Pages

Tuesday, March 15, 2016

මේ ආණ්ඩුව ආ දා පටන් තර්ජණ වැඩිවුණා.. පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවා

Mulative Sir sambodhi Viharaya 2
ද්‍රවිඩ සන්ධානයේ තර්ජණ නිසා අතරමග නවතා දැමා ඇති විහාරස්ථානයේ ඉදිකිරීම්

වත්මන් රජය බලය පත්වූ පසුව උතුරු පළාතේ සිංහල ජනතාවට සහ බෞද්ධ විහාරස්ථානවලට එරෙහිව ද්‍රවිඩ සන්ධානයේ තර්ජණ උත්සන්න වී ඇති බවත්, ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරු සහ ඔවුන්ගේ සගයන් පැමිණ මුලතිව් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්ථානය සහ සිංහල ගම්මානය ඉවත් කරගන්නා ලෙස දිගින් දිගටම තර්ජණය කරමින් සිටින බවත් සම්බෝධි විහාරාධිපති තිස්සපුර ශ්‍රී ගුණරතන හිමියන් පවසනවා.


උන්වහන්සේ ඒ බව පැවසුවේ මාධ්‍යවේදීන් පිරිසක් සමග බොදු බල සේනා සංවිධානය මුලතිව් හා වන්නි දිස්ත්‍රික්කවල සිංහල ජනතාව මුහණපා ඇති තත්ත්වය පිළිබදව සොයා බැලීම සදහා එම ප්‍රදේශවල සංචාරය කරන අතරතුර මුලතිව්, කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයට අද (14) ගිය අවස්ථාවේදීයි.

2010 වසරේ වැඩ ආරම්භ කළ ශ්‍රී සම්බෝධි විහාරය ඉදි කෙරෙන්නේ යුද්ධයට පෙර කෝකිලායි සිංහල මහ විදුහල පැවති රජයට අයත් ඉඩමේය. රජයට අයත් එම ඉඩමට වෙනත් පුද්ග‍ලයෙක් අයිතිවාසිකම් කීම නිසා ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී ඇත. විහාරස්ථානය හමුදාවේ ශ්‍රමයෙන් ඉදිවෙමින් පැවති අතර එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එම ගැටළුව සමථයකට පත්කර ඇති අතර අදාළ පුද්ගලයාට වෙනත් ඉඩමක් ලබා දීමටද එකගවී තිබේ. ප්‍රදේශීය ලේකම්වරයා විසින් ඊට අදාල අනුමැතිය ලබාදී ඇත. නමුත් සියල්ල කණපිට පෙරළෙන්නේ ආණ්ඩු පෙරළියත් සමගය.

වෙනසේ රස්නය ඔලුවට ගත් ද්‍රවිඩ සන්ධානය උතුරු පළාතේ අණසක පතුරවද්දී ජාතිවාදයෙන් මත්වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී උතුරු පළාත් ඉඩම් ඇමති ටී.රවිකරන් විහාරස්ථානයට කඩාපැන විහාරයේ ඉදිකිරීම් නවත්වන ලෙස කිහිපවතාවක් තර්ජණය කර ඇත. ඔහුගේ බලපෑම හේතුවෙන් ඉදිකිරීම්වල නිරතව සිටි හමුදා සාමාජිකයන් ඉන් ඉවත්වගොස් ඇති අතර සියළු ඉදිකිරීම් මේවන විට නවතා දැමීමට සිදුව තිබෙන අතර විහාරස්ථානයේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයා විසින් තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.

එමෙන්ම මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පූජකවරයාගේ සහචරයෙකු වන මාධ්‍යවේදියෙකු යැයි හදුන්වාගන්නා ජූඩ් නමැත්තෙකුද දිගින් දිගටම බලපෑම් කරමින් සිටින අතර විහාරස්ථානය හා කෝකිලායි සිංහල ගම්මානය ඉවත් කරන බවට කිහිප වතාවක් පැමිණ තර්ජණය කර ඇත.

විහාරාධිපති තිස්සපුර ගුණරතන හිමියන් එහි ගිය මාධ්‍ය කණ්ඩායම සමග පවසා සිටියේ මෙලෙස දිගින් දිගටම එල්ලවන තර්ජණ හමුවේ විහාරස්ථානය මෙන්ම කෝකිලායි සිංහල ගම් වැසියන්ගේ ජීවිත පවා අවදානමකට ලක්ව තිබෙන බැවින් ජනපතිවරයා, අගමැතිවරයා සෘජුවම මැදිහත් වී මේ ගැටළුව විසදා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

http://www.colombotoday.com/14267-2/

0 comments: