Pages

Wednesday, March 23, 2016

අපි ත්‍රස්තයන්ට පහර දෙනවිට අපට එරෙහි වූ යුරෝපයේ අද ඉරණම! බ්‍රසල්ස් ප්‍රහාර නිසා ISIS ප්‍රීතිවන බවට වාර්තා

3272A59D00000578-3503928-image-m-62_1458635459082බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ගුවන්තොටුපළේ අද (22) සිදුවූ පිපිරුම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට එරට බලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

මෙම ප්‍රහාරවලින් අඩුම තරමින් 26 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි එරටින් ලැබෙන නවතම වාර්තා සඳහන් කරන්නේ. තුවාල ලැබූවන් පිරිස 81 ක් දක්වා වාර්තා වී ඇති බවත් එම වාර්තා සඳහන් කරනවා.

බෙල්ජියමේ අගමැති චාල්ස් මිචෙල් සඳහන් කර ඇත්තේද මෙම ප්‍රහාර මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන් බවයි. 

බ්‍රසල්ස් නුවරට ප්‍රහාර එල්ල වීමත් සමග ප්‍රංශය පුරා අතිරේක පොලිස් බල ඇණි යොදවා ආරක්ෂාව තර කර තිබෙනවා. ලන්ඩන් සහ නිව්යෝක් නුවරද ආරක්ෂාව තර කිරීමටත් ඒ හා සමාන ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් සඳහන්.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැති අතර  ප්‍රහාරය පිළිබඳව අයි.එස්. කැරලිකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ප්‍රීතිවන බවද දැන ගන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෙල්ජියමේ උමං දුම්රිය ස්ථානයෙත් පිපිරීමක් 

බෙල්ජියමේ යුරෝපා හවුලට අයත් ආයතනයක් ආසන්නයේ පිහිටි උමං දුම්රිය ස්ථානයක ද තවත් පිපිරීමක් සිදුව තිබෙනවා.

ඉන් දසදෙනෙකුවත් මිය යන්නට ඇති බවයි විදෙස් වාර්තා මේ වන විට වාර්තා කර ඇත්තේ.

මේ වන විට පිපිරීම් සිදුවූ ගුවන්තොටුපොළේ සහ දුම්රිය ස්ථානයේ සියලු පිරිස් ඉවත් කරමින් සිටින බවත් විදෙස් වාර්තා පවසනවා.

එරට සියලු ගුවන් ගමන් සහ දුම්රිය වාර නවතා ඇති බවත් සඳහන්.  සියලු ගුවන්තොටුපළවල් සහ දුම්රිය ස්ථානයන්වල හදිසි සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කරන්නේ මේ වන විට බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සියලු ප්‍රවාහන සේවා අඩපන වී ඇති බවයි.

ගුවන් තොටුපලේ  පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ  අරාබි භාෂාවෙන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද විදෙස් වාර්තා පවසනවා.

මෙම පිපිරීම් සිදුව ඇත්තේ 2015 වසරේ සිදු වූ පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සලාහ් අබ්ඩිසලාම් අත්අඩංගුවට ගෙන දින 4කට පසුවයි. ඒ අනුව මෙම ප්‍රහාර බොහෝ දුරට ත්‍රස්ත ප්‍රහාර විය හැකි බවටයි එරටේ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

http://nethfm.com/article/100882

0 comments: