Pages

Monday, December 1, 2014

දගැබේ ගඩොලිනුත් ගසාකන පුරාවිද්‍යා උරුම හොරුන්ගේ හිඟන හොරකම්

අප ජීවත් වන්නේ රත්තරං ක`දුත් පිල්ලි යන කාලයකය. එහෙව් කාලයක ගඩොල් හොරකමක්‌ ගැන කීවොත් ඒ අහවල් හොරකමක්‌දැයි සිහිබුද්ධියක්‌ සහිත මිනිසුන් ඒ කතාව කියන කෙනාගෙන් අසන්නේය. දාගැබ් ගිලින උන් දකිමින් සිටින මිනිසුන්ට අග්ගලාවක්‌ කටේ ලා ගන්නට තතනන රස්‌තියාදුකාරයන් ගැන අරුම හැ`ගීම් පහළ වන්නේ නැති නිසාය.

එහෙත් මේ රටේ ජාතික උරුමයන් රක්‌ෂා කිරීම බඩ රස්‌සාව කරගත් එම අමාත්‍යාංශයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් විලිලඡ්ජා නැති නිලධාරීන් කිහිපදෙනෙකු යුග ගණනක්‌ තිස්‌සේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් බුදුන් වන්දනා කළ සැදැහැතියන්ගේ ශ්‍රද්ධාර්ද්‍ර සාධුකාරයෙනුත් කොමිස්‌ ගහන්ට හදන්නේය. බුදු හාමුදුරුවන්ටත් ලන්සු තබමින් සිටින්නේය. එවිට එතැන උළු ගඩොල් ව්‍යාපාරයකට වඩා ඈතින් ඇති ජුගුප්සාජනක ජාවාරමක නිරුවත පෙනෙන්නේය. මේ ඒ දුක හිතෙන කතාවය.

දාගැබ සංරක්‌ෂණයට ගඩොල් සැපයීම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දීඝවාපිය යුදඟනාව හා නීලගිරිය දාගැබ සංරක්‌ෂණය කිරීම ස`දහා ව්‍යාපෘතියක්‌ දියත් කර ඇත්තේය. ඒ සංරක්‌ෂණ ව්‍යාපෘතිය ස`දහා වර්ෂ 2014 වෙනුවෙන් සම්මත ප්‍රමාණයේ ඉංජීනේරු ගඩොල් අවශ්‍ය වී තිබිණි. ගඩොල් ලබා ගැනීම ස`දහා ටෙන්ඩර් දැන්වීමක්‌ පළ කර මිල ගණන් කැ`දවා සැපයුම්කරුවෙක්‌ තෝරා ගතයුතු වූයේය.

මේ අතර මහනුවර ප්‍රදේශයේ එක්‌තරා ව්‍යාපාරිකයෙක්‌ ආරංචියට වාගේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේය. එන ගමන් හෙතෙම ගඩොල් සාම්පල කීපයක්‌ද ගෙනෙන්නේය. ඔහු මුණගැසෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා සහ ගණකාධිකාරිවරයාය. ඔවුන් හමුවී තමන්ට ගඩොල් සැපයීමට ඇති හැකියාව පිළිබ`ද සාකච්ඡා කළ බව වාර්තා වන්නේය. ප්‍රකාශ වන පරදි ඔහු ස`දහිරු සෑයට ගඩොල් සපයන සැපයුම්කරුවාය. ඒ හින්දා ඔහුට ගඩොල් ඕනෑ ප්‍රමාණයක්‌ සැපයිය හැක්‌කේය. සැපයුම්කරු ගැන ඔහු විසින් කියන මේ හ`දුන්වාදීමෙන් පමණක්‌ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සෑහීමකට පත් වී ඇති අයුරු පෙනුණේය. ඒ අනුව රුපියල් 14 බැගින් ගඩොල් දෙලක්‌ෂ දහඅට දහසක්‌ සැපයීමට ඔහු පළ කළ එක`ගත්වය පමණක්‌ පදනම් කරගනිමින් එම සැපයුම් ඉල්ලීම දෙපාර්තමේන්තු ටෙන්ඩර් මණ්‌ඩලයට යොමු වූයේය.

සම්මත පටිපාටිය අනුව රාජ්‍ය ආයතනයකට යම් සැපයුම් ද්‍රව්‍යයක්‌ ඇණවුම් කිරීමේදී හා මිල ගණන් තීරණය කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක්‌ තිබේ. මුලින්ම එම සැපයුම් ද්‍රව්‍ය ස`දහා ප්‍රසිද්ධ මිල ගණන් කැ`දවීමක්‌ කළ යුතුව ඇත. සැපයුම් ද්‍රව්‍යයේ ප්‍රමිතිය තීන්දු කිරීම ස`දහා තාක්‌ෂණික ඇගයුම් කමිටුවකට ඉදිරිපත් කර නිර්දේශ ලබා ගත යුතුව ඇත. මේ දෙකම පදනම්ව සාධාරණ මිල ඉදිරිපත් කළ සැපයුම්කරුට ටෙන්ඩරය ලබා දිය යුතුව ඇත. සංරක්‌ෂණය කරන්නේ මේ රටේ අධ්‍යාත්මය බ`දු උත්තම උරුම සම්පත් තුනකි. ඓතිහාසික වාස්‌තු කලා සම්ප්‍රදායේ විශිෂ්ට ප්‍රකාශනයකි. ඒ සියල්ලටම වඩා මේ රටේ මිනිසුන් තවමත් බුදුන් සේ සලකා වන්දනා කරන ශුද්ධ වස්‌තූන් තුනකි. තර්කයක්‌ ලෙස සැලකුවද ගෙයක වැසිකිළියක්‌ හදනවාට වඩාවත් සැලකිල්ලක්‌ මෙවැනි ශාස්‌ත්‍රීය සංරක්‌ෂණ කටයුත්තකට ද්‍රව්‍ය සපයා ගැනීමෙදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවධානය යොමුවිය යුතුව තිබිණි. 

එහෙත් මේ ගඩොල් සපයා ගැනීම් ස`දහා වන මූලික ප්‍රවේශයේදී සැලකිය යුතු අවම ටෙන්ඩර් සම්ප්‍රදායවත් සලකා බැලීමට තරම් සදාචාරයක්‌ පුරාවිද්‍යා නිලධාරීන් සතුව නොතිබිණි. සැපයුම්කරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණෙන්නේය. ඔහු විසින්ම ඉදිරිපත් වී ගඩොල් සැපයුම ස`දහා ඉල්ලීමක්‌ කරන්නේය. ඔහු විසින්ම සාම්පල් ඉදිරිපත් කරන්නේය. එම ඉල්ලීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් මණ්‌ඩලයට ඉදිරිපත් වන්නේය. ඉල්ලීම ස`දහා මණ්‌ඩලයේ අනුමැතිය ලැබෙන්නේය. අනතුරුව මේ මිලදී ගැනීම ස`දහා අදාළ ඇස්‌තමේන්තු අනුමත කරගැනීමටවත් නොසිට, ගඩොලක්‌ රුපියල් 14 බැගින් ගඩොල් දෙලක්‌ෂ දහ අට දහසක්‌ සපයා ගැනීමට 2014.02.26 දින සැපයුම්කරු වෙත ඇණවුමක්‌ යෑවෙන්නේය. වාර්තා වන ආකාරයට මේ ගඩොල් ප්‍රමාණය ස`දහා මුදල් වෙන්කරමින් ඇස්‌තමේන්තු අනුමත වන්නේ ඊට මාස හතරකට පසු, එනම් 2014.06.27 ය. 

ඇණවුමේ දී ගඩොලේ ප්‍රමාණය හැර කිසිම ප්‍රමිතියක්‌ පිළිබ`ද ස`දහන් නොවුණි. ඇණවුම ස`දහා ගිවිසුමක්‌ හෝ වෙනත් එක`ගතා ලියෑවිල්ලක්‌ අත්සන් කර නොතිබිණි. ඒ ඇණවුමට අනුව සැපයුම්කරු සපයනු ලබනා ගඩොල් සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් භාරගත යුතු වූයේය.

සැපයුම්කරුගේ නැවත පැමිණීම

දෙමසක්‌ ගත විය. 2014 අප්‍රේල් මස අවසන් වනතුරුත් සැපයුම්කරු ඇණවුම් ප්‍රකාරව එකදු ගඩොලක්‌වත් සපයා නොතිබිණි. මේ අතර ස`දහිරු සෑයට ගඩොල් සපයන බව කියා, හමුවකින් පසු සැපයුම් අනුමත කරගත් මේ ශක්‍යතා පූර්ණ සැපයුම්කරුවා පිළිබ`දව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම නිලධාරීන් පිරිසක්‌ විසින් සොයා බැලිනි. වැඩබිම් භාර ප්‍රධාන නිලධාරීන් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ මේ තැනැත්තා තම විශ්වාසය පළුදු කිරීම නිසා අසාධුලේඛනගත කිරීමට සූදානම් වී සිටිනා තැනැත්තෙක්‌ බවය.

ගඩොල් සපයා ගැනීම ස`දහා සැපයුම්කරුවෙක්‌ සෙවීමට යළිත් දෙපාර්තමේන්තුවට සිදු විය. ඒ අනුව 2014.04.04 දින දිනමිණ පුවත්පතේ ප්‍රසිද්ධ දැන්වීමක්‌ පළ කර දාගැබ් තුන ස`දහා ගඩොල් සැපයීමට නැවත මිල ගණන් කැ`දවනු ලැබිණි. මිල ගණන් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය වූයේ 2014.04.30 ය. එදින සවස 3 ට පෙරය. සැපයුම්කරුවෝ කීපදෙනෙක්‌ මිල ගණන් ඉදිරිපත් කරනු ලැබූහ. අවසන් දිනයේ මිල ගණන් ඉදිරිපත් කළ සැපයුම් කරුවන් කීපදෙනෙකුගේ අයදුම්පත් ප්‍රතික්‌ෂේප විය. එම මිල ගණන් විවෘත කර බැලීමටවත් ටෙන්ඩර් මණ්‌ඩලය කටයුතු කර තිබුණේ නැත.

ඉදිරිපත් කර තිබූ මිල ගණන් අතුරින් අඩුම මිල ඇති සැපයුම් කරුවා ලෙස රුපියල් 16.50 බැගින් ගඩොලක්‌ සැපයීමට ඉදිරිපත් වු පුද්ගලයෙක්‌ ටෙන්ඩර් මණ්‌ඩලය විසින් තෝරාගෙන තිබුණේය. ඔහුට ටෙන්ඩරය ප්‍රදානය කිරීමට ද තීරණය විය. අරුමය වූයේ මෙවර දෙපාර්තමේන්තුව රුපියල් 16.50 බැගින් ගඩොල් සැපයීම ස`දහා කොන්ත්‍රාත්තුව ලබා දී තිබුණේ දෙපාර්තමේන්තුවට රුපියල් 14 බැගින් එම ගඩොලම සැපයීමට ඊට දෙමසකට පෙර එක`ගව, ටෙන්ඩර් නියමයන්ටත් පිටින් ගොස්‌ ඇණවුම ලබාගත් පසු සැපයුම කිරීම පැහැරහළ සැපයුම්කරුවාටම වීමය. 

ඇණවුම් ලබාදීම

දීඝවාපි දාගැබ සංරක්‌ෂණය ස`දහා ගඩොල් තුන්ලක්‌ෂ හැත්තෑහත් දහසක හා නීලගිරිය සංරක්‌ෂණය කිරීම වෙනුවෙන් ගඩොල් දෙලක්‌ෂ අනූ දහසක හෙවත් ගඩොල් හය ලක්‌ෂ හැට හත් දහසක ඇණවුමක්‌ දැන් සැපයුම් කරු වෙත ලැබී තිබිණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විෂයෙහි මේ සැපයුම බෙහෙවින්ම විශාල එකකි. ජාතික උරුමයක ශාස්‌ත්‍රීය සංරක්‌ෂණයක්‌ ස`දහා මෙවැනි සැපයුමක්‌ කරන විට සැපයුම් ද්‍රව්‍යයන් පිළිබ`ද තාක්‌ෂණික ඇගයුමක්‌ අත්‍යවශ්‍ය වූයේය. එහෙත් අවම මට්‌ටමකින් හෝ තාක්‌ෂණික ඇගයුමක්‌ සිදු වී නොතිබිණි. 

මෙම සැපයුම් අනුමැතිය ලබා දුන්නේ මීට නුදුරුම අවස්‌ථාවේ තම විශ්වාසය කඩකළ පුද්ගලයා වෙතය. ඔහු විසින් රුපියල් 14 බැගින් ගඩොල් ලබා දීමට දෙපාර්තමේන්තුව හා ඇතිකරගත් එක`ගතාව බි`දදැමුවේ කුමක්‌ නිසාදැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැපයුම්-කරුගෙන් විමසුවේ නැත. ඔහු විසින් කලින් අනුමත කරවා ගත් රුපියල් 14 ට ගඩොල් සැපයීමේ ඇණවුම අවලංගු වූයේත් නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ගඩොල් සැපයුම්කරුවාට රුපියල් 16.50 බැගින් ගඩොල් හයලක්‌ෂ හැට හත්දහසක ඇණවුමක්‌ ලබා දුන්නේය.

ඇණවුම් කරන්නටත් කලින් සැපයුම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගඩොල් ඇණවුම සැපයුම්කරුට යවනු ලබන්නේ 2014.07.08 වන දිනය. ඇණවුම අනුව මෙම සැපයුම ස`දහා කොන්දේසි සහිත ගිවිසුමක්‌ ඇත්තේය. අරුමය වන්නේ තමන්ට ඇණවුම ලැබෙන්නටත් කලින්, ඇණවුමේ ස`දහන් ගිවිසුම දකින්නටත් කලින් එනම් 2014.07.01 දා යුදඟනාව දාගැබට ගඩොල් පනස්‌ දහසක පමණ ප්‍රමාණයක්‌ සැපයුම් කරුවා විසින් සපයා තිබීමය. කාලකණ්‌ණිකම වන්නේ මිල ගණන් කැ`දවීමේදී ප්‍රමිතිය පිළිබ`දව ස`දහන් එකම පිරිවිතරය වන ගඩොලේ දිග පළලවත් එම ගඩොල්වල දක්‌නට නොලැබීමය. එසේ වුවත් ගඩොල් වල සම්මත ප්‍රමාණය, සවි ශක්‌තිය හෝ වෙනත් ප්‍රමිතීන් පිළිබ`ද කිසිදු තාක්‌ෂණික වාර්තාවක්‌ නොගෙන, එම පිරිවිතරයන් ලේඛනගත නොකර මුළු ගඩොල් ප්‍රමාණයටම ගෙවීම් කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කටයුතු කර තිබුණේය.

මේ අතර 2014.06.10 දා ජාතික උරුමයන් පිළිබ`ද අමාත්‍ය ජගත් බාලසූරිය විසින් මේ ටෙන්ඩරයේ අතිශය වැරදි සහගත ක්‍රියාමාර්ගයන් කීපයක්‌ පිළිබ`දව පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක විමසුවේය. එහිදී මෙම සැපයුම්කරු 14.50 ට ලබා දීමට එක`ග වූ ගඩොල රුපියල් 16.50 ක මිලකට ඉදිරිපත් කළ විට ඒ ස`දහා ටෙන්ඩරය ප්‍රදානය කිරීම සිදුවන්නේ කෙසේද?, සැපයුම්කරු සිය අතින් ගෙනැවිත් දුන් මිල ගණන් මොනවාද?, ඒවා ලැබුණු දිනයන් කවරේද?, විවෘත නොකළ ටෙන්ඩර් පත්‍ර වලට සිදුවූයේ කුමක්‌ද? යන්න පිළිබ`දව වාර්තාවක්‌ ඇමැතිවරයා විසින් ඉල්ලා තිබුණේය. හිරිකිත හිතෙන්නේ ඒ සියලු විමසීම් අතර මේ අසංවර ගනුදෙනුqව සිදුවෙමින් අති ආකාරය දකින විටය. සංරක්‌ෂණ කටයුතු සිදුවන ඓතිහාසික දාගැබ් ඇති ප්‍රදේශ වලින් රුපියල් 10 හෝ 12 අතර මිලකට ප්‍රමිතිගත ගඩොලක්‌ සපයා ගත හැකිව තිබෙද්දී, වසර ගණනක්‌ තිස්‌සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ගඩොල් සැපයූ සැපයුම්කරුවන් මඟහරවා මේ කොන්ත්‍රාත්කරුවාට රුපියල් 16.50 මිලකට අවම පිරිවිතරයන් කිසිවක්‌a නොසපිරූ ගඩොල් ස`දහා ගෙවීම් කරනු දකින විටය.

ගඩොල් දියවීම

තිබිය යුතු කිසිදු ප්‍රමිතියක්‌ නොසලකා කොන්ත්‍රාත්කරුගෙන් ලබාගත් ගඩොල් වලට අදාළ සියලු ගෙවීම් කටයුතු කර හමාර කර තිබිණි. වව්චර ලියෑවෙන්නටත් කලින් චෙක්‌පත් ලක ලෑස්‌ති කර එම චෙක්‌පත් කොන්ත්‍රාත්කරුවාගේ නිවසටම ගොස්‌ භාරදෙන "ඩිලිවරි සේවාවක්‌" සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඇසෙන්නේ ඒ අතරය.

වැසි පටන් ගත්තේය. දැන් මේ මහා ගඩොල් කන්ද දියවෙමින් පවතින්නේය. පාලනය කරගත නොහැකි මේ ගඩොල් දියවීම වැළැක්‌වීම ස`දහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොලිතින් මිලදී ගෙන ඇත්තේය. ඒ දෙපාර්තමේන්තුවේ මුදලින්ය. 

රාජ්‍ය මුදල් අවභාවිත වන ප්‍රමාණ දකින විට මේ ගනුදෙනුq අපේ රටට දැනෙන්නේ නැති බව සැබෑය. අප කම්පනයට පත් කරන්නේ මේ විලිලඡ්ජා නැති ගනුදෙනු නොවේ. මේ රටේ ජාතික උරුමය අපේ ඇස්‌ පනාපිටම අවතක්‌සේරු කර ඇති ප්‍රමාණය පිළිබ`දවය. සිංහලයේ වාස්‌තු සම්ප්‍රදායත්, ශිල්ප කලා සම්ප්‍රදායත් සහිත මහා සංස්‌කෘතිය බිහි වන්නේ බොදු පුදබිම් ඇසුරෙහිය. වසර දෙදහස්‌ පන්සියයක්‌ පැරණි රටේ ඉතිහාසය තුළ මහා සංඝයා විෂයෙහි කළ විහාර ආරාමයන්හි අරුමය විනා ජන ජීවිතය පිළිබිඹු වන ඓතිහාසික වාස්‌තු උරුමයක්‌ හමුවන්නේ නැත. දීඝවාපිය, යුදඟනාව, නීලගිරි වැනි දාගැබ් පුරාවිද්‍යා නිලධාරීන්ගේ බඩගෝස්‌තරය රැක ගැනීම ස`දහාවත් අද ඉතිරිව ඇත්තේ අතීත ශිල්පීන් ජීවමාන බුදුන් සේ සලකා ඒ උත්තුංග නිර්මාණ බිහි කළ නිසාය. ගමක දුගියෙක්‌ සිය වැසිකිළියවත් හදන්නට භාවිත නොකරනා ද්‍රව්‍ය යොදාගෙන පුරාවිද්‍යාඥයන් විසින් රකින්නට හදන්නේ ඒ උරුමයය. 

මේ අප ජීවත් වෙමින් ඉන්නා කාලයේ වරදය. ඩඩ්ලි සිරිසේන පරාක්‍රම සමුද්‍රයේ වෑකන්ද හාරා හෝටලයක්‌ හදා ඇති බව අවුරුදු ගණනක්‌ තිස්‌සේ මේ රටේ ජනමාධ්‍ය රටට කීවේය. එකෙක්‌ ඇහැක්‌ ඇර බැලුවේ නැත. පොලිසියත් කීවේ කරන්නට දෙයක්‌ නැති බවය. එහෙත් මේ වනවිට රටේ සිදුව ඇති බරපතලම උරුම සංහාරය ඩඩ්ලිගේ හෝටලය. ඩඩ්ලි සිරිසේන හෙට ඇපත් නැතිව හිරේ යන්නට ඉඩ ඇත්තේය. පරාක්‍රම සමුද්‍රයේ දීප උයන නමැති ඓතිහාසික පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක සාධක වනසා නිර්මාණය කරන්නට සැලසුම් කළ ඉදිකිරීමට රටේ උරුමයට ආදරය කරනා මිනිස්‌සු එක හෙළා විරුද්ධ වූහ. එහෙත් සැලසුම් ක්‍රියාත්මක විය. ඒ සැලසුම මේ වනවිට නැවතී ඇත්තේ වහාම සිදු කරන පුරාවස්‌තු හානි ඇගැයුම් පරීක්‌ෂණයකට යටත්වය. මේ නල්ලමලේ පුරාවිද්‍යාව හරහා රටේ උරුම සංහාරය තීරණය කෙරෙන්නේත් දේශපාලන කියෑවීම් මතය. මෙවන් කාලයක දාගැබක්‌ සංරක්‌ෂණය කරන්නට ගෙනා ගඩොලකින් කොමිස්‌ ගහනා ගි`ගන්නන් ගැන උපන් දුකක්‌ මිස වෙනත් හැ`ගීමක්‌ අප තුළ උපදින්නේ නැත. මේ කතාව දුකට කියන කතාවක්‌ වග අප මුලින්ම කියා තැබුවේ ඒ නිසාය.

ජානක ලියනආරච්චි
http://www.divaina.com/2014/11/30/feature20.html

0 comments: