Pages

Tuesday, December 2, 2014

වයස්‌ගත ජනගහන ප්‍රතිශතය ඉහලයාම - ශ්‍රී ලංකාව වයසට යයි

ආසියාව ගෝලීය වශයෙන් ශීඝ්‍රව වර්ධනය වන්නාවූ කලාපයකි. ආර්ථික වර්ධනය හමුවේ ඉදිරියෙන් සිටියද එකී ආර්ථික වර්ධනයට බාධා පමුණුවන්නාවූ අභියෝග ද මතුවෙමින් පවතී. ඉදිරි දශක කීපය තුළ කලාපයට මුහුණ දීමට සිදුවන එවැනි අභියෝගයක්‌ වන්නේ ජන සංයුතියෙහි වෙනස්‌වීම් බව සඳහන් වේ.

ලෝකයේ වයස්‌ගත වන ජනගහනය 2050 වන විට මිලියන 922.7 දක්‌වා වැඩිවීමට පවතින ප්‍රවණතාවයත් සමගම, ලෝකයේ වයස්‌ගතම කලාපය ආසියාව බවට පත්වීමේ මඟට ද පිවිසෙමින් පවතී. ශීඝ්‍රව වයස්‌ගත වන්නාවූ ජනගහනය වෙනුවෙන් සැලසිය යුතු ශුභසාධක පහසුකම් සත්කාරක වැඩසටහන්වලට අදාළ වියපැහැදම් අධිකවීම, ආර්ථික වර්ධනයට බාධකයක්‌ වීම නොවැළැක්‌විය හැකිය. ඊට අමතරව වැඩ කරන වයසේ සිටින ජනගහනය හීනවීමත් සමගම ශ්‍රම සැපයුමෙහි පසුබෑමක්‌ සිදුවීම අමුතුවෙන් සඳහන් කළ යුතු නොවන්නේය. එවන් ඵලදායිතා වර්ධනයට අහිතකර බලපෑමක්‌ වන අතර පූර්ණ දළජාතික නිෂ්පාදනය (ඨDඡ) අනර්ථකාරී පසුබෑමකට ලක්‌වේ.

බොහෝ නැගෙනහිර ආසියානු රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද මේ වන විට ශීඝ්‍ර ලෙස ජනසංයුති සංක්‍රාන්තියකට මුහුණ දෙමින් සිටියි.

අනිකුත් ආසියානු රටවලට පෙරාතුව ශ්‍රී ලංකාව මේ පිළිබඳ අත්දැකීම් ලබා ඇත. 2017 පමණ වන විට මේ තත්ත්වය බැරෑරුම් අදියරට එළැඹීමට ඉඩකඩ පවතී, ඒ අනුව දකුණු ආසියාවේ වයස්‌ගත ජනගහනය වැඩිම රට ශ්‍රී ලංකාව වනු ඇත. වසර 2031 වන විට, ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 20% වයස්‌ගත පිරිස වේ. 2041 වන විට සෑම පුද්ගලයන් 4 දෙනකුගෙන්ම එක්‌ අයෙක්‌ වයස්‌ගත පුද්ගලයෙක්‌ වීමේ ප්‍රවණතාව අප ඉදිරියේ දිස්‌වෙයි. මේ සමගම 2006 වන විට උපරිමයට පත්ව තිබූ වැඩ කරන ජන සංඛ්‍යාව (65.1%) ඉදිරි දශකයන්හි පහත වැටීමට පටන්ගනු ඇත.

ජනසංයුතියෙහි සිදුවන්නාවූ සංක්‍රාන්තියත් සමඟම, වැඩි වන වයස්‌ගත ජනතාව වෙනුවෙන් සමාජ ආරක්‍ෂණ වැඩසටහන් සෞඛ්‍ය සත්කාරක ක්‍රමෝපායන් සැලසීමේ අවශ්‍යතාවයත් සමගම ශ්‍රී ලංකාවට ආර්ථික මෙන්ම සමාජයීය අභියෝගවලට මුහුණ දීමට සිදුවීම අප ඉදිරියේ මතුවන ප්‍රශ්නයකි. තවද ආර්ථික සංවර්ධනයේ අවශ්‍ය වන ශ්‍රම බළකාය හීනවීම කරුණකොට ඇතිවන ගැටලු සහගත තත්ත්වයන් විසඳීමට උපායශීලී ක්‍රියාමාර්ගවලට එළැඹීමට ද ශ්‍රී ලංකාවට සිදු වෙයි.

ඉදිරි දශකයන් තුළ ඇතිවන්නාවූ වයස්‌ගත ජනතාවගේ සැලකියයුතු වැඩිවීමත් සමඟම දැනට ක්‍රියාත්මකව පවතින්නාවූ ප්‍රතිලාභ ලබා දීමේ තවත් සහන ක්‍රම ආදී සුභසාධක යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීමද තීරණාත්මක අදියරකට පැමිණෙනු ඇත.

වයස්‌ගත ජනගහනයෙන් සියයට 40-50 අතර සංඛ්‍යාවක්‌ පමණක්‌ මේ වන විට යම් ආකාරයක සමාජ ආරක්‍ෂණ වැඩසටහනකින් ආවරණය වේ. සේවක අර්ථසාධක අරමුදල, විශ්‍රාම වැටුප් ක්‍රමය, හෝ මාසික මූල්‍ය ආධාර යෝජනා ක්‍රම ඊට අයත් වේ. කෙසේ වුවද විශ්‍රාම වැටුප් මූල්‍ය ප්‍රතිපාදන මෑතදී වැඩිකර ඇති අතර රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් මුදල දළ ජාතික නිෂ්පාදනයෙන් 1.5% පමණ වේ. දැනට පවත්නා සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රම තුළින් ඉඩකඩ සලසා ඇති ආවරණය හා ඒ තුළින් ලබා දෙන්නා වූ සහනයන් වැඩි කිරීමට සිදුවනු ඇත. ඒවගේම වයස්‌ගත පුද්ගලයන්ගේ ප්‍රතිශතය වැඩිවෙත්ම, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා සත්කාර සේවාවන් පවත්වාගෙන යැම පුළුල් කිරීම සඳහා විශාල වියදමක්‌ දැරිය යුතු වේ. බෝනොවන රෝග සඳහා වැඩි වියදමක්‌ දැරීමට මේ වන විට සිදුව ඇත. සෞඛ්‍ය වියදම් වලින් වැඩි මුදලක්‌ ඊට වෙන් කිරීමට සිදුව ඇත. එවගේම වයස්‌ගත පුද්ගල සංඛ්‍යාව වැඩිවෙත්ම ඒ සඳහා වන වියදම් වෙනුවෙන් ද වැඩි මුදලක්‌ වෙන් කිරීමට සිදුවේ. තවද සෞඛ්‍ය ආරක්‍ෂණ ආවරණය සඳහා යන වියදම් වැඩි කරමින්, ඒ සඳහා රජයට වැය වන මුදල් ප්‍රමාණයෙහි බර සැහැල්ලු කළ යුතුව ඇත.

වයස්‌ගත වූවන්ගේ සංක්‍රාන්තිය හේතුවෙන් රජයෙහි ශ්‍රම බළකායටද බලපෑමක්‌ සිදුවනු ඇත. 1971-2012 අතර කාලය තුළ ලංකාවේ ශ්‍රම බළකාය මිලියන 4.5 සිට 8.5 දක්‌වා වර්ධනය වී ඇති අතර 2021 වන විට මිලියන 9.3 දක්‌වා එය වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. 2030 න් පසුව ශ්‍රම බළකායද වයස්‌ගත වීමේ හේතුවෙන් හීන වීමට පටන්ගනු ඇත. ශ්‍රම බළකාය හීන වීමත් වයස්‌ගත ජනගහනය නඩත්තු කිරීමේ හේතුවත් කරණකොට දළ ජාතික නිෂ්පාදනයට ඇතිවන්නේ සෘණාත්මක බලපෑමකි. (භැට්‌එසඩැ ෂපච්ජඑ) රටක ශ්‍රම බළකායට සාපේක්‍ෂව, වයස්‌ගත ජනගහනයක්‌ නඩත්තු කිරීමට සිදුවීම තුළ ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදනයට බලපෑමක්‌ සිදුවෙමින් අඩු ඵලදායිතා වර්ධනයක්‌ සිදුවනු ඇත. ශ්‍රම බළකායෙහි අඩුවීමක්‌ පෙන්නුම් කරන රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවට සිදුවන්නේ ශ්‍රම සහභාගිත්වය වර්ධනය කිරීමේ නැගෙනහිර ආසියානු රටවල උපායශීලී ක්‍රමෝපාක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීමයි. විශ්‍රාමගත වීමේ වයස්‌ සීමාව වැඩි කිරීමෙන්ද මානව සම්පත් සංවර්ධනය කිරීමට හේතු පාදක වන්නාවූ ව්‍යහාත්මක සංශෝධන හඳුන්වා දෙමින් ද ශ්‍රම බළකාය හීන වීම හා වයස්‌ගත පුද්ගලයන් නඩත්තු කිරීම නිසා මුහුණ දෙන අභියෝග විස¹ ගැනීම සඳහා උපාශීලී මං කෙරෙහි යොමු වීමට විමසිලිමත් විය යුතුවේ.

2014 නොවැම්බර් 21 වැනි දින 'The Island' පුවත්පතේ 'Financial Review' තීරයේ පළවූ 'Demographic challenges of an Ageing Asia' ලිපියෙහි සිංහල පරිවර්තනය මේ. උපුටා ගැනීම - "Sri Lankan: state of the Economy 2014 report"

සැකසුම : ඩබ්. පී. එන්. දයාරත්න
http://www.divaina.com/2014/12/02/feature02.html

Pic Source

0 comments: