Pages

Monday, June 24, 2013

හෙළ උරුම මන්ත්‍රීගේ ඉල්ලීමට අනුව පොසොන් පොහෝදා මහනුවරදී පැවැත් වූ පෞද්ගලික පන්ති තුනක්‌ අතරමග නතර කරයි.

පොසොන් පෝදා නිවාඩුව නොසලකා පවත්වාගෙන යන ලද මහනුවර පෞද්ගලික පංති තුනක්‌ අතර මග නතර කිරීමට පංති පාලකයෝ ඉදිරිපත් වූහ.

ජාතික හෙළ උරුමය මහනුවර දිස්‌ත්‍රික්‌ සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්‌වර්ණතිලක මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරය දක්‌වමින් මෙම අතිරේක පංති පවත්වා ගෙන යැම නතර කරන ලදී.

පේරාදෙණිය නගරයේ එක්‌ පංතියක්‌ද, මහනුවර විලියම් ගොපල්ලව මාවතේ සහ මහනුවර පේරාදෙණිය පාරේ පවත්වා ගෙන යන පෞද්ගලික පංති වෙත ගිය තුෂාර ස්‌වර්ණතිලක මහතා පොසොන් පෝ දිනය වැනි ජාතික හා ශාසනික වැදගත්කමක්‌ ඇති දිනයක තරුණ දරුවන් ආගමික කටයුතුවලින් බැහැර කර පෞද්ගලික ආධාරක පංතිවලට යොමු කිරීමේ නුසුදුසුකම පෙන්වාදීමෙන් පසුව පංති නැවැත්වීමට පියවර ගත් බව තුෂාර ස්‌වර්ණතිලක මහතා "දිවයින"ට පැවසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2013/06/24/news28.html

1 comments:

KAS said...

පාලකයන්ගේ උවමනාව දරුවන් ඉගෙනගැනීම නවත්තන්න. මොලේ නැති හරක් ටිකක් හදලා උන්ට කැමති විදිහට පාලනය කරන්න. මේ මිනිස්සු කරන්නෙත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැති කරලා ඒ වැඩේට උදව් කරන්න. ඉගෙන ගන්න දරුවන්ට පෝය කියලවත් අවුරුදු කියලවත් වෙන මොනම නිසාවත් බාධා කරන එකා වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය එකෙක් වෙන්න ඕන. නැත්නම් කුහකකම හිතේ තියෙන එකෙක් වෙන්න ඕනේ.