Pages

Wednesday, March 9, 2016

එරාවුර් නගරයේ දෙමළ කඩ 6කට අන්තවාදී ප්‍රහාරයක්.. පොලිස් ආරක්ෂාව තර කරයි

eraur baticloමඩකලපුව එරාවූර් නගරයේ පිහිටි දෙමළ ජාතිකයන් සතු වෙළදසැල් 6කට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තා වනවා. ඊයේ රාත්‍රී 11ට පමණ කඩු, සහ පොලු මුගුරුවලින් සන්නද්ධව කඩා වැදුණු පිරිසක් එම වෙළදසැල් හයට පහර දී එහි තිබූ භාණ්ඩ එළියට ඇද දමා වෙළදසැල් හිමියන්ටද පහරදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

අද පෙරවරුව වන විට එරාවූර් නගරයේ පොලිස් ආරක්ෂාව තර කර තිබූ අතර අදාළ සිදුවීම මාධ්‍යට වාර්තා කිරීමද අවහිර කර තිබෙන බව දැනගැන්මට ලැබෙනවා. එරාවූර් නගරයේ දෙමළ ජාතිකයන් සතු වෙළදසැල් 26ක් පමණ තිබෙන බවත් නගරයේ සුළුතර දමිළ ව්‍යාපාරිකයන් හට මුස්ලිම් පිරිසගෙන් දිගින් දිගටම තර්ජණ එල්ල වන බවත් එහි සිටි ප්‍රකාශකයෙකු සදහන් කළා.

මීට පෙර අවස්ථා කිහිපයකදීම අවිගත් කණ්ඩායම් පැමිණ අදාළ වෙළදසැල් හිමියන්ට තර්ජණය කර ඇති බවත්, මෙය දමිළ ව්‍යාපාරිකයන් බියවද්දා නගරයෙන් පළවාහැරීම සදහා කළ ක්‍රියාවක් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Colombo Today

සබැඳි ලිපි -
[

කොටහේනේ මුස්ලිම් අන්තවාදය ගැන හින්දු ජනතාව දෙවියන්ට කියයි. කෝවිල් 200ක දී පූජා පවත්වා පොලුත් ගසයි!
http://denethharinna.blogspot.com/2015/10/200.html
මුස්ලිම් ප්‍රදේශයක හින්දු උත්සව බෑ! පූජාව තහනම්! ගියොත් මරණවා - ඉස්ලාම් අන්තවාදී තර්ජණ නිසා කොවිලේ ආගමික කටයුතු නතර කෙරේhttp://denethharinna.blogspot.com/2015/10/blog-post_97.html
]

0 comments: