වසර 300 කට වඩා පැරැණි සඳකඩපහණක් කැබිතිගොල්ලෑවේ හේරත්හල්මිල්ලෑව විහාරයෙන් පසුගියදා සොරාගන්නා ලදී. මෙය සොරාගත් පිරිස එහි ඇතුළත රන් කැබලි සහ මුතු මැණික් යනාදිය ඇතැයි සැකකර එය කැබලි කර බලා, ඒ කැබලි සමූහය හිඟුරක්‌ගොඩ ළිඳකට දමන ලදැයි ඊයේ (14 දා) අපි දැන ගතිමු. මේ සම්බන්ධයෙන් අප දරන මූලික අදහසක් තිබේ. ඒ වූ කලී රන් සෙවීමට සඳකඩපහණ කඩා බැලීම දෙමාපියන්ගේ කුස පලා රන් තිබෙනවා දැයි බැලීම හා සමාන නීච ක්‍රියාවක් බවයි. මේ කාලකණ්‌ණි, අධම මනුෂ්‍යයන් පිරිස විසින් කඩා බිඳ දමන ලද්දේ මේ රටේ සංස්‌කෘතික උරුමයයි. සඳකඩපහණක් යනු ඒ උරුමයේ සාක්‍ෂිකරුවෙකි. අප සතුව තිබූ චිත්‍ර ශිල්පය, කැටයම් ශිල්පය, බොදු බැතිය, ආධ්‍යාත්මික සංයමය යන සියල්ල සඳකඩපහණක අන්තර්ගත ය. සඳකඩපහණක් නෙළීමට අප්‍රමාණ සංයමයක් අවශ්‍ය ය. ඉපැරැණි සඳකඩපහණක් සාදන ලද්දේ ෆයිබර්ග්ලාස් වලින් අච්චුවක් තනා ප්ලාස්‌ටර් ඔෆ් පැරිස් හෝ සිමෙන්ති බදාමය එහි වක්‌කිරීමෙන් නොවේ. එය ගලක් සමතල කර, ජ්‍යාමිතික මිනුම් ඒකකවලට අනුව එය අඩකව කර, එම අඩකවය ක්‍රමයෙන් කුඩාවන සමාන්තර අඩකවවලට බෙදා ඒවායෙහි සත්ත්ව රූප නෙළමින් කරන දුෂ්කර ව්‍යායාමයකි. සඳකඩපහණ විමසන ඇතැම් මෝඩයන් කියන්නේ ගල් මෘදු කිරීමේ තාක්‍ෂණයක් අතීත සිංහලයා සතුව තිබූ බව ය. මෙය පල් බොරුවකි. ගල් යනු අභිමත විටෙක ඝන බවට පත් කිරීමට හෝ මොළොක් බවට පත් කිරීමට හැකි අයිස්‌ක්‍රීම් හෝ ජෙලි වැනි ද්‍රව්‍යයක් නොවේ. පුරාණ සිංහල කලාකරුවා මෙය තනිකරම කරන ලද්දේ ගල් කටුවේත්, මිටියේත්, හිතේ සවියේත් උදව්වෙනි. ඔවුහු අප්‍රමාණ ඉවසීමේ කලාව ප්‍රගුණ කර සිටියහ. පුරාණ සිංහල ගල් කැටයම්කරුවන් හැමෙකෙකුම භාවනාවට පුරුදුව සිටි බව ඔබ දනිත්ද? භාවනාවෙන් සිත දමනය කළ මිනිහාට ඉතා ඉවැසිල්ලෙන් වැඩක් නිම කිරීමට හැකි විය. භාග්‍යයවත් ගෞතමයාණන් වහන්සේ සති හත අටක් එක දිගට එක තැන වැඩ සිටිමින් භාවනා කිරීමට ශක්‌තිය තිබූ උතුමෙකි. සඳකඩපහණ එන්නේ එකී උත්තම සංස්‌කෘතික උරුමය හරහා ය.
රත්රන්, මැණික්, හෙණරාජ තෛලය යනාදිය සෙවීම සඳහා දාගැබ්වල මධ්‍යය සිදුරු කිරීම, බුද්ධ ප්‍රතිමාවල පපු පෙදෙස හෝ හිස හෑරීම යනාදිය අතීතයේදී සිදු වී පසු කාලයේදී නැතිව ගොස් මේ රටේ වාණිජ සංස්‌කෘතිය මස්‌තක ප්‍රාප්ත වූ විට නැවත වරක් හිස එසැවීය. අද වන විට මේ රටේ සංරක්‍ෂණය නොකළ පුරාවස්‌තුවලින් වැඩි හරියක් නිදන් සොරුන්ගේ ඉලක්‌ක බවට පත්ව තිබේ. නිධානයක් ගැනීමට ගලක් පැලීම සහ නිධානයක් ගැනීමට බුද්ධ ප්‍රතිමාවක් හෑරීම යන්න අතර විශාල වෙනසක් තිබේ. ගල පැලීමෙන් සිදුවන්නේ පාරිසරික හානියක් පමණි. වැඩිම වුණොත් මනුෂ්‍ය බිල්ලක් හෝ කුකුළු බිල්ලක් දීමට සිදු වීමෙන් මෙහිදී ජීවිත හානියක් වෙයි. එහෙත් මැණික් ගල් හෝ රන් කැබලි තිබේ දැයි බැලීම සඳහා බුදු පිළිමවල සිරස හෝ පපුව හෑරීමෙන් එම ප්‍රතිමාව යළි කිසි කලෙකත් ප්‍රතිසංස්‌කරණය කළ නොහැකි ලෙස විනාශයට පත් වෙයි. ඇතැම් බුද්ධ ප්‍රතිමා ඝන වනාන්තර මධ්‍යයෙහි තිබී වසර දහස් ගණනක ඇවෑමෙන් සොයා ගන්නා විටත් සිරස බිඳ පපුව හාරා විකෘති කර තිබේ. එවිට එම ප්‍රතිමාවේ මුල් ස්‌වරූපය හඳුනාගත නො හැකි නිසා එය ප්‍රතිසංස්‌කරණය කළ නො හැක. එමගින් සිදුවන්නේ අපේ සංස්‌කෘතික ධනයෙන් කොටසක් අපට අහිමි වී යැම ය. ඉපැරැණි වෙහෙර විහාර, ප්‍රතිමා පමණක් නොව ගල් කණු ද එම ගල් කණු පිහිටි භූමිය ද අපේ සංස්‌කෘතික ධනයේ කොටස් ය. පුරාවස්‌තු විනාශයෙන් අපේ සංස්‌කෘතික බැංකුව බංකොලොත් වෙයි. වසර 200 කට වැඩි ඉතිහාසයක් නැති රටවල් පවා තමන් සතුව ඇති ගල්ගෙඩි, පැරැණි ලී කැබලි, පොත් යනාදිය කෞතුකාගාරවල පුරවාගෙන ඒවාට වැඳ පුදති. ඒ මන්ද? ජාතියක නැඟීමට සංස්‌කෘතියේ සුරක්‍ෂිතතාව අතිශයින් ම බලපාන බව ඔවුන් දන්නා නිසාය. අප කරන්නේ සංස්‌කෘතිය අතනින් මෙතැනින් ගලවාගෙන කෑමයි. කැබිතිගොල්ලෑවේ සඳකඩපහණ කැබලි කර ළිඳට දැමූ සොරු රැළ ද එම ළිඳටම හෙළිය යුතුය. එහෙත් ඒ සඳහා අවශ්‍ය නීති අපට නැත.
http://www.divaina.com/2013/06/15/editor.html

0 comments:
Post a Comment