Pages

Wednesday, January 8, 2014

මස්‌ මුදලාලිගේ අහිංසක කැලැන්ඩරය - කැලැන්ඩරයෙහි ඉස්‌ලාමට නිගරු යමක්‌ වී නම් ඔහු මේ වන විට පරලොවය!

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ ලෙස තමන් පිළිගන්නේ නැති බවත් දෙමළ ජනතාව සුළු ජාතියක්‌ නොවන බවත් උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් කී බව ඊයේ (07 දා) "දිවයිනේ" පළ විය. මේ අනුව විග්නේෂ්වරන් දෙමළ ජාතිකයකු නොවන බවත් ඔහු හින්දු ආගමිකයකු නොවන බවත් අපි කියමු. මෙබඳු ගොන් කතා කියමින් උදේ සිට රෑ වන තුරුත් රෑ සිට එළිවන තුරුත් අප දෙපාර්ශවයටම කාලය ගතකිරීමට හැකි ය. එහෙත් කාලය රන් හා සමාන ය. ගොන්කම තුට්‌ටු දෙකක්‌ නොවටී.

********************************************

මොනරාගල නගරයේ මස්‌ හා බිත්තර අලෙවි කරන මුදලාලියෙක්‌ බුදුරුව සහ දළදා මාලිගයේ අනුරුවක්‌ යෙදූ කැලැන්ඩරයක්‌ අච්චු ගසා බෙදා හරින ලද බව දැනගන්නට තිබේ. මේ මුදලාලිට පිස්‌සුද නැතිනම් හැටි ද යන ප්‍රශ්නයට මේ මොහොතේදී අපි තදබල ලෙස මුහුණපා සිටින්නෙමු. ඔහුට එක්‌ එක්‌ දේවල ගැලපීම ගැන කිසිදු දැනුමක්‌ නැති බව පැහැදිලි ය. වී ගොවියා කුකුළු ෆාම් එකක පින්තූරය යෙදූ කැලැන්ඩරයක්‌ අච්චු ගැසූ විට එහි කිසිදු ගැලපීමක්‌ නැත. එසේම බිත්තර මුදලාලි ෆුට්‌ බෝල සහිත පින්තූරයක්‌ දමා කැලැන්ඩරයක්‌ අච්චු ගැසූ විට එහි ද ගැලපුමක්‌ නැත. මස්‌ කඩකාරයා ධර්ම චක්‍රයක්‌ යොදා කැලැන්ඩරයක්‌ අච්චු ගැසීම පණ යවන වරදකි. මස්‌ හා බිත්තර දෙකම විකුණන මුදලාලි බුදුරුව සහ දළදා මැඳුර යොදා කැලැන්ඩරයක්‌ ගැසූ විට එය පණ පමණක්‌ නොව අපායේ ද යන වරදකි.

මෙහිදී අප අවධානය යොමු කළ යුතු ඉතා වැදගත් කාරණයක්‌ තිබේ. එනම් මොනරාගල මස්‌ හා බිත්තර මුදලාලි තම කැලැන්ඩරයට බුදුරුව සහ දළදා මැඳුර යෙදුවේ බුදු දහමට අපහාසයක්‌ කිරීමට ද නැත්නම් තනිකරම තමන් සතු නූගත් භාවය නිසාද යන්න සොයා බැලිය යුතු ය. තමන් කිරීමට යන බූරු වැඩය නිසා බෞද්ධයන්ගේ සිත් රිදෙන බව මේ මැට්‌ටාට කල්පනා නොවුණේ ඇයි? ඉන්දියාවේ හින්දු ආගමට සම්බන්ධව මෙවැන්නක්‌ සිදු වූයේ නම් මුදලාලි පමණක්‌ නොව ඔහුගේ බිත්තර කඩයටත් මස්‌ ව්‍යාපාරයටත් සිදු වන්නේ කුඩු පට්‌ටම් වීමට ය. දැනට ඇති සාක්‍ෂිවලට අනුව නම් මුදලාලි කැලැන්ඩරය අච්චු ගසා ඇත්තේ සද්භාවයෙනි. පොදුවේ ගත්කල ශ්‍රී ලංකාව බහු ජාතික සහ බහු ආගමික රටකි. ගැඹුරින් ගත් කල මේ රට සිංහල බෞද්ධ රටකි. අප එසේ කියන්නේ රටේ මහජාතිය සිංහල නිසාත් එකී මහ ජාතිය අදහන ආගම බුද්ධාගම නිසාත් ය. බුදුදහම ඉතාම සංවේදී ය. මේ සංවේදීකමම ඉස්‌ලාම් ආගමෙහි තිබෙන බව අපි දනිමු. බිත්තර මුදලාලිගේ කැලැන්ඩරයෙහි ඉස්‌ලාම් ආගමට නිගරු වන යමක්‌ වී නම් ඔහු මේ වන විට පරලොව ය.

ශ්‍රී ලංකාව තුළ අන් අයගේ ඡායාරූප පළකිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රමිතියක්‌ නැත. මිනිස්‌සු තම තමන්ට අභිමත පින්තූර කිසිදු ස්‌වයං පාලනයකින් තොරව ප්‍රකාශයට පත්කර ගනිති. හැම කපටියකුම ඉස්‌සරහින්ම එල්ලන්නේ බුද්ධ පින්තූරයකි. ඉන් පසු පිළිවෙළින් දේව පින්තූර සහ ඒ මොහොතේ රට පාලනය කරන රාජ්‍ය නායකයාගේ පින්තූරයක්‌ එල්ලා ගනිති. වැඩි හොඳට පළාතේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීගේත් පින්තූරයක්‌ එල්ලන අවස්‌ථා තිබේ. මේ පින්තූර සියල්ලම පසුකරගෙන ගෙයි පිළිකන්නට යන කෙනකුට දකින්නට ලැබෙන්නේ ගෙවල් අයිතිකාර 'කපුරුහාමි' පළාතම ගඳ ගස්‌වමින් කසිප්පු පෙරන හැටි ය. මේ නිසා ආගමික නායකයන්ගේ සහ රටේ නායකයන්ගේත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේත් පින්තූර ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් කිසියම් විනය පිටකයක්‌ ප්‍රකාශයට පත්කිරීම වැදගත් ය. ජනාධිපතිතුමාගේ නම පාවිච්චි කරන හොර තක්‌කඩින් බහුලව අප සමාජය තුළ සිටියි. මේවා වෙන රටක කළේ නම් හතර හන්දි කඩනු ලැබෙයි. එහෙත් අපේ රටේ මේවා කළ තරමට හතර හන්දිවලට පමණක්‌ නොව මුළු ඇඟටම සැප ලැබෙයි.

මස්‌ මුදලාලිගේ බෞද්ධ කැලැන්ඩරය ඒ වර්ගයේ සිදුවීම් සිය ගණනකින් එකක්‌ පමණි.

http://www.divaina.com/2014/01/08/editor.html

සබැඳි ලිපි -
[

බුදුරුව යොදා කැලැන්ඩරයක්‌ බෙදා හැරිය මස්‌කඩේ මුදලාලි අත්අඩංගුවටhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_18.htmlහෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html
ඉඳුරුව හෝටලයක බිකිනි වනන්න බුදු පිළිම දමලා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4446.html
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය
http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html
බුද්ධ බාර් වැටලීම
http://denethharinna.blogspot.com/2013/01/blog-post_882.html
රෑට කන්නේ නිර්වාණේ සමාවෙන්න බුදු රජුනේ!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_9046.html
]

0 comments: