Pages

Tuesday, June 18, 2013

ගව ඝාතනයට සහ අන්‍ය ආගම්කරණයට එරෙහි අධිෂ්ඨාන පාගමන ඇරැඹෙයි

තිස්‌සමහාරාමේ මී කිරි කියලා කොළඹ විකුණුවට ඒ කිරි තිස්‌සමහාරාමෙ නෙවෙයි. අද තිස්‌සමහාරාම, මොණරාගල, මී හරක්‌ කොළඹට පටවනවා. එළ හරක්‌ මස්‌ කියලා විකුණනවා. තව ටික කාලයකින් අපිට අපේ රටේ උතුම් ගවසම්පත මගින් ගන්නා කිරි අහිමි වෙනවා. පිටරට යෝගට්‌ කෑමට සිදුවෙනවා යෑයි සත්ත්ව අවිහිංසා සංවිධානයේ දකුණු පළාත් සංවිධායක තංගල්ල වජිරගිරි විහාරාධිපති මිරිස්‌සේ ධම්මවංශ හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ ගව ඝාතනය නතර කරන ලෙසත් අන්‍යාගම්කරණයට එරෙහි වන ලෙසත් රජයට බල කරමින් කතරගම කිරිවෙහෙර අබියසින් අධිෂ්ඨාන පා ගමනක්‌ ආරම්භ කරමිනි.

මෙහිදී තවදුරටත් කතා කරමින් උන්වහන්සේ මෙසේද පැවසූහ. මෙම ගව ඝාතන නවත්වන ලෙස අපි වග කිය යුතු අයට පැවසුවා. ඒත් ඔවුන් ගණන් ගන්නේ නැහැ. ගව ඝාතනයන්ට එරෙහිව බෝවත්තේ ඉන්දරතන හිමියන් තම සිරුරට ගිනි තියාගත්තේ ජාතියට ගිනි තියන්න බැරි නිසයි.

මේ රටේ සිදුවන ගව ඝාතන වහාම නවතා දමන ලෙස අපි පාලකයන්ට දන්වා සිටිනවා.

මෙහිදී අදහස්‌ පළ කළ සිංහල රාවයේ ජාතික සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුදම්ම හිමියෝ මෙසේ කීහ. බෝවත්තේ ඉන්දරතන හිමියන් අපවත් වුණේ මේ රටේ දිනපතාම සිදු කරන මහා ගව ඝාතනයන්ට සහ සර්ව ආගමික කුමන්ත්‍ර්‍රණවලට එරෙහිවයි. උන්වහන්සේගේ දිවි පිදුමට අර්ථයක්‌ එක්‌ කිරීමට මෙම අධිෂ්ඨාන පාගමන අපි කොළඹට ගිහින් ජනාධිපතිතුමන්ට බලකරනවා මේ ක්‍රියාවන් නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට.

මෙම අධිෂ්ඨාන පා ගමන 15 වැනිදා දින උදෑසන කතරගම කිරිවෙහෙර අබියසින් ආරම්භ කරනු ලැබු අතර මෙම අවස්‌ථාව සඳහා සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්‌මීමන දයාරත්න කිරින්ද පූර්වාරාම විහාරාධිපති හම්බන්තොට දිසාවේ ප්‍රධාන සංඝනායක අපරැක්‌කේ ධම්මවංශ, සිංහල රාවයේ ලේඛකාධිකාරී මැඩිල්ලේ පCඳ්C¹ලෝක යන හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

කතරගම - කේ. ඩී. දේවප්‍රිය හා අනුර ගාල්ලවත්ත
http://www.divaina.com/2013/06/18/news12.html

සබැඳි ලිපි -
[

සිංහල රාවය අධිෂ්ඨාන පාගමන කිරි වෙහෙරෙන් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/06/blog-post_7734.html‘ගව ඝාතන නවතනු’ – කිරිවෙහෙරේ සිට අරලිගහ මැදුරට සිංහල රාවයෙන් පාගමනක්http://denethharinna.blogspot.com/2013/06/blog-post_5046.html
]


ඉන්ද්‍රරතන යතිවිරු ජීවිත දානය සබැඳි ලිපි -[අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය...http://denethharinna.blogspot.com/2013/05/blog-post_2445.html
]

0 comments: