සිංහල අලුත් අවුරුද්ද සමරණ බෞද්ධයා අනතුරුව ප්‍රවිෂ්ඨ වන්නේ වෙසක්, පොසොන් ආදී ආගමික උත්සවයන් ගෙන් අනූන කාල පරිච්ඡේදයකටය. ඒ කාල පරිච්ඡේදය තුළ වෙසක්, පොසොන් මෙන්ම ඇසළ ආදී පොහොය සඳහා ලැබෙනුයේ විශාල වැදගත් කමකි. උදාහරණයක් ලෙස වෙසක් උත්සවය දීප ව්‍යාප්තව සැමරෙනු ලබන සිංහල බෞද්ධයාගේ තවත් ජාතික උත්සවයක් පමනක් නොවන අතර එය ජාත්‍යන්තරව විවිධ ජාතීන්ට අයත් බෞද්ධයන් ඒa ඒ සංස්‌කෘතික අනන්‍යතාවන්ට සමගාමීව සමරණු ලබන විශ්වීය විජයෝත්සවයක් බව අපි දනිමු. මේ බෞද්ධ දීපයේ මෙම උත්සවවල ඇති දැවැන්ත බව නිසාම ජනමාධ්‍ය නන් අයුරින් වෙසක් පොසොන් ආදී උත්සව සඳහා ප්‍රතිචාර දක්‌වයි. වෙසක්, පොසොන් සති හෝ දිනයන් ආශ්‍රිතව ඒ පිළිබඳ විශේෂ ලිපි, මුද්‍රිත අතිරේක, නායකකාරකාදීන්ගේ පණිවුඩ, මෙම උත්සව අලලා විවිධ බෞද්ධ සිද්ධස්‌ථානවල සිට විසුරුවා හැරෙන පොහෝදා දාන ශීල භාවනා වැඩසටහන් වල සිට අන්තර්ජාලයේ විවිධ සමාජ ජනමාධ්‍ය ජාල ඔස්‌සේ හුවමාරුවන සුභ පැතුම් පත් සංවාද සාකච්ඡා දක්‌වා ඒවා පුළුල් වේ. වෙසක් පුන් පොහොය හමාරවී රටම පොසොන් සඳහා සූදානම් වෙද්දී නූතන වෙසක් සංස්‌කෘතියට පසුවදනක්‌ද එක් කරමින් සංවාදයකට මුලපිරීම අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකීය සිව්වනක් පිරිසට කාරනා කිහිපයක් අවධාරණය කිරීම සඳහාය. මේ කරුණු කාරණා පසක් කරදීම වෙසක් සමරා ඒ සැමරුම් පිළිබඳ මිශ්‍ර මතක ආවර්ජනය කෙරෙන මේ අවදිය ඊට වඩාත්ම සුදුසුම කාලය බව අපි විශ්වාශ කරමු.
දශක තුනහතරක් පුරාවට මෙම බෞද්ධ උත්සවවල කාලීන විකාශනය හා ප්‍රවනතා සමාලෝචනය කරන බුද්ධිමතකුට වැටහෙන කාරණයක් තිබේ. ඒ වෙසක් උත්සවය යනු ලෝකයේ දැනට පහළවූ ශ්‍රෝෂ්ටතම දාර්ශනිකයා වන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුළ සැමරීමට උචිත ආකාරයෙන් තවදුරටත් නොපැවැත්වෙන බවය. ශ්‍රී ලංකාවට සාපේක්‌ෂව සඳහන් කළහොත් වෙසක් උත්සවය යනු තවදුරටත් සිව්වනක් පිරිස විසින් එක්‌සිත්ව එක්‌සත්ව තැන්පත්ව බුදු වදනට අනුකූලව සිදු කෙරෙන කටයුත්තක් නොවන බවය. එහෙත් එය මුදලාලිලාගේත් දේශපාලනඥයන්ගේත් අවස්‌ථාවාදී අරමුණූ සඳහා නිවැරදි මග පෙන්වීමක් නැති අසරණ බෞද්ධයා හා භික්‌ෂූන් වහන්සේ හසුරුවනු ලැබීමක් බවට පත්ව ඇත.
මෙම උත්සවය කාල සීමාවන් පුරාවට අප දකින්නේ ජුගුප්සාජනක තරගයක්‌ම පමණි. ඒ තරගය වෙසක් උත්සවය හා සබැඳි පොදු සමාජ සංසිද්ධීන් තුළද වෙසක් උත්සවයට අදාළ වානිජ ක්‍රියාවලීන් තුළද වඩාත් විවෘතවම ක්‍රියාත්මක වේ. මිනිසුන් රොද බැඳෙන ඕනෑම අස්‌සකට මුල්ලකට ඉව අල්ලන දේශපාලනඥයාත්, ව්‍යාපාරිකයාත් මේ තරගයේ පෙරටුගාමීහු වෙත්. වෙසක්, පොසොන් උත්සව හා සබැඳි සමාජ ක්‍රියාකාරීත්වයේ කැපී පෙනෙන සංසිද්ධීන් ගණනාවක් තිබේ. දන්සල් ඒ අතර ප්‍රමුඛය. සංවිධානාත්මකව හෝ පුද්ගල අනුග්‍රහය මත "මහා බත් දන්සල්" "මහා අයිස්‌ක්‍රීම් දන්සල්" වල සිට "වියළි සලාක දන්සල" දක්‌වා නානාප්‍රකාර දන්සල් පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වෙසක්, පොසොන් හා ඇතැම් විට දැන් ඇසළ පොහොයටද පවත්වන දන්සල් හා භාරතීය හෝ ලාංකීය ඉතිහාසයේ පැවැත්වූ අප කියවා අසා ඇති දන්සල් අතර ආකෘතිකමය වෙනසක් ඇත. එකල දන්සල් පැවැත්වූයේ "දුගී මගී යාචකයන්" සඳහාය. එහෙත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය දන්සල් සම්ප්‍රදාය ඊට බෙහෙවින් දියුණු අරමුණක් වටා ගොනු වූ බව පෙනේ. එනම් පිනක් දහමක් කරගැනීමට වෙහෙරකට ඓතිහාසික පුද බිමකට එක්‌රොක් වන බැතිමතුන්ගේ වෙහෙස කුසගින්න නිවීමට ඒ දන්සැල් සම්ප්‍රදාය උත්සුක වූයේය. අනුරාධපුර පොළොන්නරු පුදබිම් ආශ්‍රිතව ඒ ප්‍රදේශ වල හා විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන පිරිස් වන්දනාකරුවන් සඳහා සංවිධානය කරන දන්සල් ඊට උදාහරණ වේ. එය මාහැඟි පිංකමක් බවද සඳහන් කළ යුතුය.
එහෙත් ජනප්‍රිය සංස්‌කෘතිය සමග අත්වැල් බැඳගෙන ඇති දන්සල් සංකල්පයේ නූතන හැඩය ඉතා ෙ€දනීය බව කිවයුතුය. පෙරකී පරිද්දෙන් "මහා බත් දන්සල්" "මහා අයිස්‌ක්‍රීම් දන්සල්" වල සිට "වියළි සලාක දන්සල" දක්‌වා නානාප්‍රකාර දන්සල් ගැන වන්දනාකරුවන් බැතිමතුන් වෙනුවට බඩජාරීන් දැනුවත් කරන ඩිජිටල් පුවරු ප්‍රදර්ශනයෙන් ඇරඹෙන මේ "දන්සල්" විටෙක ගමක පිරිසක් එක්‌ව කා, බී පවත්වන සාදයකට නොදෙවෙනිය. මෙබඳු බොහෝ දන්සල් නිමාවන්නේ සංවිධායක මණ්‌ඩලය පදමට වෙරිවීමෙන්ද අනතුරුවය. දන්සල් සඳහා මගීන් නතර කරගනු ලබන්නේ කෝටුවක ගැටගසාගත් බෞද්ධ කොඩියක් උමතුවෙන් මෙන් "බිග්මැච්" පන්නයට එහාමෙහා වනන ගැටවුන් පිරිසක් විසිනි. අරමුණ කුමක් වුවත් බොහෝ දන්සල් සංවිධායකවරු තම ආහාර වට්‌ටෝරුව නිර්මාංශව සැකසීමට උත්සුක වනබව ප්‍රශංසනීයව සිහිපත් කළ යුතුය. එහෙත් දැන් දැන් විවිධ මාංශ වර්ගද හොන්ඩර ගණනින් "ඩෙවල්" කර දන්සල අබෞද්ධ බිලි පූජාවක් බවට පත් කිරීමේ ප්‍රවනතාවක්‌ද පවතින බව අප වෙත සැලවිය. තවදුරටත් එය දන්සල වෙත මිනිසුන් ආකර්ශනය කරගැනීමේ ප්‍රවනතාවක් ලෙස භාවිත වන බවද අප කළ අධ්‍යයනවලදී හෙළිවිය. තම දන්සල ප්‍රදේශයේ වඩාත් ජනප්‍රිය දන්සල බවට පත් කරගැනීම සඳහා "ඕනෑම දෙයක් සප්ලයි කරන" දන්සැල් ගැනද වාර්තා විය. මෙම තරඟකාරී ප්‍රවනතාවන් දේශපාලන හෝ ව්‍යාපාරික මැදිහත්වීම් මත වඩවඩාත් අප්‍රසන්න වෙමින් පවතින අතර අප මේවා දකින්නේ දාන ශීල භාවනා වඩමින් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් මමත්වයෙන් තොරව කුරාකුහුඹුවෙකුටවත් හානි නොවනසේ සැමරීය යුතු වෙසක් උත්සවයේ මූලික පරමාර්ථයන්ට සපුරා එරෙහි හුදු දැන්වීම්කරණ ප්‍රචාරක ව්‍යාපෘති ලෙසය.
තොරණ ඉදිකිරීමේ ඇති සංදර්ශන නැඹුරුව හා ලාභාපේක්‌ෂාව ඉතා ලඡ්ජා සහගත ලෙස ඉහළ ගොස් තිබේ. තොරණ යනු බෞද්ධ උත්සව සංස්‌කෘතියේ දහම් පණිවුඩයක් ලබාදෙන කලාත්මක හා ප්‍රදර්ශනාත්මක අංගයකට වඩා වෙළෙඳ භාණ්‌ඩයක් වී ඇති අන්දම ඉන් පැහැදිලි වේ. තොරණ නැරඹීමට පැමිණෙන පිරිස් තුළද උනන්දුවක් ඇති වන්නේ විදුලි බුqබුලු රිද්ම රටා ආදිය ගැන මිස එහි ඉදිරිපත් කර ඇති ජාතක වස්‌තුව ගැන නොවීමද කණගාටුවට කරුණකි. තොරණ අඩුය. එය ආර්ථික හේතූන් මත බෞද්ධ උත්සව සංස්‌කෘතියෙන් වියෑකී යන අංගයක් වීම අසුභ ප්‍රවනතාවකි. තොරණ වේවා වෙනයම් කටයුත්තක් වේවා ඒ සඳහා ආධාර එකතු කිරීමේ පිළිවෙත් දැන් දැන් පොදු මහ ජනයා තමන් අත්විඳින පීඩාවක් ලෙස දකිති. ඊටම සමගාමීව පොදු කටයුත්තකට ආධාර කළවුන්ගේ නම් ලැයිස්‌තු හා ඔවුන්ගේ ආධාරයේ ප්‍රමාණයද යකඩ කටින් කියෑවීමට පෙර, ලොකු මුදලකින් සම්මාදම් වූවන්ට පොල්තෙල් පහන් දැල්වීමට ආරාධනා කිරීමට පෙර, එහි ඇති උචිත අනුචිත බව ප්‍රවේශමෙන් දෙවරක් සිතා බැලිය යුතුම වන්නේ බෞද්ධ උත්සව යනු සුළුතර ධනවතුන්ගේ වත්පොහොසත්කම් ප්‍රදර්ශනය කෙරෙන හා බලවතුන්ගේ බල පුළුවන්කාරකම් උරගා බැලෙන වේදිකාවක් ඉදිරිපිට බහුතර දුප්පතා නිෂ්ක්‍රීය ප්‍රේක්‌ෂකයකු බවට පත්වන සැණකෙළියක් නොවිය යුතු නිසාය. බාගදා රුපියල් පන්දහස බැගින් ආධාර කළ කිහිප දෙනාගේ සමස්‌ත දායකත්වය මෙන් දහ දොළොස් ගුණයක දායකත්වයක් රුපියල් දහය බැගින් දුන් අති බහුතරයෙන් ලැබී තිබෙනු විය හැක.
වෙසක් සඳහාම පමණක් වෙසෙසින් අදාළ වෙතත්, සුභපැතුම් පත් මහා පරිමාණයෙන් මුද්‍රණය කෙරෙන ආයතනවලට මෙන්ම සුළු පරිමාණයෙන් ඒවා අළෙවිකරණ පුද්ගලයාටද වෙසක් සමය ආර්ථිකමය වශයෙන් වැදගත්ය. සුභපැතුම්පත් බිහිවීම වෙසක් උත්සවය නවීකරණය වීම පිළිබඳ එක් සාක්‌ෂියකි. එය ප්‍රතික්‌ෂේප කළ නොහැකි මට්‌ටමකට වෙසක් සංස්‌කෘතිය හා බැඳී ඇති බව අපිදු පිළිගනිමු. සම්ප්‍රදායන් සමග කාලීනව අත්වැල් බැඳගන්නා විවිධ අනුසාංගික සමාජ සංස්‌කෘතික අංග ප්‍රතික්‌ෂේප කිරීමට තරම් සිංහල බෞද්ධ සමාජ සංස්‌ථාව "ළිං මැඩි" තත්ත්ව සංරක්‌ෂණවාදීත්වයක් අනුගමනය කළයුතු නැති බව අපි අවධාරණය කරමු. එහෙත් වඩාත් වැදගත් වන්නේ එබඳු සංස්‌කෘතිකාංග ප්‍රධාන ධාරාව සමග ගළපා ගැනීමට අපි කෙතරම් සමර්ථ වන්නේද යන්නයි. වෙසක් සුභපැතුම්පත් පොදු මහජනයා අතර ජනප්‍රිය සුභපැතීමේ සම්ප්‍රදායකට වඩා තරුණ තරුණියන්, විශේෂයෙන්ම තරුණ පෙම්වතුන් පෙම්වතියන් අතර සුලභ සුභපැතීමේ සම්ප්‍රදායක් බවට පත්වෙද්දී ඒවායේ අන්තර්ගතය සුභපැතීමේ කවිය, ගීතය හෝ නිසඳැස මෙන්ම, මුද්‍රිත චිත්‍රය ඡායාරූපය කෙතරම් දුරට බෞද්ධ වටිනාකම් වලට අනුකූලදැයි සිතාබැලීම අත්‍යවශ්‍ය බව අප අවධාරණය කරන්නේ වෙසක් සුභපැතුම්පත් ඔස්‌සේ මතුව එන වැලන්ටයින් ප්‍රේමෝන්මාදය වඩා ඉස්‌මතු වී පෙනෙන බැවිණි.
අපට වෙසක් පොසොන් සංස්‌කෘතියක් තිබිණි. ඒ පිළිබඳව කරුණු කාරණා ඇතිව විස්‌තර කිරීම පහසු කටයුත්තක් නොවුනද ඉතා සංක්‌ෂිප්තව සිද්ධීන් කිහිපයක් ඇසුරෙන් ඒ සංස්‌කෘතිය සිහිකැඳවිය හැක. සිංහල අවුරුද්දට උයන කොකිස් ආස්‌මී වලින් කොටහක් වෙනම මුට්‌ටි දෙකක ඇසිරූ අපේ අම්මලා ඒවා කඩවැස්‌ම බැඳ දුම්මැස්‌සෙහි තැම්පත් කලේ වෙසක් පෝයට ඒවා යළිත් වරක් බැද පැණි දමා පෝදා බුද්ධ පූජාවටද සම්මාදම් වී කොයිකවුරුත් සමග බෙදාහදාගෙන කෑමටය. අහළ පහළ බඩවැටි වලට රිංගූ අපි බට කපා ගෙනඅවුත් ගාණට මිම්මට කැබලිකර, පලා, ශුද්ධකර සරල අටපට්‌ටම් කූඩුවේ සිට තරු, නෙලුම් මල් ඇතුළු තවත් විශ්වකර්ම පන්නයේ කූඩු සෑදුවෙමු. පොසොන් පොහොයට මිහින්තලා අනුරුවක් ඉදිකිරීම අනිවාර්යයෙන්ම සිදුවිය. මේ සංස්‌කෘතිය උඩුයටිකුරුවී තිබේ. බට පතුරු, බීම බට, යකඩ ආදී අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වෙසක් කූඩු දේශීය වෙළඳපොලේ තිබෙනවාට අමතරව ආනයනයද සිදු කෙරේ. සත්සතිය කොළ පමනක් මිලට ගත් අපි එළිය පෙට්‌ටි සෑදුවෙමු. බට කපාගෙන එද්දීම ගෙන ආ පඹ, කැකිල්ල ආදිය යොදාගෙන සල් උයන් සෑදුවෙමු. අද මේ සියල්ල රබර්, ප්ලාස්‌ටික් ආදී සින්තටික් නිමාවන්ගෙන් යුක්‌තව වෙළඳපොලේ ඇත. නගරයේ වෙසෙන අපිට මේවා සපයාගන්නට මොන බඩවැටිදැයි යමකූ ප්‍රශ්න කළ හැක. අමනෝඥ හා අක්‍රමවත් නාගරීකරණය තුළ අපේ සමස්‌ත සංස්‌කෘතියම උඩුයටිකුරු වූ බව අවිවාදිතය. එහෙත් කඩපොළෙන් මිලදීගෙන හෝ ගෙදරක වෙසක් කූඩු තුනහතරක් දැල්වීමට නාගරික බෞද්ධයා තුල ඇති උනන්දුවද අපි අගය කරමු. ගමේ කුඹුරු ඇති බවට පාරම්බෑ හැකි නමුත් කුඹුරු පුරන් වනවා නම් පළක් නැත. බඩවැටිවල ඇති බට කොලුකුරුට්‌ටන්ගේ සාමූහිකත්වයෙන් වෙසක් කූඩු බවට පත් නොවීම ගැන, මිස්‌සක පව්වක් ඉදි නොවීම ගැන අප තුළ ඇත්තේ බලවත් කම්පනයකි. එක්‌කෝ කොල්ලෝ මේ ශිල්ප නොදනිති. නැතිනම් උන්ට වෙන වැඩ ඇත.
සිංහල බෞද්ධයාට වෙසක් හෝ පොසොන් දිනය තවත් නිවාඩු දිනයක් මට්‌ටමට හෑල්ලුවීම ගැනද කථා කළ යුතුය. රැකියාවක නියුතු බොහෝ පිරිස් පළමුව දින දසුනක බලන්නේ මාසයේ පෝය නිවාඩුව සති අන්තයට ඈඳී යෙදී ඇත්ද කියාය. ඒ ඉසුඹුලන්නටය. කොළඹ හෙවත් නූතන ශ්‍රී ලංකාවේ ආර්ථික න්‍යෂ්ටියට අනුබද්ධ හෝ පරිවාර උපන්‍යෂ්ටි කිහිපයක කර්මාන්aතශාලාවක කාර්යාලයක යාන්ත්‍රික ක්‍රියාවලියකට සවිකර ඇති අපේ මිනිසුන්, සිය වෙහෙසකර ජීවිත වලට යම් සහනයක් අපේක්‌ෂාවෙන් පවුලේ උදවිය හා අසල්වැසි නෑ හිතවතුන් ද සමගින් විනෝද චාරිකාවක් යැමේ ආශාව මානුෂිකය. එහෙත් වෙසක් හෝ පොසොන් පොහොය දිනය බඳු තීරණාත්මක වැදගත් කමකින් යුත් අවස්‌ථාවක බෞද්ධයා තම ගම්බිම් වලින් බැහැරවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙසක් උත්සවයේ ජනපදනම සෝදාපාළුවකට ලක්‌වෙයි.
බෞද්ධ උත්සවවල සාටෝප සැනකෙළි නැඹුරුව විසින් එහි තිබිය යුතු ශික්‌ෂාකාමී තැන්පත් ස්‌වභාවය විනාශ කර ඇත. නුසුදුසු සැරසිලි හා වන්දනාකරුවන් යහමින් ගැවසෙන පූජාභූමි වල කසල පොලිතින් ඇතුළු තවත් විනාශකාරී අපද්‍රව්‍ය ටොන් ගණනක් පරිසරයට මුදාහරියි. ශබ්ද දූෂණය ගැනද කිව යුතුය. බෞද්ධයා විසින් පැවැත්විය යුතු ශබ්ද පූජාව රතිඤ්ඤා නොවන බවද කිවයුතුය. තරගය කෙතරම් උග්‍රද යත් සාමාන්‍ය රතිඤ්Æවක හඬ ප්‍රමානවත් නොවන හෙයින් තුන්හුලස් වැල් පත්තු කරන ප්‍රවණතාව හෙට අනිද්දා අත්බෝම්බ වුවද පත්තු කිරීම දක්‌වා වර්ධනය විමට ඉඩ ඇත. වඳපීදුනු බටහිර මනෝවිද්‍යාව විසින් වැඩිහිටියකුගේ ගුරුවරයකුගේ අණ නොතකන නාහෙට නාහන නාම්බන් පිරිසක් බවට පත්කර ඇති අපේ පොපියන යෞවනය මේ ගිණිකෙළිවල නිරතවන්නේ කෙතරම් ප්‍රවේශමෙන්ද කිවහොත් ඒවා කෙලවර වන්නේ ජීවිත හා දේපල හානි වලිනි. බැතිබරව සැමරිය යුතු වෙසක් උත්සවයේ චාම් බවට අපිම අබෞද්ධ හැඩයක් ලබාදෙමින් සිටිමු. රතිඤ්Æවක් පත්තුවෙද්දී යමක් වැටහෙන වයසේ දරුවකුගේ සිට සෑම අයෙකුම යටත් පිරිසෙයින් සිය දෑතින් කන් සිදුරු ආවරණය කරගන්නේ එම දැවැන්ත ශබ්දය විසින් ඇතිකරන තිගැස්‌ම මනස විsසින් ප්‍රතික්‌ෂේප කරන බැවිණි. මේ ගිණිකෙළි අහළ පහළ සිටින බෞද්ධයා විසින් අනිවාර්යයෙන්ම මෙත් වැඩියයුතු කෝටි සංඛ්‍යාත සෙසු ජීවීන් මොහොතකට අමතක කරන්න. ඒ ශබ්ද දූෂණය විසින් ඇතිකරන තිගැස්‌මෙන් වැළකීමට දැනුමක් තේරුමක් නැති තවමත් මවුකුස තුළ හෝ පිටත සිටින කුඩාතම මිනිස් පැටවුන් කීදෙනෙක් නම් මෙම තිගැස්‌මට ලක් වනවා ඇත්ද? ඔවුන් ලොකු මහත් වෙද්දී පෞරුෂ සංවර්ධනය කෙසේ වෙතත් කවරනම් මානසික ව්‍යාධීන්ට ලක් වනවා ඇත්ද?
තවත් විටෙක ඇතැම් විහාරස්‌ථානයක භික්‌ෂූන් වහන්සේද වෙසක් පොසොන් වැනි උත්සවයක් එනතෙක් මග බලාසිටිනුයේ තවදුරටත් විහාරස්‌ථානයේ සිදුකරගැනීමට ඉතිරිව ඇති සංවර්ධන කටයුත්තක් සඳහා ආධාර එකැරැස් කරගැනීමේ අරමුණින්, දාන සීල භාවනා සඳහා ප්‍රමුඛත්වය කෙසේ වෙතත් යහමින් ආදායම් ලැබෙන "පිංකමක්" සංවිධානය කරගැනීමටය. මේ හේතු සාධකද විවිධ ආර්ථික අපහසුතා වලින් මිරිකෙන බහුතර පහළ මධ්‍යම පංතික බෞද්ධයා විහාරස්‌ථානයෙන් ඈත්වීමට හේතුවකි. එහෙත් එය එකහෙලාම සිව්වන්ක් පිරිසේ කිසිදු අංශයකට දොස් නොනැගිය යුතු තත්ත්වයකි. එය ආන්ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ "රජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය" යන ජනප්‍රිය 9 වන වගන්තියේ යුක්‌තියුක්‌තභාවය හා ප්‍රායෝගීකත්වය ප්‍රශ්න කිරීම දක්‌වා ගැඹුරට ගෙනයායුතු ප්‍රතිපත්තිමය සංවාදයකි. බහුබූත ඔළු බක්‌කන් නටවන "බෞද්ධ සාමාන්‍ය ජනතාවගේ" සිට, සීමාවක් නැතිව වසර පුරා මේ දහම් දිවයිනෙහි ව්‍යාප්ත වන සුරාසැල්, කැසිනෝ සූදු මධ්‍යස්‌ථාන හා බෞද්ධත්වයට හානිකර හැම ආයතනයකම "ඉස්‌සරහ දොර" පමණක් වෙසක් දවස් දෙකට වසා දමා ධර්මිෂ්ඨ පාලනයක් ගෙනයන "බෞද්ධ වගකිව යුත්තන්" දක්‌වා වූ සියල්ලන් සමගම සටන් කළ යුතුව ඇත. පුහු සාටෝප, විගඩම් වලින් අනූන වානිජ හෝ දේශපාලන සැනකෙළියක් බවට පත්වෙමින් තිබෙන බෞද්ධ උත්සවවල දිශානතිය ආපසු හැරවීම නැමැති අසීරු අභියෝගය ජයගැනීමේ තීරනාත්මක සටන කුඩා වෙසක් පතක, පොසොන් කූඩුවක හැඩරුවෙහි සිට ප්‍රතිපත්තිමය වශයෙන් සිදුකළ යුතු බලපෑමක් දක්‌වා වූ පුළුල් පරාසයක සිදුකළ යුතුව ඇතැයි අප කියන්නේ එහෙයිනි.
චමිල ලියනගේ - හයිද්‍රdබාද් විශ්වවිද්‍යාලය
http://www.divaina.com/2013/06/20/feature01.html

0 comments:
Post a Comment