පට්‌ට ගහපු වල්ලපට්‌ට ගහ දැන් අමු අමුවේම මරන්න පටන් ගෙනය. රට පුරාම කැලෑ පීරමින් මිනිස්‌සු වල්ලපට්‌ට කපන්නාහ. අනතුරුව ගස් දෙපලු කරමින් කළු කෑලි සොයන්නාහ. ලැබුණොත් කළු කෑලි ලැබෙන්නේ කෝටි ගණනින්ය. එහෙයින් මේ දිනවල කැලෑ ආශ්‍රිත මිනිස්‌සු තම ජීවන වෘත්තීයන් පසෙකට දමා දින සති ගණනන් කැලෑ වැදී වල්ලපට්‌ට කපන්නාහ.
බඩු මිල අහස උසට නැග ඇති සමාජයක වෙසෙන මිනිස්‌සු ජීවත්වීම උදෙසා වල්ලපට්‌ට නොව මිනිසුන් මරා හෝ සල්ලි සොයන්නාහ. එහෙයින් දැන් මිනිසුන්ට වල්ලපට්‌ට කළු කෑල්ලක් ලැබෙනවා යනු ජිම්කානාවක් ඇදුනා සේය. එහෙත් මේ ජාවාරම ජාතික අපරාධයකි. වන විනාශයකි. එහෙයින් මේ වල්ලපට්‌ට ජාවාරම සිදුවන ආකාරය නිරාවරණය කිරීම අප විශ්වාස කරන්නේ ජාතික මෙහෙවරක් ලෙසිනි. මේ අප ඉදිරියේ දිග හැරුණු කරුණු ඔබ ඉදිරියේ පෙළගැස්‌වීමකි.
වල්ලපට්‌ට ජාවාරම ගැන කරුණු කාරණා අනාවරණය කර ගැනීමේ අදහසින් වරෙක අපි වල්ලපට්‌ට ජාවාරමේ නිරත අතරමැදියකු වීමු. එනම් හිතවතුන් මාර්ගයෙන් වල්ලපට්‌ට ගැනුම්කරුවකු සහ විකුණුම්කරුවකු සමග වල්ලපට්‌ට ගනුදෙනු ගැන කතා කළෙමු.
"මල්ලි බඩු කොච්චරක් විතර තියෙනවද..." එක් හිතවතෙකු මාර්ගයෙන් කලවාන මොරපිටිය ප්‍රදේශයේ කෙනකුට වල්ලපට්‌ට මිලට ගන්නා මුවාවෙන් දුරකථන ඔස්‌සේ අපි කතා කළෙමු.
"කිලෝ දෙකක් විතර තියෙනවා. තනි කෑල්ල. හැබැයි කළුයි දුඹුරුයි දෙකම තියෙනවා. මේකත් හොයා ගත්තේ බොහෝම අමාරුවෙන් අයියේ. දැන් අපේ ගම්වල මිනිස්‌සු කැලෑවලමයි. පොඩි ගහක්‌වත් තියන්නේ නැහැ එක දිගට කපනවා..." අපේ පැනයට ඔහුගෙන් දිගු පිළිතුරකි.
"ගැටලුවක් නැහැ. ගාන පොඩ්ඩක් අඩු වෙයි. මම බයස්‌ල එක්‌ක කතා කරලා තව පැයකින් ඔයාට කතා කරන්නම්..." එසේ කියා මම දුරකථන ඇමතුම විසන්ධි කළෙමි. අනතුරුව හිතවතකු මාර්ගයෙන් හඳුනාගත් වල්ලපට්‌ට ගැනුම්කරුවකුට කතා කර බඩුවල තත්ත්වය පැහැදිළි කළෙමි.
"බිස්‌නස් එක කල් දාන්න එපා... අපි දැන්ම යමු. ඊට කලින් එයාගෙන් දැන ගන්න කළු කොටසේ තෙල් ගතියක් තියෙනවද කියලා. එහෙම වුණොත් බඩු හොඳයි"
ගැනුම්කරු මුස්‌ලිම් ජාතිකයෙකි. වල්ලපට්‌ට සම්බන්ධයෙන් බොහෝ කරුණු කරණා දැන සිටින්නෙකි. දින කිහිපයක්‌ම අප ඔහු සමග කතා කිරීමත් සමග ඔහු අපට බොහෝ හිතවත් විය.
තෙල් ගතිය තියෙන කළු කෑලිවල මිල වැඩිද?
ඔව්... දැනගෙන හිටියට කාටවත් කියන්න එපා... කළු ජෙල් කූරු කිලෝ එකක් රුපියල් කෝටි එකහමාරක් විතර වටිනවා. කොයි වෙලාවකවත් කස්‌ටමර්ලට එච්චර ගානක් කියන්න එපා. ඒ අයට කියන්න ඕන ලක්‍ෂ 25-30 ගන්න පුළුවන් කියලයි.
මේ ජෙල් කෑලිවලට මැදපෙරදිග රටවල ව්‍යාපාරිකයන් පුදුම වටිනාකමක් දෙන්නේ. ඒ අය මේ වල්ලපට්‌ට කළු කෑලි රත්තරං මංජුසාවල දලා රහසිගත සේප්පුවල තැන්පත් කරගෙන තියාගෙන ඉන්නවා. ඒ කෑලි තමයි ඒ අයගේ වත්කම් විදිහට සලකන්නේ. ඒ විතරක් නෙමෙයි ලෝකයේ මිල අධිකම සෙන්ට් එක නිෂ්පාදනය කරන්න ගන්නෙත් මේ වල්ලපට්‌ට කළු ජෙල් කෑලි. දරුණු ගනයේ රෝග කිහිපයකටම ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්නත් මේ වල්ලපට්‌ට කළු ජෙල් කෑලි ගන්නවා. ඒ වගේම මැදපෙරදිග රටවල වාජීකරණ ඖෂධයකුත් නිෂ්පාදනය කරනවා. මත් කුඩුවලට සමාන මත්ද්‍රව්‍යයකුත් හදන්න ගන්නවා. මේ වල්ලපට්‌ට කෑලි කුඩු කරලා දුම් ඇල්ලුවහම ගෑනු ලස්‌සන වෙනවා කියලා කතාවකුත් තියෙනවා. දැනටත් මැදපෙරදිග රටවල කාන්තාවන් වල්ලපට්‌ට දුම් අල්ලනවා.
මහාමද්තුමාගේ ඇඳුම් සුවඳවත් කරලා තියෙන්නෙත් වල්ලපට්‌ට දුමෙන් කියලා කතාවක් තියෙනවා. අදටත් මුස්‌ලිම් රෙදි සාප්පුවල වල්ලපට්‌ට දුම් අල්ලනවා. වල්ල පට්‌ට කළු, දුඹුරු කෑලිවල අමුතුම සුවඳක් තියෙන්නේ. ඒ වගේම දවස් තුන හතරක් යනකම් ඒ සුවඳ යන්නෙත් නැහැ.
වල්ලපට්‌ට කළු කෑලි කටින් අල්ලලා හැපුවොත් කට පුපුරන තරම් සැර ගතියක් තියෙනවා. දවස ගානේ වල්ලපට්‌ට කළු ජෙල් කෑලි අත ගෑවොත් අත හම යනවා. නමුත් මේක වටිනා ඖෂධයක්. අපේ රටේ මිනිස්‌සු තවම මේ ගහේ වටිනාකම දන්නේ නැහැ. කළු කෑලි තියෙන ඒවයි නැති ඒවයි හොයන්නෙ බලන්නෙ නැතුවම සේරම කපනවා. ඒ නිසා අපේ කස්‌ටමස්‌ලට කියන්න ඕන වල්ලපට්‌ට ගස් කපන්න කලින් ගහ නියනකින් හාරලා බලලා කපන්න කියලා.
හැම වල්ලපට්‌ට ගහකම කළු ජෙල් කෑලි හැදෙන්නේ නැහැ. මේ කළු කෑල්ලට කියන්නේ අග්‍රාවූඩ් කියලා. වල්ලපට්‌ට ගස දිලීර ආසාදනවලින් ආරක්‍ෂා කරගන්න ගස විසින් රසායන ශ්‍රාවයක් නිකුත් කරනවා. ස්‌වාභාවික වල්ලපට්‌ට ගසකට දිලීර උවදුරක් ඇති වුණොත් විතරයි අග්‍රාවුඩ් පටකය හැදෙන්නේ. සැපට හැදුණු නිරෝගී ගස්‌වල කළු ජෙල් කෑලි නැහැ.
ඉන්දුනීසියාවේ, මැලේසියාවේ සහ ඉන්දියාවේ වල්ලපට්‌ට වගා කරනවා. නමුත් වටිනාම වල්ලපට්‌ට අග්‍රාවූඩ් ලැබෙන්නේ ලංකාවේ වල්ලපට්‌ට ගස්‌වලින්. ලංකාවේ වල්ලපට්‌ටවලට මැදපෙරදිග රටවල ඉතා ඉහළ ඉල්ලුමක් තියෙන්නෙත් ඒ නිසයි. මහා පරිමාණයෙන් වල්ලපට්‌ට බිස්‌නස් කරන ආරාබි ජාතිකයන් පස් හය දෙනෙක්‌ම මේ වන විට ලංකාවට ඇවිත් තියෙනවා. ඊට අමතරව වල්ලපට්‌ට මිලට ගන්න ඉන්දියන් ජාතිකයන් සහ පාකිස්‌තාන් ජාතිකයන් කිහිප දෙනකුත් ලංකාවට ඇවිත් තියෙනවා. නමුත් අරාබි ජාතික ව්‍යාපාරිකයන් මිලට ගන්නේ හොඳ කළු ජෙල් කෑලි විතරයි. ඉන්දියන්කාරයෝ නම් දුඹුරු පාට කොටස්, අරටු කොටස් දෙකම ගන්නවා. මොකද ඉන්දියාවට බඩු ටික පටවනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. මැද පෙරදිගට පාකිස්‌තානයට බඩු පටවන්න ටිකක් අමාරුයි. ඒ නිසා තමයි ඒ රටවලින් ආපු ව්‍යාපාරිකයන් හොඳම බඩු විතරක් ගන්නේ.
වල්ලපට්‌ටවල වැඩියෙන්ම වටින්නේ කළු ජෙල් කොටස. ඊළඟට ජෙල් නැති කළු කොටස රුපියල් ලක්‍ෂ 20 ඉඳලා ලක්‍ෂ 50 වෙනකම් මාර්කට් වෙනවා. චොක්‌ලට් පාට දුඹුරු කෑලි රුපියල් 5000 ඉඳලා 80000 වෙනකම් මාර්කට් වෙනවා. කළු පාට පොඩි කෑලි 50000 ඉඳලා ලක්‍ෂ පහ දහය වෙනකම් මාර්කට් වෙනවා. දුඹුරු පාට පොඩි කෑලිවලටත් සාමාන්‍ය මිලක් තියනවා. දැන් හුඟ දෙනෙක් මේ බිස්‌නස් එකට සම්බන්ධ වෙලා ඉන්න නිසා බඩු සෙට් වුණ ගමන්ම උස්‌සන්න ඕනා. නැති නම් අපි පාරදයි. ඒ වගේම හැම වේලාවේම බිස්‌නස් එක කතා කරන්න ඕනා කස්‌ටමස්‌ල සතුටු වෙන මිලකට" වල්ලපට්‌ට මිලට ගැනීමට මැදපෙරදිගින් පැමිණි ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කරන ඔහු අපට වල්ලපට්‌ට ගැන හොඳ පාඩමක් කියා දුන්නේය.
අද්භිත විද්‍යාත්මකව ගිරිනොප්ස් වල්ල (ඨහරසබදචි උaකක්) ලෙස හඳුන්වන වල්ලපට්‌ට ශාකය හොඳින් වැවෙන්නේ තෙත් කලාපයේය. සිංහරාජ වනාන්තරයේ සේම, ඒ ආශ්‍රිත කැලෑවල වල්ලපට්‌ට ශාකය ඉතාම හොඳින් වැවෙන්නේය. එමෙන්ම රත්නපුර, කලවාන, වැද්දාගල, කුකුළේගම, නිවිතිගල, නාවලකන්ද, පැලවත්ත, බදුරලිය සහ අගලවත්ත යන ප්‍රදේශවල වල්ලපට්‌ට ජාවාරම ජයට කෙරෙති. වල්ලපට්‌ට මිලට ගැනීමට පැමිණි පාකිස්‌තාන ව්‍යාපාරිකයන් රත්නපුර කලවාන ප්‍රදේශවල නවාතැන් ගෙන සිටින බවද දැනගන්නට ලැබේ. එමෙන්ම මැදපෙරදිගින් පැමිණි වල්ලපට්‌ට ව්‍යාපාරිකයන් දෙදෙනකු බේරුවල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන වල්ලපට්‌ට ජාවාරම කරගෙන බවට ද තොරතුරු අනාවරණය වේ. ඔවුන්ගේ ප්‍රධාන 'ඩීල' වශයෙන් කටයුතු කරන්නේ බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන හඡ්ජියාර් කෙනෙකි. ඔවුන් වටා සෑම ගමක තුන් හතර දෙනකු මේ ජාවාරමේ අතරමැදියෝ ලෙස කටයුතු කරන්නාහ. එමෙන්ම වල්ලපට්‌ට ගනුදෙනුවේදී අයිතිකරුට ලැබෙන්නේ ගනුදෙනුවෙන් අඩක් පමණි. ඉතිරිය බෙදී යන්නේ අතරමැදියන් අතරය.
වල්ලපට්‌ට ගනුදෙනුව සිදුවන්නේ මෙසේය. ගනුදෙනුවට පෙර කෙනකු පැමිණ වල්ලපට්‌ට කොටස් පරීක්‍ෂා කර මිල නියම කරන්නේය. අනතුරුව පැයක් ඇතුළත වල්ලපට්‌ට මිලට ගන්නා ව්‍යාපාරිකයා පැමිණ අත්පිට මුදලට ගනුදෙනුව සිදු කරන්නේය. වල්ලපට්‌ට ජාවාරමේ නිරතව සිටින කිසිවකු වල්ලපට්‌ට කෑලි තම නිවසේ හෝ ගෙවත්තේ තබා ගන්නේ නැත. කැලෑවල හෝ වෙනත් ආරක්‍ෂිත ස්‌ථානයක සඟවා තබන්නේය. එමෙන්ම ඉතාම සූක්‍ෂම අයුරින් වල්ලපට්‌ට ගනුදෙනුව සිදු කරන්නේද කැලෑවක හෝ පාළු ස්‌ථානයකදීය. සිංහරාජ වනාන්තරය අවට ප්‍රදේශවල වල්ලපට්‌ට ජාවාරම්කාරයෝ සංවිධානාත්මකව ප්‍රදේශය පුරා ඔත්තුකරුවන් යොදවා ප්‍රදේශයට එන පිටස්‌තර වාහන ගැන නිරන්තරයෙන්ම විපරම් කරන්නාහ. යම් හෙයකින් ගමට පිටස්‌තර වාහනයක් හෝ පුද්ගලයෙක් පැමිණියොත් එදාට කිසිදු ලෙසකින් වල්ලපට්‌ට ගනුදෙනු සිදු කෙරෙන්නේ නැත.
වසර දෙකක පමණ කාලයක සිට හොර රහසේ කරගෙන ආ මේ වල්ලපට්‌ට ජාවාරම දැන් මේ රටේ නොදන්නා කෙනකු නැති තරම්ය. හැම තැනම කතා වෙන්නේ වල්ලපට්‌ට ගැනය. දැන් දැන් මේ ජාතික අපරාධය එළිපිටම සිදු වෙන්නේය. එහෙයින් මේ අපරාධය තවත් බලා සිටීමට නොහැකි තැන වල්ලපට්‌ට ළඟ තබා ගැනීම, වල්ලපට්‌ට ගස් කැපීම සහ ප්‍රවාහනය කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සලකා වල්ලපට්‌ට ජාවාරමේ යෙදී සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්‌පති විසින් මෙරට සෑම පොලිස් ස්‌ථානයකටම දැනුම් දී තිබිණි. ඒ අනුව පොලිස් නිලධාරීහු ප්‍රදේශ කිහිපයකදී වල්ලපට්‌ට තොග සහ ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත්තහ.
පොලිස්‌පතිතුමාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වන පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරු මත පසුගිය 17 වැනිදා වල්ලපට්‌ට කිලෝ 63 ග්‍රෑම් 70 සමග ජාවාරම්කරුවන් නව දෙනකු කලවාන පිඹුරවත්තේදී අත්අඩංගුවට ගත්තහ.
වැටලීම සිදු වූයේ මෙසේය. වල්ලපට්‌ට මිලට ගන්නා ව්‍යාපාරිකයන් මුවාවෙන් කණ්‌ඩායම් දෙකක් සිවිල් ඇඳුමින් ද වලාන දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා ඇතුළු එක් කණ්‌ඩායමක් නිල ඇඳුමින් ද සැරසී කණ්‌ඩායම් තුනක් මේ වැටලීමට සම්බන්ධව සිටියහ. ස්‌ථානාධිපති ඇතුළු පිරිස ප්‍රදේශයට කිලෝ මීටර් දහයක් පමණ ඈතින් සිටි අතර අනෙක් කණ්‌ඩායම් දෙක ප්‍රදේශයට ඇතුළු වූහ. එක් කණ්‌ඩායමක් ඉතාම සැලසුම්සහගතව ප්‍රදේශයේ වල්ලපට්‌ට ජාවාරමේ නිරතව සිටි සියලුම දෙනාව කලවාන පිඹුර වත්තේ දළු මඩුව අසලට එක්‌රොක් කර ගත්හ. වල්ල පට්‌ට ජාවාරම්කරුවන් ත්‍රිරෝද රථවලින් මෙන්ම යතුරුපැදිවලින්ද වල්ලපට්‌ට තොග පිටින් මෙම ස්‌ථානයට ගෙනැවිත් තිබිණි. අනතුරුව වල්ලපට්‌ට ග්‍රෑම් දහය විස්‌ස ගෙන ආ මිනිසුන් ප්‍රතික්‌ෂේප කර මහා පරිමාණයෙන් වල්ලපට්‌ට තොග ගෙනැවිත් තිබූ නව දෙනකුගේ නම, ගම, වල්ලපට්‌ට ප්‍රමාණය සහ වටිනාකම පොතක සටහන් කර ගත්හ. ඒ අතරතුර කාලයේදී වල්ලපට්‌ට මිලට ගන්නා ව්‍යාපාරිකයන් ලෙස අනිත් කණ්‌ඩායමද එතැනට පැමිණියේය. අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ තිබූ සුඛෝපභෝගී රථ දෙකකට වල්ලපට්‌ට තොග පටවාගෙන මුදල් ගෙවීමට සූදානම් වෙමින් ජාවාරම්කරුවන් නව දෙනවාම එක තැනකට එක්‌කාසු කර එක වරම අත්අඩංගුවට ගත්හ. එසැනින් නිල ඇඳුමින් සැරසී සිටි ස්‌ථානාධිපති ඇතුළු කණ්‌ඩායමද එතැනට පැමිණියහ. වල්ලපට්‌ට මිල ගණන් අනුව ඒ වන විට රුපියල් කෝටි 17 1/2 ක වල්ලපට්‌ට තොග මිලට ගැනීමට සූදානම් කර තිබිණි. එක් අයකුගේ පමණක් කෝටි 3 1/2 ක වල්ලපට්‌ට තොග තිබිණි. මෙරට ඉතිහාසයේ විශාලතම වල්ලපට්‌ට අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු වූයේ එසේය.
පෙළ ගැසුණු කතාව අනුව වල්ලපට්‌ට යනු අපේ රටට ලැබුණු ධන නිධානයකි. එහෙයින් වල්ලපට්‌ට ජාවාරමේ නිරතව සිටින උන්ව පට්‌ට ගසා හෝ මේ ජාතික අපරාධය නතර කළ යුතුය. එමෙන්ම අති විශාල ආර්ථික වටිනාකමක් ඇති මේ වල්ලපට්‌ට ශාකය වගාවක් ලෙස රට පුරා වගා කිරීමට ද රජය මැදිහත් විය යුතුය. එසේ නොවෙන්න කොතල හිඹුටු ශාකයට වෙච්ච නස්‌පැත්තියම වල්ලපට්‌ට ශාකයටද විය හැකිය. ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කොතල හිඹුටු ශාකය හොදින් වැවෙන්නේ ශ්‍රී ලංකාවේය. එහෙත් එම සාරය උරා ගෙන ඖෂධ නිෂ්පාදනයට පේටන් අයිතිය ඇත්තේ ජපානය, ඇමරිකාව ඇතුළු යුරෝපීය රටවලටය.
වල්ලපට්‌ටත් සුද්දන්ට පට්‌ට ගැසීමට නොදී අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායකත්වයක් ලබා ගැනීමට හැකි වන පරිදි කළමනාකරණය කර ගැනීම වල්ලපට්‌ට රට පටවන තෙක් ඇස් කන් පියා සිටි ඔලමොට්‌ටලයන් ගේ වගකීමකි.
තරංග රත්නවීර, පින්තූර - සමන් රණවීර
http://www.divaina.com/2014/01/26/feature10.html

0 comments:
Post a Comment