
1996 ජනවාරි 31 දා රාජු නැමැති කොටි ත්‍රස්‌තවාදියා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 200 ක් අඩංගු ලොරියක් මහ බැංකුවේ හැප්පීමෙන් විශාල විනාශයක් සිදුවිණි.
මේ ප්‍රහාරය ප්‍රභාකරන් මෙහෙයවූ බව සනාථ වූයේ කොටුවේදී අත්අඩංගුවට ගත් රඝූ නමැති ත්‍රස්‌තයාට ප්‍රභාකරන් තෑගි දුන් සමරු ඵලකයේ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ තිබීමෙනි.
ත්‍රස්‌ත මර්දන ඒකකයේ පොලිස් පරීක්‍ෂක නිලබ්දීන් දිවි නොතකා මුතූර් වෙත ගොස් රඝූ ගේ නිවසේ තිබී එම සමරු ඵලකය සොයාගෙන තිබිණි.
තමිල්නාඩු පොලිසියේ තිබූ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු හා සමරු ඵලකයේ තිබූ ඇඟිලි සලකුණු සැසඳීමෙන් එවකට මහාධිකරණ විනිසුරුව සිටි සරත් අඹේපිටිය මහතා ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවම් නියම කළේය.
එසේම කොටි සංවිධානයේ සියලු වත්කම් රාජ සන්තක කරන ලෙසද නියෝග කරනු ලැබීය.
මෙම ප්‍රහාරයට සම්බන්ධ කොටි ත්‍රස්‌තයෝ කීපදෙනෙක් නෝර්වේහි වාසය කරති.
පින්තූර- සරණපාල පමුණුව, කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/31/news02.html
සබැඳි ලිපි -
[
ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රහාර එල්ලවීමේ යුද අපරාධයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_28.html
]
0 comments:
Post a Comment