Pages

Sunday, March 20, 2016

යහපාලනය සමඟ වැඩෙන ඉවැන්ජලික ආක්‍රමණය! යහපාලන ආණ්‌ඩුවේත් ඉවැන්ජලික ඇමැතිවරු!

ඉවැන්ජලිකල් ආක්‍රමණය, ක්‍රිස්‌තියානි ව්‍යාප්තවාදය ගැන කතා කිරීමට අද කිසිවෙක්‌ නැත. එදා පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියෝ පැය තුනේ බණ දේශනයේදී මුස්‌ලිම් ව්‍යාප්තවාදය මෙන්ම ක්‍රිස්‌තියානි ආක්‍රමණය පිළිබඳවද කතා කළහ. උන්වහන්සේ වෙනුවෙන් ධර්මරාජ්‍ය ගොඩනැඟීමට උත්සාහ ගත්තෝ අද ක්‍රිස්‌තියානි ආක්‍රමණය ගැන වචනයකුදු නොකියති. 2003 සෝම හිමි අභාවය සමඟ ඉවැන්ජලිකල් ආක්‍රමණයට එරෙහිව රටේම බොදු පුබුදුවක්‌ ඇති වුවද 2016 දී ඒ පුබුදුව මියගොස්‌ ඇති බව කියන්නේ කනගාටුවෙනි. යහපාලනය රජවීමත් සමඟම ඉවැන්ජලිකල් ආක්‍රමණය වර්ධනය වී ඇත්ද යන්න පිළිබඳ අපට කුකුසක්‌ පැනනගී. මිලියන ගණනින් මුදල් වියදම් කරමින් "වෙනසකට ජවයක්‌" මැයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයක්‌ දියත්ව තිබේ. ඔබේ ජීවිතය වෙනස්‌ වීමට මේ ජීවිත කතා කියවන්නැයි ඉල්ලමින් දැන්වීම් පළකර ඇත. මේ පොත ගැන විස්‌තර ලබා ගැනීමට අදාළ දුරකථන අංකයට කතාකර විස්‌තර ඇසූවිට ඔවුන් පවසන්නේ පොත එවීමට නම හා ලිපිනය ලබාදෙන ලෙසයි. කෙසේ නමුත් මේ සංවිධානය කිසියම් ආගමික ව්‍යාපාරයක්‌ දැයි ඇසූවිට එම දුරකථන ක්‍රියාකරු ප්‍රකාශ කර සිටියේ තමන්ට මේ ගැන අදහස්‌ දැක්‌විය නොහැකි බවයි. මෙය රාජ්‍ය නොවන සංවිධානයක්‌ පමණක්‌ බවත් ඊට වඩා විස්‌තර ලබාදිය නොහැකි බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය. එහෙත් වෙනසකට ජවය දීමට විශාල ප්‍රමාණයෙන් ඩොලර් පොම්පවන බව නම් සහතිකය. වෙනසකට ජවයක්‌ ලබාදීම වෙනුවෙන් ලාංකිකයා ඇදගෙන යන්නට උත්සාහ කරන්නේ කොතැනටද? දෙවියන් වහන්සේ ළඟටද? කිසිම ආගමික සලකුණක්‌ හෝ මොවුන් ප්‍රකාශයට පත් කරන්නේ නැත. ඇල්µ්‍රඩ් දොරේ අප්පාගේ දියණියක වූ ඊෂා බෙගෝ දොරේ අප්පාද ජීවිතය වෙනස්‌ කරගත් කාන්තාවකි. ඇගේ කතාවද මේ කතා 12 තුළ අඩංගුය. මොවුන් මෙරට . කන ලිපිනය යටතේ පවත්වාගෙන යන වෙබ් අඩවියේ හි ඇත්තේද මේ කතා 12 පිළිබඳ විස්‌තර පමණි. නමුත් ඔවුන්ගේ චදඇර එද ජය්බටැ.ජදප වෙබ් අඩවිය බැලූවිට අපට එය සම්පූර්ණ ක්‍රිස්‌තියානි ආගමික ව්‍යාපාරයක්‌ බව පැහැදිලිය. එසේ නම් මොවුන් ජීවිතය වෙනස්‌ කර ගැනීම වෙනුවෙන් --- අඬගසන බව පැහැදිළිය. හීන් නූලෙන් ගෙන යන මේ ව්‍යාපාරයද, ගෙවල්වලට පැමිණ බයිබල් බෙදීමේ ව්‍යාපාරයෙන් වෙනස්‌ වන්නේ නැත. බලහත්කාරයෙන් ආගම් වෙනස්‌ කර හෝ වංචාවට ලක්‌කර ජීවිතය වෙනස්‌ කළ හැකිද?

හදවතේ තිත්තකම නැති කිරීමට මේ ජීවිත කතා කියවීමෙන් ඵලක්‌ වේද? එවිට හදවත සීනි කඳක්‌ බවට පත්වන්නේද? මේ ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන බෞද්ධයන් හොඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුය. සිංහල පුවත්පත්වල පිටු ගණනින් දැන්වීම් දමා හදවතේ තිත්තකම ගැන කතා කරන්නේ කවුරුන්ට ඇම දැමීමටදැයි අප හොඳින් කල්පනා කළ යුතුය.

අයිසීස්‌ සංවිධානය වර්ධනය වීමත් සමඟම යුරෝපයේ සුදු ක්‍රිස්‌තියානි ජාතිකවාදය වර්ධනය විය. ඇමරිකාවේ රිපබ්ලිකන් ජනපති අපේක්‍ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රිස්‌තියානීන් ගැන විශේෂයෙන් කතා කරයි. ඇමරිකාවේ බලය ක්‍රිස්‌තියානීන් බවට පත්කරන බව හෙතෙම කියයි. මේ හරහා ඉවැන්ජලිකල් ආගමික නිකායන්ටද පැහැදිලිs තල්ලුවක්‌ ලැබී ඇති බව පැහැදිලිsය. ඉදිරියේදී මෙය වේගයෙන් ලොව ව්‍යාප්ත වනු ඇත. නැවත වරක්‌ වෙනසකට ජවයක්‌ ගැන කතා කිරීමට හැරුණහොත් අන්තර්ජාලය වඩා හොඳින් පරීක්‍ෂා කරද්දී විශේෂයෙන් චදඇර එද ජය්බටැ.ජදප ජාත්‍යන්තර වෙබ් අඩවිය අනුව මොවුනගේ මූලස්‌ථානය පිහිටා ඇත්තේ කැනඩාවේය. මේ ක්‍රිස්‌තියානි ආගමික සංවිධානයේ සභාපතිවරයා වන්නේ සිව්දරු පියෙකු වන රොඩ් බර්ගන් වේ. එම වෙබ් අඩවියට අනුව මෙය ක්‍රිස්‌තියානි ඉවැන්ජලිකල් සංවිධානයයි. ඔවුනට ලොව පුරා ශාඛා සංවිධාන රැසක්‌ ඇති බවටද මෙහි තොරතුරු ඇතුළත් කර ඇත. ඒ අනුව කැනඩාවේ සිට මෙරටට එවන ඩොලර්වලින් ජීවිතය වෙනස්‌ කරන කතා පොත් නොමිලයේ බෙදන බව පැහැදිලිය. ඕනෑම කෙනෙකුට තමන් කැමති පොතක්‌ මුද්‍රණය කර නොමිලයේ බෙදිය හැක. ඒ ගැන අපට ප්‍රශ්නයක්‌ නැත. නමුත් මේ හරහා සිදුවන ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන මෙරට බහුතර සිංහල බෞද්ධයා දැනුවත්ව සිටීද යන්න නම් අපට ප්‍රශ්නයකි.

මෑතකාලීන සංඛ්‍යා ලේඛන කවරක්‌ වෙතත් 2004 වර්ෂය වන විට ඇමරිකා එක්‌සත් ජනපදය, උතුරු යුරෝපය, කැනඩාව හා දකුණු කොරියාවේ ආධාර ලබන මූලධර්මවාදී පල්ලි 456 ක්‌ මෙරට පිහිටුවා තිබිණි. 2016 දී එය කොපමණ ප්‍රමාණයකින් වැඩිවී ඇත්දැයි නිවැරැදි තොරතුරු අප සතුව නැත. සමහර මූලධර්මවාදී සංවිධාන මෙරටට පැමිණෙන්නේ ආයෝජන මණ්‌ඩලය හරහාය. වර්තමාන යහපාලන ආණ්‌ඩුවේද ඉවැන්ජලිකල් ඇමැතිවරු සිටිති.

හිටපු ඇමරිකානු ජනපති ජෝර්ඡ් බුෂ් මූලධර්මවාදී බෝර්න් එගේන් නිකායේ සාමාජිකයකු බව ප්‍රකට කරුණකි. ඇමරිකා එක්‌සත් ජනපදයේ හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටෙඡ් මහතා නිව්ස්‌වීක්‌ සඟරාවට ප්‍රකාශ කර තිබුණේ තම ජනාධිපතිවරයා වටේ සිටින්නේ වවුලන් පිරිසක්‌ බවයි. වවුලන් ජීවත් වන්නේ පහතට එල්ලී වැටෙන ලෙස නිසා බුෂ් වටා සිටින නිලධාරීන්ටද සියල්ල පෙනෙන්නේ උඩු යටිකුරු ලෙස බව හෙතෙම පවසා තිබිණි. දහවලදී නිදාගන්නා මොවුන් රාත්‍රියේදී මතුරමින් යන බවත් ආමිටේඡ් හෙළිකර තිබිණි. හිටපු ජනපති බුෂ් වටා සිටින ප්‍රධාන කණ්‌ඩායම ආගමික මූලධර්මවාදීන් බව හිටපු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා හෙළිකර තිබිණි. ජනපති බුෂ්ගේ ආගමික අන්තවාදය නිසා ලෝකයට සාමය අත්වූයේ නම් නැත.

කවරක්‌ නමුත් මෙම මූලධර්මවාදී ආගමික ආක්‍රමණය ප්‍රවේශමෙන් වටහා ගත යුතුය. ජීවිතය වෙනස්‌ කිරීමට නොමිලයේ ලැබෙන ග්‍රන්ථ කියවුවද ඒ හරහා වෙනසකට ජවයක්‌ දීමට එක්‌විය යුතු නැත. මෙරට බෞද්ධ නායකයන් විශේෂයෙන්ම මහා සංඝරත්නය වහා ක්‍රියාත්මකව අදිසි ලෙසින් ක්‍රියාත්මක වන මෙම ඉවැන්ජලිකල් ආක්‍රමණය ගැන බෞද්ධයන් දැනුවත් කිරීම වඩා කාලෝචිත බව සටහන් කළ යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2016/03/20/feature08.html

Pic Source

0 comments: