හපුආරච්චිගේ චන්ද්‍රා ලීලානන්ද වික්‍රමසිංහ යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගල් කැටයම්කරුවා ය. ඉතිහාසයේ සිටි ශිලා කර්මාන්තකරුවන් සියලුම දෙනා එක් වී මේ රටේ කළ ගල් කැටයම්, ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ, ශෛලමය සඳකඩ පහණ කොරවක්‌ගල්, ගල් කණුවල එකතුව ඉක්‌මවන නිර්මාණ සමූහයක් ඔහු අතින් නිර්මාණය වෙමින් පවතී. කලුගල් යනු දියමන්තිවල දැඩි බවෙන් හයෙන් එකක දැඩි බවක් ඇති ද්‍රව්‍යයකි. ඔහු පිළිබඳ කතාව අතේ පයේ සහ කුලුගෙඩිවල හයිය පිළිබඳ කතාවකට වඩා ආත්ම ශක්‌තියේ හයිය පිළිබඳ කතාවකි.
මුලින්ම මට ඔහු හමුවන්නේ මෙයටවසර 26 කට පෙර මිනුවන්ගොඩදී ය. එකල ඔහු තමන්ටම ආවේණික ක්‍රමයට යකඩ උණු කර විවිධ භාණ්‌ඩ සෑදූ ශිල්පියෙකි. තම කම්හල් භූමියේ පසෙක ඉදිකර තිබූ විශාල මැටි භාජනයක් වැනි තැනකට මා ගෙන ගිය ඔහු මෙසේ කීවේය. "මම යකඩ උණු කරන්නේ මැට්‌ටෙන් හදපු මේ උදුන ඇතුළෙ මේන් කරන්ට් එකෙන්. මේක මගේම ක්‍රමයක්."
ඒ වන විට මේ රටේ තිබුණේ යකඩ උණුකර බඩු භාණ්‌ඩ සාදන ආයතන දෙකක් පමණි. ඉන් පළමුවැන්න ඔරුවල වානේ සංස්‌ථාවය. දෙවැන්න යක්‌කල 'ලංලෝ' හෙවත් ලංකා ලෝහ සංස්‌ථාවය. ඒ වන විටත් ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවෘත ආර්ථික පා පහර වැදී මේ ආයතන දෙකම පරිහානිය වෙත යමින් තිබිණ. තවදුරටත් ලංකාවේ යකඩවලින් කාටවත් වැඩක් තිබුණේ නැත. ඊට වඩා ලාභ යකඩ සහ වානේ පිටරටින් ගෙන්වන ලදුව ඉතා ලාභයට යකඩ කඩවල ගොඩගසා තිබිණ.
"ඒත් මම ඒ තත්ත්වයට බය වුණේ නැහැ. මම හැදූ යකඩ බඩු පිටරටින් ගෙනා යකඩවලටත් වඩා මිලෙන් අඩුයි. හේතුව මගේ තාක්‍ෂණය මටම ආවේණික ඉතාම අඩු මිල තාක්‍ෂණයක් වීමයි. අනෙක මම මේ බඩු හදන්න යකඩ උණු කරන්නේ මේ රටේම විසි කරලා දාල තියෙන පරණ යකඩවලින්"
ඒ අතර තම කම්හල් භූමියේ වැටී තිබූ මගේ පයට පෑගෙන කුඩා යකඩ කැබලි සමූහයක් පෙන්වූ ඔහු මට මෙසේද කීවේය. "මම යකඩ අවුන්සයක්‌වත් අහක දාන්නෙ නැහැ. පයට පෑගෙන හැම කෑල්ලක්‌ම උණු කරලා යකඩ බඩු හදලා මම මාකට් එකට යවනවා."
ඔහු, එනම් හපුආරච්චිගේ චන්ද්‍රා ලීලානන්ද වික්‍රමසිංහ. ඉන් පසු මට හමුවන්නේ මෙයට දැවුරුද්දකට පෙර කැලණි විහාරයේ බෝ මළුවේදීය. "මොකද මේ පැත්තේ? බෝ මළුව වටේ යකඩ වැටක්‌වත් හදනවාද? මම ඔහු විමසුවෙමි.
"නැහැ.." ඔහු මට පැහැදිලි කළේය. මේ විහාරයේ අලුත් ගල් කැටයම් කරන්නේ මම. වැලි මළුවේ ගල් පඩිපෙළ හදන්නේ මම. ඒ යුගයේ විදියටම ඒ ප්‍රමිතියටම කරනවා. හරියට සිංහල රජ කාලේ කරපු ඒවා වගේ. ගල් පඩි, කොරවක් ගල්, සඳකඩ පහණ වගේ කොයිවත් මම කරනවා.
පසුගියදා ඔහු මගේ කාර්යාලයීය දුරකථනයට කතා කළේය. "අපි ටිකක් හම්බවෙමුද? සිංහල රජ කාලේ කරපු ගල් කැටයම් හා සමාන ප්‍රමාණයක් මම මගේ කොල්ලො ටිකත් එක්‌ක මේ වෙනකොට කරලා ඉවරයි. අපි මේවා හදන හැටි බැලුවොත් මුලින්ම දුක හිතේවි. පස්‌සෙ ආඩම්බර හිතේවි. මිනුවන්ගොඩට ඇවිත් අපි වැඩ කරන හැටි බලන්න."
මම ඔහු හමුවී මුලින් දුක් වී පසුව ආඩම්බර වීම සඳහා ඔහු සොයා මිනුවන්ගොඩට ගියෙමි.
* * * * * *
මෙයට අවුරුදු 70 කට පෙර මිනුවන්ගොඩ පත්දඬුවන දී ගුරු යුවළකගේ පුත්‍රයා ලෙස උපත ලබා මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හපුආරච්චිගේ චන්ද්‍රා ලීලානන්ද වික්‍රමසිංහ සිය ජීවිතය පටන් ගන්නේ පරණ කාරයක ගියර් පෙට්‌ටියක් සහ යකඩ දඬු කිහිපයක් එකතු කර ලියවන පට්‌ටලයක් සෑදීමෙනි. "මට ඕනෑ වුණා යකඩ විවිධ ජ්‍යාමිතික හැඩතලවලට ලියවන්න. පට්‌ටලයක් ගන්න මට සල්ලි තිබුණෙ නැහැ. ඒ නිසා මම පට්‌ටලයක් හැදුවා" ඔහු මහත් ආඩම්බරයෙන් සිය කතාව පටන් ගත්තේය. එවැනි ලියවන පට්‌ටලයක් හැදූ ලංකාවේ පළමුවැන්නා ද ඔහු ය.
වික්‍රමසිංහ මේ කාලයේදී එනම් 1960 ගණන්වල මුලදී සේවය කළේ ඔරුවල වානේ කම්හලේ ඉංජිනේරුවකු ලෙසය. මේ අතර 1962 දිනෙක සෝවියට් සමාජවාදී සමූහාණ්‌ඩුව තම රටේ වානේ කම්හල්වල පැවැත්වෙන ශිෂ්‍යත්ව පුහුණු පාඨමාලාවක් සඳහා ජාත්‍යන්තර මට්‌ටමින් අයෑදුම්පත් කැඳවීය. ඒ සඳහා අයෑදුම් කළ වික්‍රමසිංහ ශිෂ්‍යත්වය දිනා ගත්තේය. එතැන් සිට එළැඹෙන වසර කිහිපය ඔහු ගත කරන්නේ සෝවියට් දේශයෙහි ය.
"යකඩ කර්මාන්තයට සම්බන්ධ හැම දෙයක් ගැනම පුහුණුවක් රුසියාවේදී මට ලැබුණා. මට පුහුණුව ලැබුණේ විසිදාහක සේවක මණ්‌ඩලයක් වැඩ කළ යකඩ කම්හලකයි." ඔහු තම මතකය අවදි කළේය.
ලංකාවට ආවට පස්‌සෙ මම පුංචි කම්හලක් පටන් ගත්තා. ඒකෙ නම ස්‌ටාර් ඉන්ඩස්‌ටි්‍රස්. රුසියාවේ ලබපු අධ්‍යාපනය අඩු පාඩුවක් නැතිව අත්හදා බලන්න මේ කම්හලේදී මට පුළුවන් වුණා. රුසියාව කියන්නේ යකඩ නිපදවන රටක්. යපස් කැණීමේ සිට ඒවා උණුකර යකඩ නිපදවීමත්, ඒ යකඩවලින් පිහිතලයේ පටන් යුද්ධ ටැංකි දක්‌වා සෑදීමත් රුසියාව කරනවා. ඒත් අපේ රටේ යකඩ කර්මාන්තය පටන් ගන්නේ මගින්. අපි යකඩ හෑරිල්ලක් නැහැ. මම පරණ යකඩ උණුකරල යකඩ කඳන් සෑදීමේ කර්මාන්තය පටන් ගත්තා. මම ඒ වෙනුවෙන් පාවිච්චි කළේ මමම හදාගත් උපකරණ."
අන්තිමේදී ඔහු විවිධ යන්ත්‍රවල අමතර කොටස් ලංකාවේ නිපදවා පිටරට යවන්නට පටන් ගත්තේය.ඒ වූ කලී විවෘත ආර්ථිකය විසින් දේශීය කර්මාන්තවලට ඉතා දරුණුවට පහර දෙමින් තිබූ අවධියයි. ඇතැම් රටවලින් අබලන් වූ යන්ත්‍ර ගෙන්වූ ඔහු ඒවායේ අබලන් කොටස් තම කම්හලේ නිපදවා එම යන්ත්‍ර අලුත්වැඩියා කර එම රටවලටම යෑවීය.
1990 මැද භාගය වන විට ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් µaලෝටයිල් වෙත ඇදී යනු දක්‌නා ලදී. ධනවත් ජනයා සිය නිවෙස්‌වල බිමට ටයිල් අල්ලන්නට පටන් ගත්තේය. වඩාත් ධනවත් ජනයා ඉතා මිල අධික සුඛෝපභෝගී ග්‍රැනයිඩ් ටයිල් හෙවත් කලුගල් ටයිල් වෙත ඇදී ගියේය. කළුගල් ගහන රටක් වූ ලංකාවේ ග්‍රැනයිට් ටයිල් සෑදිය නොහැකි දැයි කල්පනා කළේය. "මම ගල් ඉරලා ගල් තහඩු සාදන තාක්‍ෂණය හොයන්න රටවල් ගණනාවකටම ගියා. ඊට පස්‌සෙ චීනෙදි ගල් ඉරන විශාල රවුම් කියත් යන්ත්‍ර මට හම්බ වුණා..."
ඉන්පසු වික්‍රමසිංහ විසින් එකක් මිලට ගෙන ලංකාවට ගෙනාවේය.
"මම මේ යන්ත්‍රය සම්පූර්ණයෙන් ම කෑලීවලට ගැලෙව්වා. ඊට පස්‌සේ ඒ විදියෙම යන්ත්‍රයක් අපේ රටේ නිෂ්පාදනය කළා. රේල් පීලි, බුල්ඩෝසර්වල ගියර් බොක්‌ස්, දේශීය වෙළෙඳපොළෙන් ගන්න පුළුවන් අධිබල මෝටර් මේකට යොදා ගත්තා. මට වියදමක් ගියේ චීනෙන් ගෙන්නපු කියත් තලයට විතරයි. ඒකෙ දැතිවල තියෙන ඩයමන්ඩ් එඡ් එක (දැත්තට ඇඳ ඇති දියමන්තිවලින් සෑදූ මුහුණත, ගල් කැපෙන්නේ මේ මුහුණත අධික භ්‍රමණ වේගයකින් ගල මත ක්‍රියා කරන විටය.) වෙනුවට ආටිෆිෂල් ඩයමන්ඩ් එඡ් හදල අපිම පාස්‌සා ගන්නවා.
මේ ආකාරයෙන් වික්‍රමසිංහ යෝධ යන්ත්‍ර හයක් පමණ සාදා ඇත. අඩි 15 ක් පමණ උස අඩි 6 ක් පමණ පළල අඩි 4 ක් පමණ ඝනකම විශාල ගල් කඳන් ක්‍රේන්වලින් ඔසවා යන්ත්‍රයට තබා ලෑලි ඉරන්නාක් මෙන් ඉරනු ලැබේ. ඉරන ලද ගල් ලෑල්ලක් අඟලක් පමණ ඝනකම ය. කියත් තලයෙහි වරක් ගැටෙන විට මිලි මීටර් 4 ක් පමණ ගැඹුරට ගල කැපෙයි. ගල සහ කියත් තලය අතර ඝර්ෂණය නිසා හටගන්නා තාපය අවම කරනු පිණිස ඒ මතට අඛණ්‌ඩව වතුර පහරක් හෙලනු ලැබෙයි. එම වතුර පසුව යන්ත්‍රය යටින් ගලා ගොස් කාණුවකට එකතු වී එතැනින් තවත් තටාකයකට වැටෙයි. එහි විනාඩි කිහිපයක් ජලය තැන්පත්ව තිබූ විට ජලයෙහි ඇති ගල් කුඩු තටාකය අඩියෙහි තැන්පත් වෙයි. ඉන්පසු පිටාර ගලන්නට පටන් ගන්නේ පිරිසිදු වතුරය. ඒවා තවත් ටැංකියකට වැටී නළ මාර්ගයෙන් නැවතත් යන්ත්‍රයෙහි තිබෙන ගල් මතට පෙර පරිදිම වැටෙයි. මෙය වූ කලී පුරාණ කාලයෙහි රජවරුන් අනුගමනය කළ යෝධ වැව් ක්‍රමය බව මගේ අදහසය. ඉපැරැණි වාරි කර්මාන්තයේදී විවිධ ජල මාර්ගවලින් එන රොන් මඩ සහිත ජලය මුලින්ම යන්නේ පෝට වැවටය. රොන් මඩ පෝට වැව් අඩියෙහි තැන්පත් වූ පසු පිටාර ගලන ජලය වැවට යයි. පෝට වැව් නිසා රොන් මඩ පිරී වැව් ගොඩ වූයේ නැත. කාලයෙන් කාලයට පෝට වැව පමණක් පිරිසිදු කර රොන් මඩ ඉවත් කරන අතර එමගින් විශාල වැව රොන් මඩවලින් පිරිසිදු කර ගැනීමට තිබෙන අවදානම බැහැර වෙයි.
"මම පෝට වැව් ගැන දන්නේ නැහැ. ඒක මගේ හිතට ආපු අදහසක් අනුව කළ වැඩක්. හැබැයි කාලෙන් කාලෙට ගල් කුඩු එකතුවන ජලාශය අපිත් සුද්ධ කරනවා." වික්‍රමසිංහ කියයි. මේ අතර මෙයට අවුරුදු කිහිපයකට ඉස්‌සර මට තේරුම් ගියා ලංකාවේ ගල් කැටයම් කර්මාන්තයේ ලොකු හිඩැසක් තියෙන බව. ඒ නිසා මම ගල් ප්‍රතිමා, ගල්කැටයම්, ගල් වලින් සඳකඩපහණ තැනීම වගේ කර්මාන්තවලට යොමු වුණා..."
මේ කර්මාන්තය වෙනුවෙන් කළ පරීක්‍ෂණවලදී වික්‍රමසිංහට වම් ඇසෙන් 60% ක් පමණ අහිමි විය. දකුණු අතේ ඇඟිලි තුනක් කැපී වෙන්විය. ඔහුට ඒ ගැන කිසිදු දුකක් නැත. "ඒ සිද්ධි දෙකම මම සලකන්නේ මට ලැබුණු ජීවමාන සම්මාන හැටියට." ඔහු කියන්නේ කිසිදු ගණනක් නැතිවය.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස පිහිටි සලපතලමළුව, පඩි පේළි සහ තනි ගල්වලින් නිර්මාණය කළ කොරවක්‌ගල් සියල්ලම වික්‍රමසිංහ සෑදූ දේවල් ය. බත්තරමුල්ලේ ග්‍රැනයිඩ් වලින් තැනූ රණවිරු ස්‌මාරකය ද ඔහුගේ නිමැවුමකි. කළුතර බෝධි ප්‍රාකාරයේ ගල් කැටයම් ද ඔහුගේ වැඩ ය. ඔහු මේ දිනවල උඩුබද්දාව විහාරස්‌ථානය සඳහා අඩි 55 ක් උස තනි ගල් පිළිමයක් නෙළයි. වතුරවිල ආරණ්‍ය සේනාසනයේ තිබෙන අඩි 42 ක් උස සේල පිළිමය ද ඔහුගේය. මේ සියල්ලටම අමතරව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අදහසක් ලෙස අනුරාධපුරයේ ඉදිකරන සඳ හිරු සෑය චෛත්‍ය රාජයාගේ සියලු ශෛලමය නිර්මාණ කිරීමට භාර දී තිබෙන්නේ ඔහුටය. ඒ සඳහා ඔහු දැනටමත් අතින් තැනූ යන්ත්‍ර සූත්‍ර සහිත ගල් වැඩපලක් පටන් ගෙන ඇත.
තම කම්හල්වල යන්ත්‍ර මෙන්ම ඒවායේ අමතර කොටස් ද සාදන්නේ වික්‍රමසිංහ විසිනි. ඒ නිසා අපේ බඩු හරිම ලාභයි. කොටින්ම කියතොත් කැටයම් කළ ලී කණුවල මිලට වඩා හුඟක් අඩුවෙන් කැටයම් කළ ගල් කණු දෙන්න අපට පුළුවන්..." ඔහු කියයි.
ඇසක් අහිමි වුවද, ඇඟිලි තුනක් කැපී වෙන් වී ගියද හපුආරච්චිගේ චන්ද්‍රා ලීලානන්ද වික්‍රමසිංහ තෘප්තිමත් මිනිසෙකි. මට තියෙන ලොකුම සම්පත තමයි මම හදාපු ගෝලයෝ ටික. මගේ කොල්ලො ටික ඕනෑම ගලක ඔළුව ගහගන්න ලෑස්‌තියි. හැබැයි මතක තියාගන්න. තුවාල වෙන්නේ ගල මිස කොල්ලන්ගේ ඔළු නොවෙයි." ඔහුගේ ඇස් කොන්වල ගුලිවන කුඩා කඳුළු බිඳු දෙකක් මට පෙනෙයි.
මට ඔහු ගැන දුකය, ආඩම්බරය.
අනුර සොලමන්ස්
http://www.divaina.com/2014/01/05/feature04.html

0 comments:
Post a Comment