Pages

Thursday, December 25, 2014

මෛත්‍රීගේ රැස්වීමේ වේදිකාව ගිනිතැබූ චූදිතයන් බලෙන් මුදවාගත් මුතුහෙට්‌ටිගම සහ රියැදුරු වහාම අත්අඩංගුවට ගන්න - බද්දේගම මහෙස්‌ත්‍රාත්

වඳුරඹ පොලිස්‌ අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනකු පැහැරගෙන යැම සම්බන්ධයෙන් සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම හා ඔහුගේ රියැදුරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස බද්දේගම මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (24 දා) වරෙන්තු නියෝගයක්‌ නිකුත් කළේය. සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වඳුරඹ පොලිසිය මගින් වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය. 

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සිද්ධියට අදාළව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආරක්‍ෂක පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ඉසුරු රුවන්සිරි, මනෝ- ප්‍රියන්ත හා ඉෂාර චතුරංග නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

වැඩිදුර වාර්තා ගොනු කරමින් කරුණු දැක්‌වූ පොලිසිය, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය උදෙසා වඳුරඹ නගරයේ සංවිධානය කර තිබූ ජන රැලියේ වේදිකාවට හා වාහනවලට ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පොලිස්‌ ස්‌ථානයේ රඳවා සිටියදී සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා තවත් පිරිසක්‌ සමග පැමිණ එම සැකකරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බවත් සිද්ධියට අදාළව සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් ඉදිරියේදී සැකකාර නියෝජ්‍ය ඇමැතිවරයා හා ඔහුගේ රියෑදුරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම හා ඔහුගේ රියෑදුරු වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නියෝග නිකුත් කරමින් අනෙක්‌ සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හරිමින් පැමිණිල්ල ලබන 29 දා යළි කැඳවන ලෙසත් නිsයෝග කළේය.

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද 
http://www.divaina.com/2014/12/25/news01.html

Pic Source

සබැඳි ලිපි -
[

වීදියේ විරෝධයට පහර දුන් තවත් සිව් දෙනෙක්‌ දැලේ. නගරාධිපති මේ වනවිටත් රක්‍ෂිත බන්ධනාගාරයේ!http://denethharinna.blogspot.com/2014/12/blog-post_20.htmlකොලොන්නාවේ මෛත්‍රීගේ පෝස්‌ටර් අලවමින් සිටි පිරිසට පාතාල ප්‍රහාරයක්‌http://denethharinna.blogspot.com/2014/12/blog-post_80.htmlමෛත්‍රීගේ රැස්‌වීමට කොලොන්නාවේ පිටිය සරසද්දී පාතාලයෙන් පැන වෙඩි තබතිhttp://denethharinna.blogspot.com/2014/12/blog-post_25.html
]

0 comments: