Pages

Tuesday, January 21, 2014

ඖෂධ සමාගමේ ඒකාධිකාරයෙන් පිළිකා වකුගඩු රෝගීන් මරු කටේ. ඒකාධිකාරිය රැක ගන්න කෝටි ගණන් මුදල්...

රුපියල් 73000ක් වැනි මුදලකට එන්නත් මිලදී ගනීමට සිදුවෙලා

ඖෂධ ගෙන්වන ඒකාධිකාරය සහිත සමාගමක්‌ ඖෂධ ඒකාධිකාරය රැකගැනීම සඳහා කටයුතු කිරීම නිසා පිළිකා හා වකුගඩු රෝගීන්ට රුපියල් 73,000 ක්‌ වැනි අධික මිලකට එන්නත් මිලදී ගැනීමට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට කියා සිටියේය.

මෙම ඒකාධිකාරය නවතා අලුත් සමාගම්වලට ඖෂධ ගෙන්වීමට අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට කලබල වී සිටින අදාළ ඒකාධිකාරය සතු සමාගම් රුපියල් කෝටි ගණනින් මුදල් වැය කරමින් සිය ඒකාධිකාරිය රැක ගැනීමට පියවර ගෙන ඇතැයිද එම නිලධාරියා පැවැසීය.

මෙම තත්ත්වය නිසා වසරකට රටට අහිමි වන මුදල රුපියල් කෝටි 150 (බිලියන 1.5) බවද ගණන් බලා ඇත.

වකුගඩු හා පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය එන්නත් වර්ග වන Herceptin mabthra, Protine Bound Paclitaxel වැනි එන්නත් මේ වනවිට රුපියල් 73,000 ක්‌ වැනි ඉහළ මිලකට රෝගීන්ට මිලදී ගැනීමට සිදුවන අතර ඒකාධිකාරය බිඳදමා තරගකාරී සමාගම් වලට ඒවා ගෙන්වීමට අවසර දෙන්නේ නම් එම එන්නතම රුපියල් 38,000 කට රෝගීන්ට ලබාදිය හැකි බවද එම නිලධාරියා කියා සිටියේය.

ශිරාන් රණසිංහ
http://www.divaina.com/2014/01/20/news01.html

Pic Source

0 comments: