Pages

Saturday, June 15, 2013

පළාත් සභා යනු පාර්ලිමේන්තු යන්න බැරි වූ අය රඳවන තැනක් - දයාරත්න හිමි

පළාත් සභා යන මැතිවරණයකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වීමට නොහැකි වූ පුද්ගලයන් රඳ්වා තබාගන්නා ආයතනයක් බවත්, රටේ පරිපාලනය අවුල් කරන්නා වූ බෙදුම්වාදයට පාර කපන සුදු අලියෙක් බවත්, ’සිංහල රාවය’ සංවිධානයේ අක්මීමන දයාරත්න හිමියෝ ප‍්‍රකාශ කළහ. උන්වහන්සේ මෙම අදහස් ප‍්‍රකාශ කරන ලද්දේ දෙහිවල පැවති මාධ්‍ය සාකච්ඡවකදීය.

මෙවන් ආයතනයක් රට තුළ ක‍්‍රියාත්මක වීම තුළ ඇතැම්විට මධ්‍යම ආණ්ඩුවට පාලනය පවා කළ නොහැකි තත්ත්වයට පත්වන බවත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහා අහෝසි කළයුතු බවත් උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

යම් ආකාරයකින් උතුරේ ඡුන්දය මෙම සැප්තැම්බර් මාසයේ පවත්වනවානම් ඊට ප‍්‍රථම, යුදමය තත්ත්වයට ප‍්‍රථම උතුරේ පදිංචිව සිටි සිංහල පවුල් 15000 ක් නැවත පදිංචි කර ඔවුන්ගේ ඡන්ද බලය ලබාදී ඡන්දය පැවැත්වීමට රජයත්, මැතිවරණ කොමසාරිස්තුමාත්, වගබලාගත යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.

June 13, 2013 at 5:08 pm | lanka C news

1 comments:

Anonymous said...

රටේ අනාගතය වෙනුවෙන් බොදුබල සේනාවට කරන ආයාචනයකි

අද ප්‍රාදේශීය සභා සහ පළාත් සභා වලට පත්වී සිටින අයගෙන් සියයට අනුනවයක් කිසිම උගත් කමක් නොමැති අය බව සක්සුදක් සේ පැහැදිලිය. මෙය චන්ද දායකයින්ගේ වරදක් නොව, ඔවුන් කර ඇත්තේ පක්ෂ විසින් පත්කරන ලද අපේක්ෂකයින්ට පක්ෂය වෙනුවෙන් චන්දය දීම පමණකි.

මෙසේ පත්වූ කිසිම වත්කමක් නොතිබූ නුගතුන් අද ප්‍රකෝටිපතියන් බවට පත්වී ඇත. ඔවුන්ගේ එකම පරමාර්ථය දුෂිත අන්දමින් මුදල් හම්බකිරීම පමණකි. තවද ජනතාව තලා පෙලා අයියලා වීමය. මේ මුග්ධයින් සියලු දෙනාම රැවුල් වවාගෙන අමුතුම රවුර්ධ වේශයක් ගෙන සිටී.ඒ ඔවුන්ගේ අභිප්‍රායන් ඉටුකරගැනීමට රුකුලක් වන බැවිනි .

මොවුන් අනාගතයේ දිනක පාර්ලිමේන්තුවට පත්වූවිට මේ රටේ අවසානයේ ආරම්භය සනිටුහන්වනු ඇත. අනාගත පරපුර වෙනුවෙන් බොදුබල සේනාවේ සන්ග්‍යවහන්සේලට කරන්නට හැකි මහඟු සේවයක් වනුයේ මේ මැරයින්ට විරුද්ධව සටනක් වහාම දියත් කිරීමය.

මගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය නිර්නාමිකව ඉදිරිපත්කරමි.