Pages

Tuesday, June 11, 2013

13 ගැන කතා කරන්න තොණ්ඩමන් සෝනියා හමුවේ

13 වැනි සංශෝධනය සම්බන්ධව මතු වී ඇති අර්බුදය ඇතුළු වෙනත් කරුණු පිළිබඳව ලංකා කම්කරු කොංග්‍රස්‌ නායක ආරුමුගම් තොණ්‌ඩමන් මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ කොංග්‍රස්‌ නායිකා සෝනියා ගාන්ධි සමඟ සාකච්ඡා පවත්වා ඇත.

පසුගිය සිකුරාදා (7 දා) නවදිල්ලියේදී මේ සාකච්ඡා පවත්වා තිබේ.

මෙහිදී සහජීවන ක්‍රියාදාමයට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට තම පක්‍ෂය සහභාගි වන බව තොණ්‌ඩමන් මහතා පවසා ඇතැයි ආරංචි මාර්ග කියා සිටී.

සෝනියා සමඟ මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්, මන්ත්‍රී පී. රාජදුරෙයි, හිටපු පළාත් සභා මන්ත්‍රී යුවරාඡ් සහ අනුෂ සිවරාඡ් යන පිරිස සහභාගි වී ඇත.

සෝනියා ගාන්ධි මහත්මිය සමඟ රාජ්‍ය ඇමැති පී. නාරායන් ස්‌වාමි ද සාකච්ඡාවට සම්බන්ධ වී තිබේ.

සෝනියා සමඟ සාකච්ඡා - කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/11/news08.html

0 comments: