2012 ඔක්‌තෝබර් මාසයේදී සිදුකළ ඉන්දීය සංචාරයෙන් අනතුරුව පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධානය ඉන්දියාවේ සංචාරයක නිරතවිය. ඇත්තෙන්ම ඔවුන් ඉක්‌මන් ඉන්දීය සංචාරයකට පොළඹවනු ලැබුවේ 13 වැනි සංශෝධනයේ බලතල අඩු කිරීම වෙනුවෙන් සිංහල සමාජයේ ඇතිව තිබෙන දැඩි ඉල්ලීමයි. මෙම දූත පිරිස ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් හා ජාතික ආරක්‍ෂක උපදේශක ශිවශන්කර් මෙනන් ද හමුවී පසුව ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සින් මහතා හමුවී තම දුක්‌ගැනවිලි ප්‍රකාශ කර ඇත. දෙමළ සන්ධාන නියෝජිතයන් හා අගමැතිවරයා අතර සාකච්ඡාව විනාඩි 40 ක් පුරා පැවැති අතර එහිදී 13 වැනි සංශෝධනයේ බලතල කප්පාදුව සඳහා ඉදිරිපත්ව ඇති ව්‍යවස්‌ථා සංශෝධන උතුරු පළාත් සභා මැතිවරණය, උතුරු නැගෙනහිර වර්තමාන තත්ත්වය මෙන්ම ඉන්දීය ආධාරවලින් කෙරෙන සංවර්ධන කටයුතු ගැනද දීර්ඝව සාකච්ඡා වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජුනි 16 සිට 19 දක්‌වා දෙමළ සන්ධාන නියෝජිත පිරිස දිල්ලියේ සංචාරය කළ අතර මේ සංචාරයට ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, පී. සෙල්වරාජා, සෙල්වම් අඩෙයිකලනාදන් හා එච්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරු එක්‌ව සිටියහ. කවරක් නමුත් මේ මන්ත්‍රිවරුන් හයදෙනා හමුවේ ඉන්දීය අගමැතිවරයා 13 වැනි සංශෝධනයේ බලතල කප්පාදුව පිළිබඳව සිය විමතිය පළකර ඇත, මේ විමතිය පිළිබඳව නම් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සතුටු වන්නට ඇත.
දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සිය උකටලීභාවය ගැන දිල්ලියේ බ්‍රාහ්මණ වංශික විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීන් දැනුවත් කිරීමට යැමට පෙර සතියේ භාරතීය ජනතා පක්‍ෂයේ නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරත විය. ඔවුහු ජනාධිපතිවරයා මෙන්ම ආරක්‍ෂක ලේකම් හමුවූ අතර කොළඹ මාලිගාකන්දේ මහාබෝධි විහාරයට ගොස් පිරිත් සඡ්Cධායනයකට සවන්දී ආශිර්වාද ලබාගන්නා ඡායාරූප පුවත්පත්වල පළවී තිබිණි. මෙම නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබුවේ භාරතීය ජනතා පක්‍ෂයේ මන්ත්‍රී රවිශන්කර් ප්‍රසාද් මහතා විසිනි. රවිශන්කර් ප්‍රසාද් මහතා ඉන්දීය පාර්ලිමේන්තුවේ උත්තර මන්ත්‍රී මණ්‌ඩලය වන රාජ්‍ය සභාවේ නියෝජ්‍ය විපක්‍ෂ නායකවරයකු ශ්‍රී ලංකා සංචාරය යෙදෙන අතරතුර ජුනි 07 වැනිදා ඔහු වැදගත් අදහසක් ප්‍රකාශකර තිබිණි. එනම් ලාංකික දෙමළ ජනයා සිය ප්‍රශ්න ඉන්දියාව විසින් විසඳනු ඇතැයි බලාපොරොත්තු විය යුතු නැති බවයි.
ඒ අනුව මේ නියෝජ්‍ය විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙරට දෙමළ ජනයාගේ ප්‍රශ්නය ලංකා ආණ්‌ඩුවෙන්ම විසඳිය යුතු බවත් එයට තමන්ට අතපෙවිය නොහැකි බවත් නොවේද? සැබවින්ම මෙය අගය කළ යුතු අදහසකි. විශේෂයෙන්ම මේ අදහස් දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබුණාද යන්න අප දන්නේ නැහැ. ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳීමට ඉන්දියාවට මැජික් බලයක් නැති බවත් භාරතීය ජනතා පක්‍ෂ දේශපාලන නායකයා ප්‍රකාශකර තිබිණි. ඇත්තෙන්ම මේ රටේ සිංහල දෙමළ මුස්‌ලිම් යන සියලු කොටස්‌හි ප්‍රශ්න විසඳීමට බලයක් ඇත්තේ ලංකා රජයට මිස දිල්ලියට නොවේ. දිල්ලිය ලංකාවේ දෙමළ ප්‍රශ්නය විසඳන්නට යම් යම් "මැජික්" උපක්‍රම යොදාගත්තාද ඒවා ආපසු ඔවුන්ටම භූමරංගයක්‌වූ බව නොදන්නා කෙනෙක් නැත. ඒ ගැන නැවත නැවත පුනරුච්ඡාරණ කළ යුතු නැත.
ඇත්තෙන්ම ලංකාවේ ප්‍රශ්නය කෙසේ නමුත් ප්‍රභාකරන් පරාජය කිරීම තුළින් විශේෂයෙන්ම නන්දිකඩාල් කලපුවේදී ලත් ජයග්‍රහණය තුළින් ඉන්දියාවට විශාල වාසියක් අත්කර දීමට ලංකා හමුදාවන්ට හැකිවිය. තමිල්නාඩුවේ දෙමළ ප්‍රජාව මිලියන 72 කි. ප්‍රභාකරන් උතුරු නැගෙනහිර ඊළම පිහිටෙව්වා නම් තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදය වඩා උත්සන්න වී ඔවුන්ද වෙනම රාජ්‍යයක් වෙනුවෙන් කැරළිගසනු ඇත. ඒනිසා ලංකා හමුදාව කොටි ත්‍රස්‌තවාදය සමඟ මතුවන්නට තිබූ තමිල්නාඩු බෙදුම්වාදී කැරැල්ලද පරාජය කර ඇති බව පැහැදිළිය. මේ බව භාරතීය ජනතා පක්‍ෂ නායකයන්ට නම් යම් අවබෝධයක් ඇති බව රවිශන්කර් ප්‍රසාද් මහතාගේ කථාවලින් පැහැදිලිවේ.
උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල නොදිය යුතු යෑයි පවසමින් ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාට අත්සන් දශලක්‍ෂයක පෙත්සමක් භාරදෙද්දී උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බව ශ්‍රී ලනිපය ප්‍රකාශකර තිබිණි. 13 වෙනස් කිරීම ගැන සාකච්ඡා වූ කැබිනට් මණ්‌ඩල රැස්‌වීම ඇමැතිවරුන් එකිනෙකා ඉතා සාහසික අන්දමින් බැන අඬගහගන්නා තරමේ උණුසුම් එකක් වූයේ ඔවුන් අතර ඇති විවිධ දේශපාලන මතිමතාන්තර නිසාය.
වර්තමාන ආණ්‌ඩුවේද උතුරු පළාත් සභාවට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතු යෑයි පවසන්නේ කොටි සංවිධානය කිසිම විටක යුද්ධයෙන් පරාජය කළ නොහැකි යෑයි පැවසූ දේශපාලන නායකයන් විසිනි. අද කොටි සංවිධානය අළු බවට පත්වී ඇතත් මේ දේශපාලන නායකයෝ පෙඩරල් බලය බෙදීමක් වෙනුවෙන් පෙනී සිටියි. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයෙන් පසුව රට එක්‌සේසත් වී ඇති යුගයක යළිත් වරක් ඉඩම් හා පොලිස් බලතල ලබාදී ඊළාම් රිලවුන්ට ඉනිමන් ලබාදීම සිදුකළ යුතු නැත.
සිංහල සමාජය උතුරු නැගෙනහිරට සිදුකරන පූර්ණ බලතල බෙදීමකට කිසිසේත් කැමැති නැත. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1995, 1997 මෙන්ම 2000 වසරේදීත් දේශපාලන යෝජනා ඉදිරිපත් කළේ ලංකාව ෙµඩරල් කිරීම වෙනුවෙනි. එදා මේ ව්‍යවස්‌ථා සංශෝධන පාර්ලිමේන්තුව තුළදීම ගිනි තබනු ලැබුවේ සිංහල ජාතිවාදී පක්‍ෂ විසින් නොව එක්‌සත් ජාතික පක්‍ෂය විසින්මය, එදා බලය බෙදීමේ ව්‍යාපෘති ඉදිරිපත් වූයේ කොටි බෝම්බ කොළඹ මහ බැංකුව දෙදරන විටය. නමුත් මේ ෙµඩරල් ව්‍යවස්‌ථාවන් ඉදිරිපත් කිරීම තුළින් ප්‍රභාකරන් දණ නැමුවේ නැත. සහ සන්ධීය රාජ්‍යයකට පවා ප්‍රභාකරන් එකඟවූයේ නැත. කොළඹ ආණ්‌ඩුවට ප්‍රභාකරන් තුවක්‌කුව දික්‌කරගෙන සිටිද්දී පවා උතුරු නැගෙනහිරට විශේෂ බලතල ලබාදීම වෙනුවෙන් සිංහල ජනමතයක් ගොඩ නැගුනේ නැත. මර බිය පලවා හැරීමට ෙµඩරල් ව්‍යවස්‌ථා ගෙනආවත් එයින් පළක්‌වූයේ නැත. ඇත්තෙන්ම ආණ්‌ඩුවේ ඇතැම් ඇමැතිවරුන් කියන ආකාරයට උතුරු පළාතට පොලිස් හා ඉඩම් බලතල ලබාදී පළාත් සභාව පිහිටෙව්වද ඊළාම්වාදීන් මේ බලතල වලින්ද සතුටු වන්නේ නැත. තවත් බලතල ඉල්ලනු ඇත. පොලිසියක් පමණක් නොව වෙනම ඊළාම් රෙජිමේන්තුවක් ඇති කිරීමටත් බලතල ඉල්ලනු ඇත. ඇත්තෙන්ම ඊළාම් පිපාසාව කිසිවිටක සමනය කළ හැක්‌කක් නොවේ. ඊළාම් පිපාසාව දැන් ප්‍රභාකරන්ගෙන් පසු දෙමළ සන්ධානයට මාරුවී ඇත. ඔවුන් උතුරු පළාත් සභාව හරහා එම පිපාසාව දුරුකර ගැනීමට මාන බලති.
ඇත්තෙන්ම ශ්‍රී ලංකා රජය උතුරු පළාතට පොලිස් බලතල ලබාදිය නොහැකි බව ඉන්දියාවට දන්වා ඇතැයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත් 20 වැනිදා අයිලන්ඩ් පුවත්පතට පවසා තිබිණි. ආරක්‍ෂක ලේකම්වරයා උතුරු පළාතට ඉඩම් මෙන්ම පොලිස් බලතල ලබාදීමටද මීට පෙර එරෙහිවිය. ශ්‍රී ලනිපය කියන ආකාරයට උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් විය හැක. නමුත් උතුරු පළාත තනි දෙමළ පළාත් සභාවක් වන්නේ නම් එය සමස්‌ත ලාංකිකයන්ටම නිග්‍රහයක්. මෙරට අන් කිසිම පළාත් සභාවක් තනි සිංහල හෝ තනි දෙමළ පළාත් සභාවක් නම් නොවේ. දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් කෙසේ වෙතත් මනුෂ්‍යයන් ලෙස ජීවත්වීමේ ජයග්‍රහණය ලැබුණේ 2009 මැයි 19 වැනිදාය. එදිනෙන් පසු කිසිම දෙමළ දරුවකු පාසල් යද්දී බලෙන් යුද පුහුණුවට රැගෙන ගියේ නැත. පවුල් පිටින් බලහත්කාරයෙන් බංකරවල සේවයට ගැණුනේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයට පෙර ජීවත්වීමේ අයිතිය තහවුරු විය යුතුය. ජීවත්වීමේ අයිතිය තහවුරු නොවන්නේ නම් එතැන ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිවේ. එනිසා උතුරේ ජනතාව තම ජීවත්වීමේ අයිතිය සුරැකීම පිළිබඳ සතුටුවිය යුතුය. ඉඩම් හා පොලිස් බලතල ගැන උකටලී විය යුතු නැත.
චතුර පමුණුව
http://www.divaina.com/2013/06/23/politics01.html

0 comments:
Post a Comment