේ කරනුයේ දෙමළ ඩයස්‌පෝරාවේ සිත් පිනවීමට බවද ඔවුන් දනී. මන්ද මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ සහ දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ පූර්ණ සහයෝගය තුළින් නිසාය. බලයට පැමිණි වහාම රණවිරුවා අභූත චෝදනා ඉදිරිපත් කරමින් සිරගෙට යවන්නේද බරපතල අපරාධ සිදු කළ ත්‍රස්‌තයන් නිදහස් කොට යවන්නේද එබැවිනි. අද රජය බටහිරේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ දේශපාලනඥයන්ගේ නූල්වලින් නැටවෙන රූකඩ බවට පත් වී හමාරය. එසේ කරනුයේ ජාතියේ සේම රණවිරුවාගේද අභිමානය පාවා දෙමිනි. පාර්ලිමේන්තුවේ බහුතරයක් පවා නොමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්‌ඩුවට මෙසේ තමන් හිතුමතේ රට පාවා දීමට ක්‍රියා කිරීමට ජනතාව බලය දී නැත. එබැවින් ඊට විරුද්ධ වීමට අපට බලය තිබේ.
පසුගිය දින සියය තුළ රනිල් වික්‍රමසිංහ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටු වූයේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නොදන්වාය. ඒ බැව් ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවේ කණ්‌ඩායම් රැස්‌වීමේදී ප්‍රකාශ කරන ලදී. ජනාධිපති එසේ තමාට නොදන්වා, මෙවන් වූ ඉතා බරපතළ සංවේදී දෙයක් කළත්, එය අවලංගු කිරීමට කිසිත් පියවරක් ගත්තේ නැත. වර්ෂ 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය ඉතා විශාල ලෙසින් ශක්‌තිමත් වීමට ඉඩදුන් ඊනියා සාම ගිවිසුම කොටින් සමඟ අත්සන් කළේද එවකට සිටි ජනපතිනිය චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට නොදන්වාය. රනිල් වික්‍රමසිංහ රට පාවාදීම සඳහා සියලුම දේ කරනුයේ ඒ ආකාරයටය.
මෙවරද ජිනීවා හිදී අපේ රණවිරුවන්ට විරුද්ධව සකස් කරන ලද යුද අපරාධ චෝදනා අඩංගු වාර්තාව මංගල සමරවීර අමෙරිකාව සමඟ අගය කරමින් පිළිගත්තේ රනිල්ගේ උපදෙස් මත ජනාධිපතිතුමාට නොදන්වා විය යුතුය. එම වාර්තාවේ අඩංගු රණවිරුවන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කිරීමට විදෙස් විනිසුරුකරුවන්ගෙන් සමන්විත විශේෂ අධිකරණයටද මංගල සමරවීර එකඟ වී ඇත්තේ ජනාධිපතිට නොකියාය. මන්ද ඊට පසුව තමා කිසිසේත් විදෙස් විනිසුරුකරුවන්ට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බැවිනි. කරුණු එසේ වෙතත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් ඊට පසුවදාම පුවත්පතට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විශේෂ අධිකරණයේ විදෙස් විනිසුරුවන් සිටීම සම්බන්ධව ඔහු (එනම් සුමන්දිරන්) ඇමෙරිකාව සහ රජය එක් වී තීරණය කළේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවත් එබැවින් ජනාධිපතිවරයාට එය දැන් වෙනස් කළ නොහැකි බවත්ය. එසේ නම් රනිල් වික්‍රමසිංහ රජය ත්‍රස්‌තවාදය විනාශ කළ රණවිරුවන් අනාගතය පිළිබඳ තීරණ ගැනීමට ඉඩදී ඇත්තේ ත්‍රස්‌තවාදයේම කොටි දේශපාලනඥයන්ටය. එයද ජනාධිපතිවරයාට නොදන්වාය.
ජනාධිපතිතුමන් විසින් එසේ නම් මේ පිළිබඳව බරපතළ ලෙස සිතිය යුතු කාලය එළඹ තිබේ. එතුමාගේම වදන් වලින් කියන ලෙස රටේ සිදු වන බොහෝ වැදගත් සිද්ධීන් සහ ගනු ලබන තීරණ පිළිබඳව එතුමා දැනගත්තේ පසුවදා පුවත්පත් වලිනි. එය දැන් විහිළුවක් බවට පත් වී ඇති නිසා රටේ ජනාධිපති එසේ විහිළුකාරයෙක්‌ගේ තත්ත්වයට ඇද දැමූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එයට වගකිවයුතු බැව් ජනපතිට අවබෝධ විය යුතු වේ. රණවිරුවන් සම්බන්ධයෙන් රජය විසින් ගත් සියලුම නින්දිත ක්‍රියාවන්හි වගකීම ලැබෙන්නේ ජනපතිටය. හිටපු ආරක්‍ෂක ලේකම් සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා පදක්‌කම් පැළඳ සිටියදී පවා කුඩුකාරයන් ලගින කූඩුවේ ඇප ලැබෙන තුරු රඳවා සිටියේද ජනාධිපතිගේ දැනුමින් තොරවය. මම මේ බව දන්නවා නම් ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාපතිවරුන් උසාවියට දක්‌කාගෙන යන්න ඉඩ තියන්නේ නැහැ." යෑයි ජනපති පැවසුවේ එබැවිනි. එසේ නම් රනිල් වික්‍රමසිංහ රජය රණවිරුවා සම්බන්ධයෙන් ගෙනයන මේ නින්දිත ක්‍රියා කලාපය නිසා ජනතාවගේ අප්‍රසාදය යොමු වන්නේ රනිල්ට නොව ජනාධිපතිටය. මෙය ජනපතිට විරුද්ධව කූට ලෙස ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක් බවද ජනපති අවබෝධ කර ගත යුතුවේ. මෙසේ රණවිරුවාද පාවාදෙමින් ජනපතිගේද ආවරණය ලබමින් ලක් ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාවට වගකිව යුතු අගමැතිවරයා තනතුරින් නෙරපා හැරියහොත් ජනපතිගේ නමට ඉදිරියේදී සිදුවන මහා කැළලකින් යම්තාක් දුරට හෝ මිදිය හැකි බැව් අපගේ විශ්වාසයයි.
අපේ රටේ, තම ජීවිතය පරදුවට තබා සටන් කළ රණවිරුවාට වර්තමාන රජය සලකන ආකාරයත් එයට ජනතාවගේ ප්‍රතිචාරයත් ඉතාම ශෝචනීය බැව් කිව යුතුය. අද එදා ප්‍රහාරයට ලක් වූ එක් ආබාධිත සෙබළෙක්‌ගේ එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වී තිබේ. වර්ෂ 1996 දී මෝටාර් ප්‍රහාරයකට ගොදුරුව ඔහුගේ අනෙක් ඇසෙහිද පෙනුම ඉතාම දුර්වල වී තිබිණ. මෙවන් තත්ත්වයක් අද රණවිරුවාට අත්වීම සම්බන්ධයෙන් සමස්‌ත ජනතාවම ල-ජාවට පත්විය යුතුය.
අන් සියලුම රටවල් රණවිරුවන්ට සලකන්නේ මහත් වූ ගෞරවයෙනි. "කොමිසරි" නමින් ඔවුන් සඳහා වූ වෙනම සහන මිලට භාණ්‌ඩ අලෙවි වන වෙළෙඳසල් පවා තිබේ. ඕනෑම තැනක, කාර්යාලයක ඔවුනට ලැබෙනුයේ විශේෂ ස්‌ථානයකි. ගුවන් යානයක රණවිරු මගියෙක් සිටී නම් ගමන ආරම්භ වීමට ප්‍රථම ගුවන් නියමුවා විසින් " අද අපට සතුටු දිනයක්. අපේ යානයේ යුද විරුවෙක් සිටිනවා." යෑයි කියන විට අනෙකුත් සියලුම මගීන් අත්පොළසන් දී ඔහුට සිය ප්‍රණාමය පුද කරති. බොහෝ විට මේ සියලු "රණවිරුවන්" යුද්ධ කර ඇත්තේ තම රටේ නොව වෙනත් රටකය. තමාගේ රටේ ජනතාව බේරා ගැනීමට නොව වෙන රටක් ආක්‍රමණය කිරීමටය. අපේ රටේ රණවිරුවා අත්පා අහිමි කරගත්තේ අපේ ජනතාව ත්‍රස්‌තයාගෙන් බේරා ගැනීමටය. දිවි පිදුවේ තමාගේ ජනතාවගේ දිවි ආරක්‍ෂා කිරීමටය. එවන් වූ රණවිරුවාට අද රටේ ලැබෙන තත්ත්වය මෙය නම් ඒ පිළිබඳව දේශප්‍රේමී ජනතාව දැන්වත් ඉදිරියට පැමිණිය යුතු කාලය එළඹ තිබේ. අපේ ජාතියේ අභිමානය සහ කළගුණ දත් ජාතියක් ලෙස අප ලබා ඇති නාමය රැක ගත හැක්‌කේ ඒ අයුරිනි. එයට අප සැම එක්‌වෙමු.
රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර
http://www.divaina.com/2016/11/13/feature38.html

0 comments:
Post a Comment