ගෝල්ඩන් කී මුදල් තැන්පතුකරුවන් වසර පහකට ආසන්න කාලයක් තිස්සේ ගෙන ගිය සටන කිසියම් කේන්ද්‍රස්ථානයක් කරා පැමිණ ඇති බවක් පෙනෙන්නට තිබෙයි. ගනුදෙනුකරුවන්ට සිදු වූ අසාධාරණය වෙනුවෙන් ශේ්‍රෂ්ඨාධිකරණය ලබාදුන් නිවැරැදි තීන්දුවක් මේ වන විට මල් ඵල ගැන්වෙමින් තිබීම ගෝල්ඩන් කී ගනුදෙනුකරුවන්ට මහත් වූ අස්වැසිල්ලක් වී හමාරය.
ගෝල්ඩන් කී ෙ€දවාචකයෙන් නන්නත්තාර වූ ගනුදෙනුකරුවෝ මේ වන විට බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටිති. ඒ සෙලින්කෝ වත්කම් පවරා ගැනීම සඳහා ශේ්‍රෂ්ඨාධිකරණය විසින් පත් කළ විශේෂ කාර්ය සාධක බළකාය සිය කටයුතු ක්‍රමවත්ව ආරම්භ කිරීම නිසාය. මාස තුනක කාල සීමාවක් ඇතුළත ගෝල්ඩන් කී ව්‍යාපාරයේ අධ්යක්ෂවරුන් සතු වත්කම් පවරාගෙන ඒවා තැන්පතුකරුවන්ට ගෙවා දැමීමට විශේෂ කාර්ය සාධක බළකාය කටයුතු කරමින් සිටියි.
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල, ඔහුගේ බිරිඳ සිසිලියා කොතලාවල සහ ප්‍රධාන අධ්යක්ෂවරුන් නවදෙනා සතු වත්කම් පවරා ගැනීමේ පළමු මෙහෙයුම විශේෂ කාර්ය සාධක බළකාය පසුගිය 07 වැනිදා ක්‍රියාත්මක කළේය. බම්බලපිටිය ෙෆdන්සේකා පාරේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් සහ සයමහල් ගොඩනැඟිල්ලක් පවරා ගැනීමට විශේෂ කාර්ය සාධක බළකාය පියවර ගත්තේය. ගෝල්ඩන් කී සමාගම හදිසියේම බිඳ වැටෙන්නේ ඉකුත් 2008 වර්ෂයේ ජුනි මාසයේ සිටය. ඒ වන විට එහි තැන්පත්කරුවන් 8200 දෙනකු වූහ. ඔවුන් තැන්පත් කර තිබූ මුදල් ප්‍රමාණය රුපියල් දස ලක්ෂ 9179 කි.
ගෝල්ඩන් කී සමාගම හදිසියේ බිඳ වැටීමත් සමගම එහි තැන්පතුකරුවෝ දැඩි ලෙස අසරණ වූහ. ජීවිත කාලය පුරා හරි හම්බ කළ මුදල් ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කළ අසරණයෝ රැසක් ඒ අතර වූහ.
හිටි හැටියේම තම මුදල් අහිමි වීම දරාගත නොහැකිව ඇතැම්හු සියදිවි හානි කර ගත්හ. තවත් අය විවිධ රෝගාබාධයන්ට ලක්ව මිය ගියහ.
ඇති වී තිබූ තත්ත්වයට පිළියම් සොයමින් ගෝල්ඩන් කී තැන්පතුකරුවෝ නීතියේ සරණ පැතූහ. තමන් වෙනුවෙන් පෙනී සිටින ලෙස රජයටද ආයාචනා කළහ.
වසර පහක් තිස්සේ විවිධ හැල හැප්පීම්වලට ලක්වෙමින් දිග්ගැස්සුණු ගෝල්ඩන් කී ෙ€දවාචකය විසඳීමට ශේ්‍රෂ්ඨාධිකරණයෙන් පිළිතුරක් ලැබෙන්නේ පසුගිය අප්‍රෙල් මස 04 වැනිදාය.
තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි අන්දමට කඩාවැටී ඇති සෙලින්කෝ ගෝල්ඩන් කී සමාගම නැවත පණ ගැන්වීම සඳහා අලුතින් අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට නියෝග කෙරිණි.
එමෙන්ම ලලිත් කොතලාවල, සිසිලියා කොතලාවල සහ ප්‍රධාන අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වූ එච්. කේ. එම්. පෙරේරා, ඡේ. එල්. එන්. ප්‍රනාන්දු, ඩී. ජී. එම්. පී. සුමනසේකර, ඒ. ඩී. ජෙගසෝති, පී. කේ. කරුණාරත්න, එන්. පී. කරුණාරත්න සහ ඩබ්ලිව් ඒ. බී. එම්. රණවීර යන අයවලුන් සතු වත්කම් වහාම පවරා ගැනීමටද ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එම වත්කම් පවරාගෙන ඉන් ලබන ප්රතිලාභ නව ව්‍යාපාරයට යෙදවීමටත් තැන්පතුකරුවන්ගේ හිඟ මුදල් ගෙවීමටත්, හැකි ඉක්මනින් පියවර ගන්නා ලෙස ශේ්‍රෂ්ඨාධිකරණය මහ බැංකුවට නියෝග ලබා දුන්නේය.
ඒ අනුව කොතලාවල යුවළ සහ අධ්යක්ෂවරුන් නවදෙනා සතු වත්කම් හඳුනා ගැනීමට සහ ඒවා පවරා ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කාර්ය සාධක බළකායක් ද පත් කරනු ලැබීය.
එම බළකායේ සෙසු සාමාජිකයන් ලෙස මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු, යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු, නගර සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ද පත් කෙරිණි.
පසුව එම විශේෂ බළකාය විසින් කොතලාවල යුවළගේ සහ ප්‍රධාන අධ්යක්ෂවරුන් සතු වත්කම් පිළිබඳ ලැයිස්තුවක් සකස් කරනු ලැබීය. එහෙත් කාර්ය සාධක බළකායේ ආරංචි මාර්ග පවසන්නේ මොවුන් සිය වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් පිළිබඳව තොරතුරු හෙළි කර නොමැති බවයි.
දැනට ලබාදී ඇති වත්කම් තොරතුරුවලට අනුව ඒවා පවරා ගැනීමේ පළමු පියවර ක්‍රියාත්මක කෙරිණි.
ලලිත් කොතලාවලගේ බිරිඳ වූ සිසිලියා කොතලාවලට අයත් බම්බලපිටිය ෙෆdන්සේකා පාරේ පිsහිටි සයමහල් ගොඩනැඟිල්ලක් පවරා ගැනීමට විශේෂ කාර්ය සාධක බළකාය සැලසුම් කළේය.
සෙලින්කෝ වත්කම් පවරා ගැනීමේ කාර්ය සාධක බළකායේ ප්‍රධානියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්රධානත්-වයෙන් මෙම සැලසුම ක්‍රියාත්මක කෙරිණි.
සිසිලියාට අයත් බම්බලපිටියේ පිහිටි ඉඩම සහ ගොඩනැඟිල්ල පවරා ගැනීමේ මෙහෙයුම ඉතාම රහසිගත අන්දමින් ක්‍රියාත්මක කළ යුතු විය. ඊට හේතු වූයේ මේ බව ලලිත් කොතලාවල කලින් දැන ගත්තොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබීම නිසාය.
ඉකුත් 4 වැනිදා සවස් කාලයේදී මෙම දේපළ පවරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරිණි. නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විශේෂ කාර්ය සාධක බළකායේ සාමාජිකයෝa ඒ සඳහා යැමට සූදානම් වූහ.
මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට මොහොතකට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ඒ බව දැනුම් දුන්නේය. ඒ පවරා ගන්නා ගොඩනැඟිල්ලට පොලිස් ආරක්ෂාව ලබා ගැනීම සඳහාය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු විශේෂ කාර්ය සාධක බළකායේ සාමාජිකයන් බම්බලපිටිය ෙෆdන්සේකා පාරේ පිහිටි සිසිලියාට අයත් සය මහල් ගොඩනැඟිල්ල වෙත යන තුරු ඒ බව කිසිවකු දැන සිටියේ නැත.
මෙම ගොඩනැඟිල්ලේ සුපිරි වෙළෙඳසල් කීපයක් විය. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු සෙසු සාමාජිකයෝ ඊට ඇතුළු වී වත්කම් පවරා ගැනීමේ කාර්ය ආරම්භ කළහ. ගොඩනැගිල්ලේ සුපිරි වෙළෙඳසල්වල සිටි සියලු සේවකයන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කෙරිණි.
වෙළෙඳසල් හිමියන්ට සිය භාණ්ඩ ඇතුළු අනෙකුත් උපකරණ ගොඩනැඟිල්ලෙන් ඉවත් කර ගැනීමට නිශ්චිත දිනයක් ලබා දෙන බවට ඔවුන් දැනුවත් කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කළේය.
විශේෂ කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ගොඩනැඟිල්ලට ඇතුළු වී සුළු වේලාවක් ගතවන්නට පෙර ලලිත් කොතලාවල එහි කඩා වැදුණේය.
"මේවා මගේ දේපළ. මම හරිහම්බ කරපුවා. මේවා කාටවත් ගන්න දෙන්න බැහැ" යෑයි කියමින් කෝපයෙන් කෑගසන්නට වූවේය.
"මාව මෙතැනින් හොල්ලන්න හම්බවෙන්නෙ නැහැ. මම ගොඩනඟාගත් දේවල් කාටවත් දෙන්න බැහැ" යනුවෙන් ලලිත් කොතලාවල කෑගසන්නට වූවේය. ඒ වන විට විශේෂ කාර්ය සාධක බළකායේ සාමාජිකයන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියේය.
අවසානයේදී සිය කාර්ය ඉටු කර ගැනීම සඳහා ලලිත් කොතලාවල බලහත්කාරයෙන්ම ගොඩ-නැඟිල්ලෙන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට සිදු විය.
සෙලින්කෝ ගෝල්ඩන් කී සමාගමේ මහ දළකාරයන්ට අයත් සියලු දේපළ ඉදිරියේදී පවරා ගනු නියතය. ඒ දේපළ විකුණා ලැබෙන මුදලින් අහිංසක ගැනුම්කරුවන්ට හෙට දිනයේ සහනයක් ලැබෙනු ඇත.
අහිංසක මිනිසුන්ගේ ධනයෙන් සුරසැප විඳිමින් සිsටි දළ ඇත්තු සමහරක් දැන් අප අබිමුව දණගසමින් සිටිති.
ගෝල්ඩන් කී සමාගමේ ප්රධානියකුව සිටි සිසිලියා කොතලාවල තවමත් එංගලන්තයට වී සිටින්නීය. එහෙත් ඇය අත්අඩංගුවට ගැනීමට මේ වන විට විවෘත වරෙන්තු නිකත් කර හමාරය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේද සහාය ගනිමින් සිටියි.
කෙසේ වෙතත් වසර පහකට ආසන්න කාලයක් තිස්සේ ගෝල්ඩන් කී තැන්පත්කරුවන් ගත කළ දුක්ත ජීවිතයට හෙට දිනයේ සහනයක් ලැබෙනු නොඅනුමානය.
හේමන්ත රන්දුණු

ප.ලි.
කොතලාවල මූලධර්මවාදීන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පළදී ඇත. 'සොලු යු' (SOLUU) නමින්, NGOවක් අටවාගෙන, යුද්ධය නතර කරන ලෙස කොළඹ ආණ්ඩුවට බලකරමින්, කොටි සාධාරණීය කරණය කරමින් ගෙන ගිය දේශ ද්‍රෝහී ක්‍රියාපිළිවෙත අපට මතකය. 2005 ජනපතිවරණයේදී, සිය 25,000ක් ඉකමවා ගිය සේවකයන්ට, මුසාතතු පවසමින් ('මහින්ද දිනුවොත් ඕගොල්ලන්ට රස්සා නැතිවෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම රනිල්ට ඡන්දය දියයුතුමයි' | කිසිඳු තොරතුරක් සාක්ෂි නොමැතිව නොපවසන ලියුම්කරු, මේ පිළිබඳව හොඳින්ම කරුණු දන්නේ තවමත් සෙලින්කෝ සමූහයේ සේවය කරන ඔහුගේ මිතුරන්ගෙනි), සේවකයන්ට අනිසි බලපෑම් කරමින් මේ නඩය ගෙනගිය වැඩපිළිවෙල අපට හොඳින් මතකය (ලියුම්කරු රාජපක්ෂවාදියෙකු නොවන අතර, ලියුම්කරුගේ දේශපාලන දැක්ම හෙළ බොදු මතවාදයයි. බොදු උරුමය රැක ගැනුමට ක්‍රියා නොකිරීම සම්බන්ඳයෙන් ආණ්ඩුවට සෘජුවම චෝදනා කරන්නෙකි)
සිහල බොදු බලයෙන් සිහසුන් වැඩි පාලකයන්ට අමතක වූ කෘතගුණ!කොතලාවල මූලධර්මවාදීන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පළදී ඇත. 'සොලු යු' (SOLUU) නමින්, NGOවක් අටවාගෙන, යුද්ධය නතර කරන ලෙස කොළඹ ආණ්ඩුවට බලකරමින්, කොටි සාධාරණීය කරණය කරමින් ගෙන ගිය දේශ ද්‍රෝහී ක්‍රියාපිළිවෙත අපට මතකය. 2005 ජනපතිවරණයේදී, සිය 25,000ක් ඉකමවා ගිය සේවකයන්ට, මුසාතතු පවසමින් ('මහින්ද දිනුවොත් ඕගොල්ලන්ට රස්සා නැතිවෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම රනිල්ට ඡන්දය දියයුතුමයි' | කිසිඳු තොරතුරක් සාක්ෂි නොමැතිව නොපවසන ලියුම්කරු, මේ පිළිබඳව හොඳින්ම කරුණු දන්නේ තවමත් සෙලින්කෝ සමූහයේ සේවය කරන ඔහුගේ මිතුරන්ගෙනි), සේවකයන්ට අනිසි බලපෑම් කරමින් මේ නඩය ගෙනගිය වැඩපිළිවෙල අපට හොඳින් මතකය (ලියුම්කරු රාජපක්ෂවාදියෙකු නොවන අතර, ලියුම්කරුගේ දේශපාලන දැක්ම හෙළ බොදු මතවාදයයි. බොදු උරුමය රැක ගැනුමට ක්‍රියා නොකිරීම සම්බන්ඳයෙන් ආණ්ඩුවට සෘජුවම චෝදනා කරන්නෙකි)
http://denethharinna.blogspot.com/2013/06/blog-post_1.html
සෝම හිමියන්ගේ අපවත් කිරීමටද මේ මූලධර්මවාදී නඩය සම්බන්ඳ බවට වාර්ථා පලවී තිබේ. (ඒ සම්බන්ඳයෙන් ලියුම්කරු සතුව සාක්ෂි නැත)
සබැඳි ලිපි -
[
'ගෝල්ඩන් කී' ඉපැයූ වත්කම් රාජසන්තකයි
http://denethharinna.blogspot.com/2013/06/blog-post_8.html
ඉන්ටපෝල් පොලිසියෙන් සිසිලි කොතලාවලට වරෙන්තු
http://denethharinna.blogspot.com/2013/06/blog-post_8184.html

]
0 comments:
Post a Comment