Pages

Friday, March 11, 2016

මාධ්‍යයට තොරතුරු දුන්නැයි මුසලු අන්තවාදීහු කොටහේන කෝවිලේ භාරකරුගේ නිවසටත් පහරදෙති

hj23265කොටහේන බාබර්වීදියේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ භාරකරුගේ නිවසට ඊයේ රාත්‍රී කඩාවැදුණු කණ්ඩායමක් විසින් පහර දීමක් සිදුකර තිබෙනවා. මුස්ලිම් පාතාල සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළු අන්තවාදී කණ්ඩායමක් පසුගිය 07වනදා මහාශිව රාත්‍රී දිනයේ කෝවිලේ පැවති ආගමික උත්සවයකට පහරදී එහි තිබූ උපකරණවලට හානි කර තිබුණා. පූජාවට සහභාගී වූ කුඩා දරුවන්ට පවා ඔවුන් පහරදුන් බවයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධ තොරතුරු මාධ්‍යයට ලබා දීම හේතුවෙනුයි ඊයේ රාත්‍රියේ කෝවිල් භාරකරුගේ නිවසට පහරදී තිබෙන්නේ. ප්‍රහාරයෙන් නිවසේ ප්‍රධාන දොරට සහ ගෘහ උපකරණ කිහිපයක අලාභහානි සිදුව තිබෙන අතර කෝවිලේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යට තොරතුරු ලබා දුන්නොත් මරා දමන බවට නිවැසියන්ට සහ අසල්වැසි හින්දු භක්තිකයන්ට ප්‍රහාරයට පැමිණි පිරිස තර්ජණය කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු කොටහේන පොලීසිය එම ස්ථානයට පැමිණ තිබෙන අතර පෙරදා සිදුවූ පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ල අද සවස්වරුවේ විභාගයට ගැනීමටයි නියමිතව තිබෙන්නේ.

Colombo Today

සබැඳි ලිපි -
[

මුසලු බහුතරය කොතැනද, එතැන ඇත්තේ බලහත්කාර අන්තවාදයයි! “අපේ ළමයින්ටත් පන්න පන්න ගැහුවා.. අපි ඉන්නේ බයෙන්” ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය ගැන කොටහේ‍නේ හින්දු ජනතාව කියයිhttp://denethharinna.blogspot.com/2016/03/blog-post_4.htmlඑරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයිhttp://denethharinna.blogspot.com/2016/03/6.html
කොටහේනේ මුස්ලිම් අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි!
http://denethharinna.blogspot.com/2015/10/200.html
මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ! පූජාව තහනම්! ගියොත් මරණවා - ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොවිලේ ආගමික කටයුතු නතර කෙරේhttp://denethharinna.blogspot.com/2015/10/blog-post_97.html
]

0 comments: