Pages

Saturday, June 15, 2013

අති බහුතරයක් විරුද්ධ, 13 අවම වශයෙන් බලතල අඩුනොකොට උතුරේ ජන්දය පැවැත්වුවහොත් ආණ්ඩුව රකින්නේ නෑ – බෙංගමුවේ නාලක හිමි

ආන්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන ව්‍යවස්ථා  සංශෝධනය අහෝසි නොකොට උතුරේ ජන්දය පවත්වා රට උගුලකට තල්ලූ කළහොත් තව දුරටත් ආණ්ඩුව රකින්නට ජාතික සංවිධාන එකමුතුව ඉදිරිපත් නොවන්නේ යැයි දේශපේ‍්‍රමී භික්ෂූ පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

ජාතික සංවිධාන ඉල්ලා සිටින්නේ පළාත් සභා ක‍්‍රමය අහෝසි කර දමන ලෙස යැයි කී නාලක හිමියෝ මේ මොහොතේ එවැන්නක් කළ නොහැකි නම් එය පසුවට කල් තබා එහි ඇති ඉඩම් හා පොලිස් බලතල ඇතුළු රට බෙදීමට හා රටේ ඒකීය භාවයට තර්ජනයක් වන කරුණු ඉවත් කොට උතුරු පළාත් සභා මැතිවරණය ක‍්‍රියාත්මක  කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද ප‍්‍රකාශ කළහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ බෙංගමුවේ නාලක හිමියෝ මෙසේද පැවසූහ.

‘සෝනියා ගාන්ධිට අපේ රටේ තත්ත්වය වැටහෙන්නේ නැහැ. බෙදුම්වාදී මතයේ එල්ලී සිටිනවා. ශ‍්‍රී ලාංකික  කතෝලික ජනතාවගෙන් අති බහුතරය ඉල්ලන්නේ 13 වන සංශෝධනය අහෝසි කරන ලෙසයි. උතුරේ ජන්දය සංශෝධනය අහෝසි කර පවත්වන ලෙසයි. මුස්ලිම් කොංග‍්‍රසයේ පූර්ණ කැමත්ත යනු මුස්ලිම් ජනතාවගේ පූර්ණ කැමැත්ත නොවෙයි.  ටී. එන්. ඒ. එක ගැනත් කියන්න තියෙන්නේ ඒ එකමයි. ටී. එන්. ඒ. කියන්නේ මුළු මහත්  දෙමළ ජනතාවගේ කැමැත්ත නියෝජනය කරන පිරිස නෙවෙයි.

අප කියා සිටින්නේ උතුරේ ජන්දය පැවැත්වීමට පෙර 13 ව්‍යවස්ථාව කියන සර්ප දල ගලවන්න කියලයි. ලෝකයේ අදහස් විමසීමට පෙර රටේ ජනතාවගේ අදහස්වලට ගරු කරන්න කියලා.

රටේ ජනතාවගේ අදහස් විමසීමට ජනමත විචාරණයක් පවත්වන්නට කටයුතු කරන්නැයි ජනාධිපති ඇතුළු රජයෙන් අපි ඉල්ලා සිටිනවා’ යැයිද බෙංගමුවේ හිමියෝ පැවසූහ.

13න් තටු නොකපා උතුරේ ජන්දය පැවැත්වුවහොත් ආණ්ඩුව රකින්නේ නෑ – බෙංගමුවේ නාලක හිමි
June 14, 2013 at 4:54 pm | lanka C news

0 comments: