Pages

Tuesday, January 21, 2014

වල්ලාපට්‌ටා අපනයනය නිතිගත කෙරේ

ආන්දොලනයට තුඩු දී තිබෙන ඉතා ඉහළ ආර්ථික වටිනාකමක්‌ ඇති වල්ලාපට්‌ටා විදේශ රටවලට යෑවීම නීතිගත කිරීමට රජය තීරණය කර තිබේ.

මෙම ශාඛය වගා කිරීම වාණිජ මට්‌ටමින් ව්‍යාප්ත කර රටට විදේශ විනිමය උපයා ගන්නා මාර්ගයක්‌ කිරීම මෙහිදී රජයේ අරමුණ වී ඇත.

මේ අනුව ඉදිරියේදී ඇමැති මණ්‌ඩල අනුමැතියද සහිතව වල්ලාපට්‌ටා රට යෑවීම නීතිගත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අදහසක්‌ මත ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවීන්ට උපදෙස්‌ ලබා දෙමින් වල්ලාපට්‌ටා වගාව ව්‍යාප්ත කිරීමටද නියමිතය.

ඒ සඳහා මූලික සැලසුම් මේ වන විට සකස්‌ කරමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

වල්ලාපට්‌ටා රට යෑවීම නීතිගත කෙරුණද මෙරට වනාන්තරවල ඇති වල්ලාපට්‌ටා ශාඛ කපා විනාශ කරමින් සිදු කරගෙන යන ජාවාරමට එමගින් ඉඩක්‌ නොලැබෙන අතර එසේ වනාන්තරවල ඇති ශාඛ විනාශ කිරීමට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද හෙතෙම කීය. 

මෙරට තෙත් කලාපයේ සාර්ථකව රෝපණය වන වල්ලාපට්‌ටා ශාඛයේ කඳ අභ්‍යන්තරයේ ඇති කොටස සුවඳ විලවුන් නිෂ්පාදනයට යොදා ගැනීම වල්ලාපට්‌ටාවලට ඉහළ මිලක්‌ ලැබීමට හේතු වී ඇත.

සමන් ගමගේ
http://www.divaina.com/2014/01/21/news02.html

0 comments: