Pages

Tuesday, June 11, 2013

හිමිනමකට පහරදුන් පුද්ගලයා තවම නිදැල්ලේ

දොඩම්ගස්‌ලන්ද අලකොළමඩ ධම්මාධාර මහ පිරිවෙනේ හිමිනමකට පහරදුන් පුද්ගලයා මේ වනතුරු අත්අඩංගුවට ගැනීමට ගොකරැල්ල පොලිසියට නොහැකි වී ඇත.

දැනට සති දෙකකට පමණ පෙර එම පිරිවනේ නේවාසිකාගාරයකදී අලකොළමඩ රතනවංශ නමැති කුඩා සාමනේර හිමිනමකට මෙම පුද්ගලයා විසින් පහරදී ඇති අතර පහරදීමෙන් තුවාල ලත් රතනවංශ හිමියන් රිදීගම රෝහලට ඇතුළත් කෙරිණි.

මදුරාගොඩ දිනිමිනියාතැන්න උඩවංගුවේ පදිංචි මෙම පුද්ගලයා දිනපතා ඉතිරි වන දානය රැගෙන යැමට පිරිවෙනට පැමිණෙන බවත් එහිදී ඇතිවූ යම් සිද්ධියකදී එදින මෙම පහරදීම සිදුවී ඇති බවත් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සිදුවූ අවස්‌ථාවේ පිරිවෙන් අධ්‍යක්‌ෂ අලකොළමඩ ගුණරතන හිමියන් විහාරස්‌ථානයෙන් බැහැරව ගොස්‌ සිටි අතර සිද්ධිය සැලවූ සැනින් ගොකරැල්ල පොලිසිය වෙත සිද්ධිය දැනුම් දීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ පොලිසිය පුද්ගයලයා අත්අඩංගුවට ගැනීමට සෝදිසි මෙහෙයුමක්‌ ආරම්භ කළද ඒ වන විට ඔහු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇත.

තුවාල ලත් රතනවංශ හිමියන් රිදීගම රෝහලේ දින 4 ක්‌ නේවාසිකව ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගොකරැල්ල පොලිසිය මගින් දිනපතා මෙහෙයුම් සිදු කෙරේ.

ගොකරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. වනිගසේකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වේ.

දොඩම්ගස්‌ලන්ද - ඩබ්. ඒ. ජයසේකර 
http://www.divaina.com/2013/06/11/provin04.html

0 comments: