
ඉහත කී කාන්තාවන් කැරලිකරුවන් අතර තවදුරටත් හුවමාරු කර ගැනීමේ අරමුණින් එලෙස උපත් පාලන ඖෂධ ලබාදෙන බවයි ගවේෂණයෙන් හෙළි වී ඇත්තේ.
ඉරාකයේ ජිහාඩ් කණ්‌ඩායම් භාරයේ සිට පලා ආ යසිදි සුළු ජන කොට්‌ඨාසයට අයත් තිස් පහකට වැඩි කාන්තාවන් පිරිසක් පුවත්පත හා සාකච්ඡාවකට එක් වී තිබේ.
කාන්තාවන් පිරිස පුවත්පතට පවසා ඇත්තේ තමන් ගැබ් ගැනීමෙන් වළකනු වස් අයි එස් කැරලිකරුවන් විසින් ඖෂධ සහ එන්නත් ලබාදුන් බවයි.
වහල්භාවයේ තබා ගැනීම සඳහා යසිදි කාන්තාවන් සහ ළාබාල තරුණියන් දූෂණයට ලක් කරන බව අයිඑස් කැරලිකරුවන් විසින් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.
ගැබ්බර නොවන්නේ නම් පමණක් වහල්භාවයේ සිටින කාන්තාවන් දූෂණයට ලක් කළ හැකි බවට වූ ඉස්‌ලාම් ආගමේ සඳහන් අර්ථකථනයක් යොදා ගනිමින් අයිඑස් කැරලිකරුවන් එලෙස සිය භාරයේ සිටින කාන්තාවන්ට උපත් පාලන ඖෂධ ලබාදෙන බවයි විශ්වාස කරන්නේ.
http://www.divaina.com/2016/03/15/forign05.html
Pic Source
0 comments:
Post a Comment