Pages

Sunday, June 9, 2013

පොලිස් ඉඩම් බලය ගැන අවසන් තීරණයට තේරීම් කාරක සභාවක්

දහතුන් වැනි සංශෝධනය යටතේ පවතින පොලිස් හා ඉඩම් බලතල සම්බන්ධයෙන් සිදු කරනු ලබන ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රථම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂවලින් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර එය හරහා විසදුමක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සැප්තැම්බර් මාසයට ප‍්‍රථම සියලූම පක්ෂවලින් සමන්විත තේරීම් කාරක සභාවක් පත් කරනු ලබන අතර ඒ ඔස්සේ පොලිස් හා ඉඩම් බලතල ලබා දෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට අපේක්ෂා කරයි.

මෙහි දී සමහර පක්ෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නොපැමිණියහොත් එම පක්ෂ නොමැතිව වුව ද පොලිස් හා ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා  සංශෝධනය ඉදිරියට ගෙන ඒම රජයේ අදහස වි ඇතැයි ප‍්‍රබල  අමාත්‍යවරයෙක් රිවිරට පැවසිය.

ඉදිරියේ දී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වැනි  සංශෝධනයට කිසියම්  සංශෝධනයක් ඉදිරිපත් කිරීමේ දී සියලූම පළාත් සභාවල අනුමැතිය ඒ සදහා අවශ්‍යය යන වගන්තිය බහුතරයක් පළාත් සභාවල අනුමැතිය ඇතිව සිදු කළ  හැකිය යනුවෙන් සංශෝධනය කිරීමටත් පළාත් සභා දෙකක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ඒකාබද්ධ කිරීම කළ හැකිය යන වගන්තිය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.

June 9, 2013 at 8:41 am | lanka C news

0 comments: