Pages

Tuesday, June 25, 2013

සිරියානු කැරලි කණ්ඩායම් අතරේ මතභේද උග‍්‍ර වේ

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව සටන් වැද සිටින නිදහස් සිරියානු හමුදාව සහ අල් නුස්රා සටන්කාමීන් අතර මතභේදාත්මක තත්වයක් වර්ධනය වී ඇතැයි තතුදත් ආරංචි මාර්ග වාර්තා කරයි.

දේශපාලන විචාරක අෆ්ෂන් රට්ටන්සි පවසන්නේ පසුගියදා තුර්කියේ ඉස්තාන්බුල් හි පැවති ගරිල්ලා කණ්ඩායම් ප‍්‍රධානීන්ගේ හමුවක් අසාර්ථක වූ පසු ඔවුන් අතර බල අරගලයක් ව්‍යාප්තව ඇති බවයි.  අල් කයිඩා සංවිධානය හා සම්බන්ධ අල් නුස්රා සටන්කාමීන් දරුණු මූලධර්මවාදී කණ්ඩායමක් ලෙස සැලකෙන අතර ඔවුන් විසින් නිදහස් සිරියානු හමුදාවේ ප‍්‍රධානීන් රැුසක් මේ වන විටත් මරා දමා ඇතැයි පැවසේ.

දේශපාලන විචාරකයන් පවසන ආකාරයට සිරියානු රජයට එරෙහිව කැරලිකරුවන්ට බිලියන ගණනින් ආධාර කරන ඇමරිකාව සහ මිතුරන්ගේ වුවමනාවන් සැපිරෙන්නේ අල් නුස්රා සටන්කාමීන් අතින් නිසා ඔවුන් සන්නද්ධ කිරීම විසින් මේ අභ්‍යන්තර කුලල් කා ගැනීම් වඩාත් සාහසික වනු ඇත.

අවි ලබා දිය යුතු නායකත්වය කවරෙක්ද යන්න සිරියානු දේශසීමාවේ 2000ක සේනාංකයක් සහ යුධෝපකරණ සහිතව යුධ සූදානමක සිටින ඇමරිකාව විසින් හඳුනාගෙන ඇති බවත් ප‍්‍රංශය එය මෙතෙක් පැහැදිලි කරගෙන නොමැති බවත් රට්ටන්සිගේ අදහසයි.

මේ තත්වය යටතේ බටහිර ජාතීන් සිදුකළ යුතුව පවතින්නේ අවි සැපයීම නොව කැරලිකරුවන් ජිනීවාහි පැවැත්වීමට යෝජිත සාකච්ඡුා වෙත යොමුකිරීමත් දැඩි සරණාගත ගැටළුවකට ලක්ව සිටින සිරියාවට මානුෂික ආධාර සැපයීමත් බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

June 24, 2013 at 11:31 am | lanka C news

0 comments: