Pages

Monday, June 5, 2017

අල්ලා දෙවියන් සිහිකරමින් ලන්ඩන් නුවරුන්ට පිහියෙන් අනිති! මේ මූසළු අන්තවාදයේ නිමාව කොතැනද?

ලන්ඩනයට නැවත ජිහාඩ් ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ලවී තිබේ. මේ අල්ලා දෙවියන් වෙනුවෙන් යෑයි කියමින් අයිසිස්‌ ත්‍රස්‌තයන් තිදෙනෙක්‌ ලන්ඩන් වැසියන්ට පිහියෙන් ඇන ඇත. මොවුන් පිහි අතට ගෙන ඇත්තේ අල්ලා දෙවියන් රකින්නද?

මැදපෙරදිග සම්භවයක්‌ ඇති මෙම ත්‍රස්‌තයන් තිදෙනා විනාඩි අටක්‌ තිස්‌සේ ලන්ඩනය භීතියට පත්කර ඇති අතර වහාම එම ස්‌ථානයට පැමිණි පොලිසිය මේ තිදෙනා වෙඩි තබා මරා දමා තිබේ.

සෙනසුරාදා රාත්‍රියේ මධ්‍යම ලන්ඩනයේ පාලම මත පැයට කිලෝමීටර් 70 කට වැඩි වේගයෙන් සුදු පැහැති වෑන් රථයක්‌ පදවාගෙන පැමිණි මොවුන් පුද්ගලයන් විසිදෙනකු පමණ යටකර පසුව එම රථයෙන් බැස පාරේ යන සියලු දෙනාටම පිහියෙන් ඇන ඇත.

අඩියක්‌ පමණ දිග පිහි රැගත් මොවුන් ලන්ඩනයේ බොරෝ වීදියේ මත්පැන් ශාලා අවට සිටි පිරිසකට පිහියෙන් ඇන ඇත. මෙම පාලම අසල බොරෝ වීදිය පිහිටා තිබේ.

එක්‌ පුද්ගලයකුට පස්‌වතාවක්‌ පිහියෙන් ඇන ඇතැයි ඩේලිමේල් පුවත් පත කියයි.

මේ සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ මොවුන් මත්පැන් ශාලාවල වීදුරු කඩා එහි බියර් බොමින් සිටි පුද්ගලයන්ගේ බෙලි කපා ඇති බවයි.

මොවුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස යකඩින් සැදූ ජැකට්‌ දමාගෙන සිට ඇතත් ඒවා ව්‍යාජ බව ලන්ඩන් පොලිසිය කියයි.

රාත්‍රි 10.08 පොලිසියට ත්‍රස්‌ත ප්‍රහාරය පිළිබඳ දුරකථන ඇමතුම ලැබී ඇති අතර 10.16 වෙද්දී මේ ත්‍රස්‌තයන් තිදෙනා වෙඩි තබා මරා දැමීමට පොලිසියට හැකිව තිබේ.

ලන්ඩනයේ වොක්‌ෂෝල් වීදියේ සිද්ධියක්‌ ගැන රාත්‍රී 11.00 ට පමණ පොලිසියට ඇමතුමක්‌ ලැබී ඇති නමුත් අලුයම 1 ට පමණ ඔවුන් නිවේදනය කළේ මෙය ත්‍රස්‌ත සිදුවීමක්‌ නොවන බවයි.

ලන්ඩන් පොලිසිය පවසන්නේ මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පුද්ගලයන් හත්දෙනෙක්‌ මියගොස්‌ තවත් 48 ක්‌ තුවාල ලබා ඇති බවයි. ලන්ඩනයේ පුරපති සදීක්‌ ඛාන් පවසන්නේ මෙය ම්ලේච්ඡ සිද්ධියක්‌ බවයි. හෙතෙම මුස්‌ලිම් ජාතිකයෙකි. මැන්චෙස්‌ටර් ප්‍රහාරය සිදුවී සති දෙකක්‌ ගෙවෙන්නට පෙර බ්‍රිතාන්‍යයේ වෙසෙන ජිහාඩ්වරු නැවත ක්‍රියාත්මක වී ඇත. මැයි 22දා සිදුවූ මැන්චෙස්‌ටර් ප්‍රහාරයෙන් පුද්ගලයන් 23 දෙනකු මරුමුවට පත්විය. බ්‍රිතාන්‍යයේ මහා මැතිවරණය ලබන 08 වැනිදා එනම් ලංකාවට පොසොන් පොහොය යෙදෙන දා පැවැත්වේ. අගමැතිනි තෙරේසා මේ මහත්මිය මේ ත්‍රස්‌ත අභියෝගයට කෙසේ මුහුණ දෙයිද? මැතිවරණය කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කරදීමට ආණ්‌ඩුව මැදිහත්විය යුතුය.

ලන්ඩනයේ අවන්හලක සිටි විල් ඩර්ටන් මෙලෙස සිද්ධිය විස්‌තර කරයි.

ඇත්තටම මුලින් අපි හිතුවේ කවුරු හරි ගහගන්නවා කියලයි. මොනවද වෙන්නේ කියලා හරි අවබෝධයක්‌ තිබ්බේ නැහැ. කොහොම නමුත් මිනිස්‌සු සිය ගාණක්‌ එකපාරටම දුවගෙන අවන්හල ඇතුළට ආවා. එහෙම ආපු අය කිව්වා එළියේ පිහියෙන් අනිනවා කියලා. එතැන හිටපු සිකුරිටි ගාඩ්ලා ඉක්‌මනට දොරවල් වැහුවා.

ලන්ඩන් පොලිසියේ සහකාර කොමසාරිස්‌ මාර්ක්‌ රොලි පවසන්නේ මෙය ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ බවයි.

පොලිස්‌ නිලධාරියකුට මෙම ත්‍රස්‌තයෝ පිහියෙන් ඇන ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

බ්‍රිතාන්‍ය අගමැතිනිය භයංකාර සිද්ධියක්‌ සිදුවී ඇතැයි පවසයි.

මුළු යුරෝපය ත්‍රස්‌ත භීතියෙන් වෙලන්නට අබුබකර් බැග්ඩෑඩ්ගේ සහචරයෝ සමත්ව ඇත. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ලන්ඩනයට අවශ්‍ය ඕනෑම සහයක්‌ ලබාදීමට සූදානම් බවයි.

කවරක්‌ වෙතත් යුරෝපයේ සුදු ක්‍රිස්‌තියානීන්ට එරෙහිව මුස්‌ලිම් අන්තවාදයේ සංහාරය ආරම්භ වී ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2017/06/05/forign01.html

ලන්ඩනයට යළි ත්‍රස්‌ත ප්‍රහාරයක්‌! 7 ක්‌ මියයති - 48 කට තුවාල

ලන්ඩන් නුවරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනකු මියගොස්‌ තවත් 48 දෙනකු තුවාල ලබා ඇත.

සෙනසුරාදා (03 දා) රාත්‍රි 10 ට පමණ සුදු පැහැති වෑන් රථයකින් පැමිණි ජිහාඩ් සාමාජිකයන් තිදෙනකු ලන්ඩන් බ්‍රිඡ් පාලම මතින් ගමන් ගත් පුද්ගලයන් 20 ක්‌ පමණ යටකර පසුව එම රථයෙන් බැස අසල සිටි සියලු දෙනාටම පිහිවලින් ඇන තිබේ.

මෙම පාලම අසල බොරෝ මාකට්‌ ප්‍රදේශයේ මත්පැන් ශාලාවල සිටි අයටද පිහියෙන් ඇන තිබේ.

මෙම ප්‍රහාරය පිළිබඳ පළමු දුරකථන ඇමතුම ලැබී විනාඩි අටක්‌ තුළ එම ස්‌ථානයට පැමිණි පොලිස්‌ නිලධාරීන් ත්‍රස්‌තයන් තිදෙනාට වෙඩි තබා මරාදමා ඇත.

සිද්ධිය ඇසින් දුටු ලන්ඩන් වැසියකු වන ජෙරාඩ් ප්‍රකාශ කරන්නේ ත්‍රස්‌තයන් මේ අල්ලාහ් වෙනුවෙන් යෑයි කෑගසමින් තරුණියකට 15 වතාවක්‌ පිහි පහර එල්ල කළ බවයි.

ලන්ඩන් බ්‍රිඡ් පාලම මත සිටි බී.බී.සී. වාර්තාකාරිනිය වූ හොලී ජොන්ස්‌ ප්‍රකාශ කළේ වෑන් රිය තමා වටින් කැරකී ගොස්‌ හය දෙනෙකු හැප්පූ බවයි.

මේ ත්‍රස්‌තයන් තිදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස සැරසී සිටි නමුත් ඒවා ව්‍යාජ ජැකට්‌ බව ලන්ඩන් පොලිසිය කියයි.

මැන්චෙස්‌ටර්හි සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දින 12 කට පසුව මේ ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල විය. මැන්චෙස්‌ටර් ප්‍රහාරයට 23 ක්‌ බිලි වූහ.

මෙහිදී පොලිස්‌ නිලධාරියකුටද පිහියෙන් ඇන තිබේ. අඩියක්‌ පමණ දිගැති පිහියාවලින් මෙම ත්‍රස්‌තයන් සන්නද්ධව සිටි බව ඇසින් දුටුවෝ පවසති.

මැන්චෙස්‌ටර් ප්‍රහාරයට පසුව ලන්ඩන් නගරයේ ආරක්‍ෂාවට හමුදා භටයන්ද යොදවා තිබිණි.

ත්‍රස්‌තවාදීන් තිදෙනා මැදපෙරදිග සම්භවයක්‌ ඇති පුද්ගලයන් බව ඩේලිමේල් පුවත්පත කියයි.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ලබන බ්‍රහස්‌පතින්දා පැවැත්වීමට නියමිතය.

කෙසේ නමුත් මේ ප්‍රහාරයේ වගකීම මෙතෙක්‌ කිසිවකු විසින් භාරගෙන නැත.

චතුර පමුණුව 
http://www.divaina.com/2017/06/05/news04.html

Pic Source

සබැඳි ලිපි -
[
අපද තේරුම් ගතයුතු මුසලු සංක්‍රමණයේ පරම සත්‍ය! ජීවිත 22 ක්‌ බිලිගත් අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරකයා මුසලු සංක්‍රමණිකයෙක්!http://yukthiyawenuwen.blogspot.com/2017/05/22.html
]

0 comments: