Pages

Monday, January 6, 2014

අගමැතිට එරෙහිව ඇඹිලිපිටියේ විරෝධතා

අග්‍රාමාත්‍යවරයා විසින් ඕමල්පේ සෝභිත හිමිට අපහාස වන අයුරින් කළ ප්‍රකාශයට විරෝධය පාමින් ඊයේ (5 දා) ඇඹිලිපිටිය නගර මධ්‍යයේ විරෝධතාවක්‌ පැවැත්විණි.

පැය 2 ක්‌ පුරා පැවැති මෙම විරෝධතාවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සංඝ සභාවේ සියලුම භික්‍ෂූන් වහන්සේලා හා අවට විහාරස්‌ථානවල විහාරාධිපතීන් වහන්සේලාද ප්‍රදේශවාසීහු ස්‌වෙච්ඡා සංවිධානවල සාමාජිකයෝ ඇතුළු විශාල පිරිසක්‌ද සහභාගි වූහ.

විරෝධතාකරුවෝ නාමපුවරු ප්‍රදර්ශනය කරමින් කළු කොඩි ඔසවාගෙන ඇඹිලිපිටිය ඔරලෝසු කණුව දක්‌වා පා ගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වූහ. ඇඹිලිපිටිය බොදු එකමුතුව විසින් උදැසන නගරයේ කළු කොඩි ඔසවා තිබූ අතර පොලිසිය විසින් ඒවා ඉවත් කර තිබීමට එරෙහිවද විරෝධතා පැවැත්විණි. නගරයේ කඩ සාප්පු සියල්ලද වසා දමා තිබිණි. ඇඹිලිපිටිය බෞද්ධ එකමුතුවේ කැඳවුම්කරු ගෞරව ශාස්‌ත්‍රවේදී රන්නේ ඉන්ද්‍රසාර හිමි ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා විසින් විරෝධතාව සංවිධානය කර තිබිණි.

උඩවලවේ - එච්. එස්‌. අබේරත්න සහ ඕමල්පේ ප්‍රගීත්
http://www.divaina.com/2014/01/06/news09.html

Pic Source

0 comments: