Pages

Wednesday, June 26, 2013

මු.කො. සමඟ මත ගැටුම් උග්‍ර වුවහොත් නැගෙනහිර විසුරුවයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය මුල්කර ගනිමින්  රජය සමග  පවතින මතගැටුම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉවත් වුවහොත් නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවාසීන් එක් ජාතියක් ලෙස ජීවත්වීම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල පියවර නිර්දේශ කිරීමට පත්කළ විශේෂ කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිත කණ්ඩායමට තම නියෝජිතයෙකු ඇතුළත් නොකිරීම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දැඩි විරෝධය මතු වී තිබේ. මේ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් නැගෙනහිර පළාත් සභාවේ බලය පවත්වාගෙන යාමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට නොහැකි වීම නිසා එය විසුරුවා හැරීමට රජයේ අවධානය යොමු වී  තිබේ. නැගෙනහිර පළාත් සභාවේ ස්වාධීනව කටයුතු කිරීමට  ආණ්ඩුකාරවරයා අවස්ථාව නොදීම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සභාවාර කිහිපයක්ම වර්ජනය කර තිබිණි. මේ පිළිබඳව එහි මහ ‍ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා  ඉකුත් සති අන්තයේ මෙම මන්ත්‍රී කණ්ඩායම සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.

කමණී හෙට්ටිආරච්චි - 2013 ජුනි 25  12:30  a.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=12508:2013-06-24-18-43-27&catid=34:news&Itemid=62

0 comments: