Pages

Tuesday, June 25, 2013

මධ්‍යම කඳුකරයේ දේශීය නොවන වන වගා ඉවත් කරනවා - මධ්‍යම පළාත් කෘෂිකර්ම ඇමැති

මධ්‍යම කඳුකරයෙන් ආනයනික වාණිජ වගාවන් ලෙස අසූව දශකයේ සිට වගාකළ දේශීය නොවන වන වගාවන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පියවර ගන්නා බව මධ්‍යම පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, පරිසර ඇමති නිමල් පියතිස්‌ස මහතා ඊයේ (24දා) "දිවයින"ට පැවැසීය.

මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවල උස්‌ කඳු මුදුන්, ජල මූලාශ්‍ර ප්‍රදේශ, ජලාශ වැව් රක්‍ෂිත කලාපවල අක්‌කර හතළිස්‌ දහසක යුකැලිප්ටස්‌, පයිනස්‌, ටර්පන්ටයිම් වැනි ආනයනික වන වගා කර ඇති බවද පළාත් ඇමැතිවරයා පැවැසීය.

මේ වන විට පයිනස්‌ වන වගා ඉවත්කිරීම ආරම්භ කර ඇති අතර ඉවත් කෙරෙන වන වගා භූමිවල දේශීය වන වගා සහ පළතුරු වගා කිරීමට අවධානය යොමුව ඇත.

ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල වගා කෙරෙන මෙම ආනයනික වාණිජ වන වගා කළ ප්‍රදේශවල ජල මූලාශ්‍රවලට දැඩි බලපෑමක්‌ සිදුව ඇති බවත් ජෛව පද්ධතියටද දැඩි බලපෑමක්‌ එල්ලවී ඇති බවත් මධ්‍යම පළාත් ඇමති පියතිස්‌ස මහතා අවධාරණය කළේය.

මෙම වන වගාවට පෙර මෙම ප්‍රදේශ නිජබිම් කරගෙන සිටි සත්ව සහ ශාක සම්පත වඳවී යැමේ සහ විනාශයට පත්ව ගිය බවත් නැවත එම ප්‍රදේaශවල තිබූ පරිසර පද්ධතිය ගොඩනැගීම සඳහා පියවර ගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද හෙතෙම පැවැසීය.

කුඹුක්‌, මී, කොස්‌, ඇටඹ, අලි පේර, පිහිඹියා ඇතුළු ජල මූලාශ්‍ර පද්ධතියට ගැලපෙන වන වගාවන් ආරම්භ කිරීම සඳහා පියවර ගන්නා බවද ඒ මහතා පැවැසීය.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
http://www.divaina.com/2013/06/25/news21.html

0 comments: