මේ දිනවල අපට රට තොටෙන් අසන්නට ලැබෙන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳ මහා කතාන්දරය. කුඩු ව්‍යාපාරයට සම්බන්ධ පොලිස් ලොක්‌කන් ගැන මෙන්ම කුඩු කන්ටේනර් ගණන් ගෙන්වූ බව කියන දේශපාලකයන් ගැනද අසන්නට ලැබේ. විටෙක රේගුවෙන් නිදහස් කරගෙන යන්නට උත්සාහ දැරූ එතනෝල් හෝ එතනෝල් තාර බවට පත්වූ ප්‍රවෘත්තිද අසන්නට ලැබේ. විටෙක රේගුව මගින් අත්අඩංගුවට ගන්නා ලද ගංජා මෙන් වූ අප්‍රිකානු "ඛට්" නම් මත්ද්‍රව්‍ය වර්ගයක් ගැන ප්‍රවෘත්තියකි. මේ අතර තුර පසුගියදා එජාපය මත්ද්‍රව්‍ය පිළිබඳ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනුද දකින්නට ලැබිණි. ඔවුන් කියනුයේ දැන් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය වෙළෙ¹මේ ආසියානු කේන්ද්‍රය බවට පත්වී ඇති බවකි.
එහෙත්, රටතුළ "මතට තිත" වැනි සමාජ ශෝධන සංකල්පද ක්‍රියාවට නැඟේ. නමුත් සීල්, කසිප්පු මෙන්ම ගංජා ව්‍යාපාරයේද අඩුවක් නැත. තණමල්විල කහමල් වගාව ගැන කලක පටන් අප දන්නා නමුදු, පොලිසිය, වනජීවී නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය, සුරාබදු අංශ මෙවන් කංසා වගාවන් වටලන නමුත් ඕනෑතරම් කංසා ගොවිපළවල් තවමත් රටතුළ ක්‍රියාත්මක වේ. දකුණු ලක මොනරාගල දිස්‌ත්‍රික්‌කය කංසා හෙවත් ගංජා වගාවට නම් දරා ඇති අතර යාල, උඩවලව, ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන තුළ පවා හිතේ හැටියට ගංජා වගාවන් පවත්වාගෙන ගිය වාර්තා පසුගිය කාලය පුරාවට අප වාර්තා කරනු ලැබීය. ඉතිහාසයේ ප්‍රථම වතාවට ගංජා බංකර් පවා සොයාගනු ලැබුවේ ජාතික වනෝද්‍යානයක් තුළදීය. එනම්, මේ වසරේ මුල් කාර්තුවේදී යාල ජාතික උද්‍යානයේ කලාප අංක දෙක කොටසේ හදිසි වැටලීමක් සිදුකළ දකුණු කලාප වනජීවී නිලධාරීහු අක්‌කර පහකට වැඩි ගංජා වගාවක් සමඟ අලෙවියට සූදානම් තත්ත්වයෙන් සකසා තිබූ ගංජා තොග ඇතුළත් භූගත ගංජා බංකරයක්‌ද සොයාගනු ලැබූහ. එසේම, උඩවලව වනෝද්‍යානයේ සිදුකළ ගංජා හේන් වැටලීමකදී පසුගිය වසරේ ජනවාරි මස උඩවලව වනෝද්‍යාන නිලධාරීන් සහ වලාන පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක් අං පටලවා ගත්හ. ගංජා හේන් වගාවක් හා සම්බන්ධ කරුණු මුල්කරගෙන මෙසේ ගැටුමක් ඇතිකරගත් අතර අවසානයේ දෙපිරිසම අධිකරණය හමුවටද ගියේය. නමුත් උඩවලව වනෝද්‍යානයේ නිලධාරීන් හත්දෙනකු රිමාන්ඩ් භාරයට පත්කරන්නට වලාන දූෂණ මර්දන ඒකකය කටයුතු කළේය. කෙසේ හෝ වසරක් ගෙවීගිය මේ මොහොතේදී රාජ්‍ය ආයතන දෙකක් අතර ඇතිවූ මෙම අර්බුදය විස¹ ගත්තේ දෙපාර්ශ්වය සමථයකට පත්වීමෙනි. ඉකුත්දා වැල්ලවාය අධිකරණයේදී අදාළ සමථයට පැමිණි අතර වනජීවී නිලධාරීන් හත්දෙනාද අධිකරණයෙන් මුදා හැරිණි. කෙසේ හෝ වැටලීමට සම්බන්ධව වනජීවී නිලධාරීන් දිගින් දිගටම කියා සිටියේ තමන් උද්‍යානය තුළ ගංජා හේන වටලන අවස්‌ථාවේදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිසියේ යෑයි කියන නිලධාරීන් ගංජා හේනේ යම් කටයුත්තකට සම්බන්ධව සිටි බවයි. කෙසේ හෝ දැන් අදාළ අර්බුදය නිමාවට පත්වී ඇත.
පසුගිය කාලය පුරාවට මේ තත්ත්වයද සැලකිල්ලට ගනිමින් පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ වනජීවී නිලධාරීහු ගංජා හේන් වැටලීම් සිදුකළහ. ඒ කොතෙක් වැටලීම් කළද ඉකුත්දා අක්‌කර 10 ක පමණ දැවැන්ත ප්‍රමාණයේ ගංජා හේනක් වැටලීමට වනජීවී නිලධාරීහු සමත් වූහ. ඒ ලුණුගම්වෙහෙර වනෝද්‍යානය තුළදීය. තණමල්විලට නුදුරු ලුණුගම්වෙහෙර බොල්හිඳගල ප්‍රදේශයේදී මෙසේ අල්ලා විනාශ කරන ලද ගංජා හේන මෙතෙක් වනජීවී අංශ මගින් අල්ලා ගන්නා ලද විශාලතම ගංජා වගාව ලෙස සැලකේ. රූස්‌ස වනවදුල තුළ ඉතාමත් ක්‍රමානුකූලව හා සැලසුම් සහගතව පවත්වාගෙන ගොස් තිබූ මෙම ගංජා වගාවේ පරිණත ගංජා වගාවක් මෙන්ම සිංහල අලුත් අවුරුදු සමයේදී ඵල ලබා ගැනීමට හැකි අයුරින් වගා කරන ලද වගාවක්‌ද අල්ලා ගැනීමට වනජීවී නිලධාරීහු සමත් වූහ. මෙම දැවැන්ත වගාබිමට යූරියා පොහොර පවා භාවිත කර තිබූ අතර ඇති පමණ දඩයම්ද කර තිබූ බවට වනජීවී නිලධාරීහු හඳුනා ගත්හ. මරාදමන ලද ඉතා දුලබ සත්වයකු වන කබැල්ලෑවකුද මෙහිදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවිණි. යූරියා පොහොරද සොයාගන්නා ලද දැ අතර විය.
පසුගිය අඟහරුවාදා සිදුකළ මෙම වැටලීමට සමගාමීව ගෝනගංආර පොලිසිය මගින්ද ලුණුගම්වෙහෙරේදී තවක් අක්‌කර දෙකක පමණ ගංජා වගාවක් වටලා තිබිණි. එසේම, පසුගිය බ්‍රහස්‌පතින්දා දක්‌වා නොකඩවා වැටලීම් සිදුකළ වනජීවී නිලධාරීහු බොල්හිඳගල ප්‍රදේශයේදී තවත් අක්‌කර දෙකක පමණ ගංජා වගාවත් වටලා විනාශ කර දමන ලදී. මේ අනුව බලන කල එකල කොටි කඳවුරු විනාශ කරන්නට ආරක්‍ෂක හමුදා ගත් වෙහෙසකර තත්ත්වයම අද තණමල්විල, මොණරාගල ගංජා හේන් වටලන්නට ආරක්‍ෂක අංශවලට හා වනජීවී නිලධාරීන්ට උදාවී තිබේ.
එහෙත්, සැබෑම තත්ත්වය නම් උද්‍යාන තුළ ගංජා හේන් වගා කිරීම සඳහා ඇතැම් වනජීවී නිලධාරීන්ගේද සහාය ලැබෙන බව දැනගන්නට තිබීමයි. උද්‍යානවල අඩවි හා ගේට්‌ටු රකින ඇතැම් නිලධාරීන්ගේ සහාය ඇතැම් විට ගංජා හේන් ජාවාරම්කරුවන්ට ලැබෙන බවද දැනගන්නට තිබේ. එසේම. ඔත්තුකරුවන් බවට පත්වී පොලිසිවලට ඔත්තු සපයන ගංජා හේන් වගාකරුවන් තම හේන් ආරක්‍ෂාවන පරිදි නිලධාරීන් සමඟ සබඳතා ගොඩනගා ගෙන ව්‍යාජ හෝ වෙනත් අයගේ ගංජා වගාවන් වටලන්නට ක්‍රියාකරන බවට චෝදනා තිබේ. බොහෝ විට මෙම ඔත්තුකරුවන්ගේ ගංජා වගාවන් මහා පරිමාණ මට්‌ටමින් පවත්වාගෙන යන අතර ලාභය ඇතැම් පොලිස් නිලධාරීන් සමඟ බෙදාගන්නා බවටද චෝදනා එල්ල වේ. නැතිනම් මෙවන් විශාල ගංජා වගාවන් පොලිස් වැටලීම්වලදී හසු නොවන්නේ මන්දැයි වනජීවී නිලධාරීහු ප්‍රශ්න කරති.
පසුගියදා මෙසේ වටලා විනාශ කරන ලද තණමල්විල බොල්හිඳගල දැවැන්ත ගංජා වගාව රූස්‌ස ගස් අතර පලු, වීර, බුරුත, වැනි වටිනා ගස්‌වර්ගවලට ගිනිතබා වනසා විනාශ කර ඒ අතර ගංජා පැළ වැවීමෙන් සකස් කර තිබී ඇත.
මේ අනුව මෙම ගංජා වගාව නිසා එක් පැත්තකින් සමාජයට දැවැන්ත අවැඩක් වනවා සේම, වනසතුන්ගේ භූමිය විනාශ කිරීම, දඩයම් සිදුකිරීම, වන විනාශය වැනි වන අපරාධ රැසක් එකවර සිදු කෙරෙන්නක් බවට පත්වී ඇත. එහෙයින් මෙම නීති විරෝධී ගංජා ව්‍යාපාරයට වහා වැට බැඳිය යුතුව ඇත. නමුත් වනජීවී ආරංචිමාර්ග පවසන පරිදි ලුණුගම්වෙහෙර වැනි මෙසේ තර්ජනයට ලක්‌ව ඇති උද්‍යානවලට ලැබී ඇති සේවක පිරිස කිසිසේත් ප්‍රමාණවත් නැත. ඉතා අඩු සේවක සංඛ්‍යාවකින් උද්‍යාන ආරක්‍ෂාව නිසි ලෙස කිසිලෙසකින්වත් සිදු කළ නොහැකිය. එසේම ප්‍රවාහන ප්‍රශ්නය දැඩි සේ ලුණුගම්වෙහෙර වනෝද්‍යානයට බලපා ඇත. පසුගිය කාලයේදී වෙහෙරගල ව්‍යාපෘතිය යටතේ ලුණුගම්වෙහෙරට ලැබුණු කැබ් රථ කිහිපයක් තවදුරටත් වනජීවී ප්‍රධාන කාර්යාලයේ ප්‍රයෝජනයට යොදා ගෙන ඇති නමුත් ඒවා ලුණුගම්වෙහෙරට අනුයුක්‌තර කර නැත. මෙවන් තත්ත්වයක් තුළ එහි නිලධාරීන් අතලොස්‌සක් ඉටුකරනුයේ වැදගත් මෙහෙවරකි. අවස්‌ථා කිහිපයකදීම මෙසේ ගංජා වගාවන් වටලන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිලධාරීන් මෙහිදී සිහිපත් කිරීමද වටනේය.
දකුණු කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ සිසිර කුමාරද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ලුණුගම්වෙහෙර උද්‍යාන පාලක ඩබ්ලිව්. පී. එදිරිසිංහ, අඩවි සහකාරවරුන් වන ඒ. අයි. කැලුම් ප්‍රියන්ත, අයි. වී. රාජිත, ඩබ්ලිව්. ශාන්ත ආනන්ද, ඒ. එස්. ගාමිණී, අඩවි ආරක්‍ෂක එම්. ආර්. සුමතිසේන ඇතුළුÊසිවිල් ආරක්‍ෂක බළකායේ පිරිසක්‌ද මෙම වැටලීම්වලට සහාය වී තිබේ.
ජගත් කණහැරආරච්චි, අනුර බාලසූරිය
http://www.divaina.com/2014/01/12/feature22.html

0 comments:
Post a Comment