Pages

Monday, January 13, 2014

කැලණිය වාර්ෂික දුරුතු පෙරහැර 12-13-14 දිනවල

ඓතිහාසික කැලණි මහා විහාරයේ වාර්ෂික දුරුතු පෙරහැර මෙවරද 2014.02.12 වැනි දින සිට 14 වැනිදා දක්‌වා වීදි සංචාරය කිරීමට නියමිතය.

මෙවර ද දුරුතු මහා පෙරහැර, උඩරට, පහතරට, සබරගමු සාම්ප්‍රදායන් නියෝජනය කරන නර්තන කණ්‌ඩායම් ගණනාවකගේ හා අලි ඇතුන් පනහකට අධික සංඛ්‍යාවකින් යුතුව විචිත්‍රවත්ව වීදි සංචාරය කෙරේ.

1927 දී හෙලේනා විඡේවර්ධන ළමාතැනී හා ඇයගේ බාල පුත් වෝල්ටර් විඡේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය දුරුතු පුෙණ්‍යාත්සවය ආරම්භ විය.

කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත නාහිමියන්ගේ හා මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ මෙම පෙරහැර කටයුතු සංවිධානය සිදු කෙරේ. ප්‍රධාන බස්‌නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා ප්‍රමුඛ විහාරස්‌ථ දායක සභාව එම කටයුතු සංවිධානය කරයි.

http://www.divaina.com/2014/01/12/news06.html

Pic Source

0 comments: