Pages

Tuesday, January 21, 2014

වකුගඩු රෝග නිවාරණයට ලබන මස සිට කඩිනම් වැඩපිළිවෙළක්‌

ප්‍රදේශ රැසක බහුල ලෙස පැතිර ඇති වකුගඩු රෝගය මැඬලීම හා රෝග නිවාරණය සඳහා කඩිනම් වැඩපිළිවෙළක්‌ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව විශේෂ ව්‍යාපෘති ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

මේ සඳහා වූ කැබිනට්‌ සංදේශයක්‌ ළඟදීම ඇමැති මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පැවසීය.

එම අමාත්‍යාංශයේ ඊයේ (20 දා) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධව විශේෂ අවධානය යොමු කර විශේෂ වැඩසටහනක්‌ ලෙස මෙය ක්‍රියාත්මක කිරීමේ වගකීම තම අමාත්‍යාංශය වෙත පවරා ඒ සඳහා මුදල් ප්‍රතිපාදනද ලබාදී ඇතැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලන විශේෂඥ වෛද්‍යවරුන්, විශේෂඥයන්, විද්වතුන් පරිසරවේදීන් සමග සාකච්ඡා කර, ඔවුන් විසින් ඉදිරිපත් කරන යෝජනා, අදහස්‌ සහ දත්තයන් සැලකිල්ලට ගෙන මේ විශේෂ වැඩපිළිවෙළ සකස්‌ කෙරෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

කෘෂිකර්මාන්තයට යොදා ගන්නා කෘමිනාශක ද්‍රව්‍ය හා රසායනික පොහොර අධික ලෙස යෙදීම මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බැවින් විෂ සහිත කෘමිනාශක හා රසායන භාවිතයෙන් ඉවත් කිරීමට ද පියවර ගන්නා බව ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

වගා කටයුතු ද ආරක්‍ෂා කර ගොවියාට, පාරිභෝගිකයාට හානි නොවන අයුරින් වස විසෙන් තොර ආහාර සැපයීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කෙරෙන බවත් සඳහන් කළ ඇමැතිවරයා ගොවි ජනතාව දැනුවත් කරමින් රසායනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයට ගොවි ජනතාව යොමු කිරීමටත් වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය ලබාදීමත් මෙම විශේෂ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන බවද පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමුකර ඇති බවත් පැවසූ ඇමැතිවරයා අවසන් නිර්දේශ ඇතුළත් වාර්තාව ළඟදීම ජනාධිපතිවරයාට ලබාදෙන බවත් පැවසීය.

මෙම අවස්‌ථාවට අමාත්‍යාංශ ලේකම් විඡේරත්න සකලසූරිය මහතා ද එක්‌ විය.

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/01/21/news11.html

Pic Source

සබැඳි ලිපි
[
රටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.html
වකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

0 comments: