මෙම ලිපියට පෙරවදන වන්නේ අපේ ගරු සෞඛ්‍ය ඇමැතිතුමා පසුගියදා සිදුකළ ඇඟ කිලිපොලා යන ප්‍රකාශයකි. එමගින් එතුමා අවධාරණය කර තිබුණේ තම අමාත්‍යාංශය ආශ්‍රිතව සිදු කරන මහා පරිමාණ ඖෂධ මාෆියාවේ සැබෑ තොරතුරු ළඟදීම හෙළිකරන බවත්, එයින් අනතුරුව තමාට තම ජීවිතය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවත්ය. එනම් එතුමා මරා දැමීමට තරම් බලවත් ඖෂධ වෙළෙඳපොළ පාතාලයක් ක්‍රියාත්මක වන බවත්ය. පසුගිය තිස් වසරකට ආසන්න කාලයක් මෙරට බලයට පත් බොහෝ රජයන්හි සෞඛ්‍ය අමාත්‍යවරුන් ලබාදුන් එක් පොරොන්දුවක් වූයේ රටට ගැලපෙන ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත්ය. තිස් වසරක කුරිරු යුද්ධය නිමා වුවද තවම ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය හමස් පෙට්‌ටියේ වත් නැත. වර්තමාන සෞඛ්‍ය ඇමැතිතුමා ම පවසන පරිදි එතුමා විසින් සකස් කළ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අඩංගු ලිපි ලේඛන ලිපිකරුවන් විසින් නැතිකර දමා ඇත.
මේවා සියල්ල ඉතා සරල ප්‍රකාශ නොවෙයි. අපගේ රාජකාරි ලිපියක් වුවද නැති වුවහොත් අදාළ ලිපිකරුවා ඒ ගැන වගකිව යුතුය. එසේ නම් ඇමැතිතුමාගේ රාජකාරි ලිපිය නැතිවීම ලඝූ කොට තැකිය හැකිද? පසුගිය කාලයේ විටින් විට පුවත්පත්වලින් හෙළි වූයේ මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන ගණනක් වන ඖෂධ භාවිතයට නුසුදුසු බවත් ඒවා බොහොමයක් රෝගීන්ට ලබා දී ඇති බවත්ය. තවත් බිලියන ගණනක් වටිනා ඖෂධ තොග විනාශ කරන බවත්ය. මේවා ඉතා සරල ප්‍රකාශ ලෙස පුවත්පත්වල පළවුවද අවාසනාවට ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන ඊනියා වෘත්තීය සමිති හෝ දේශපාලකයන් හෝ බලධාරීන් හෝ මුනිවත රැකීම ගැටලුවකි. රජයේ රෝහලකදී සෞඛ්‍ය සේවකයකු අතින් වන සුළු හෝ වරදකට පැය ගණනක් ඇතුළත විනය පරීක්‍ෂණ පවත්වා වැඩ තහනම් කරන රටක මේවා ගැන බලධාරීන් නිහඬව සිටීමෙන් පෙනී යන්නේ කාගෙ කාගේත් කිල්ලෝටවලත් හුණු ඩිංග ඩිංග ඇති බව නොවේදැයි බොහෝ දෙනා විමසති.
වැරැදිකරුවන් සුවසේ ඉහළ තනතුරුවලට පත්වෙත්දී වැරැදිකරුවන්ගේ නිරුවත හෙළි කරන බොහෝ නිලධාරීන් සහ සමාජ සංවිධානවලට දිගින් දිගටම අසත්‍ය ප්‍රචාර, අන්තර්ජාලය හෝ ස්‌වකීය වෘත්තීය සගයන් අතරින් එල්ල වන තර්ජන මෙන්ම ඇතැම් විට විවිධ වෙස් ගෙන පැමිණෙන ජීවිත තර්ජන මෙන්ම කීර්තිනාමය විනාශ කිරීමේ උපායන් ගැන බොහෝ විට අසන්නට ලැබෙන අතර මෙම ලිපිය ලියන ලේඛකයාටද මෙම අත්දැකීම් නොඅඩුව ලද බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. මා තවමත් ජීවත් වීම ගැන විටෙක මම පුදුම වෙමි.
අප අවධාරණය කරනුයේ රජය මගින් පමණක් ඖෂධ ගෙන්විය යුතු බව නොවෙයි. බටහිර ඖෂධ සමාගම් හරහා ගෙන්වන ඖෂධවලද මිල පාලනයට නතු විය යුතු බවකි. මක්‌නිසාද යත් අනෙක් බහුජාතික නිෂ්පාදන මෙන් නොව ඖෂධ යනු අපගේ යහ පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය වන සාධකයක් විමයි. මිල වැඩි ආහාරයක් හෝ මෝටර් රථයක් හෝ අපට ප්‍රතික්‌ෂේප කළ හැකිය. එහෙත් අපට අත්‍යවශ්‍ය ඖෂධයක් එසේ ප්‍රතික්‌ෂේප කළ යුත්තේ මරුට අත වනමිනි. ඖෂධ මිලදී ගැනීමට මුදල් නොමැතිව දිනපතා විශාල ප්‍රමාණයක් මියයන බව මෙරට පාලකයන් දන්නේ දැයි සැකයක් ඇත.
පෙරවදන අවසන්.
මේ වන විට ලොව පුරා පවතින්නේ වෙළෙඳපොළ ආර්ථිකයකි. සෑම ක්‌ෂේත්‍රයක්‌ම වෙළෙඳපොළ ආර්ථික ප්‍රවාහය මගින් තීරණය වෙයි. මේ අතර වඩාත් විවාදයන්ට තුඩු දෙන ක්‌ෂේත්‍රයක් වී ඇත්තේ වෛද්‍ය වෘත්තිය සහ ඖෂධ වෙළෙ¹ම අතර පවතින සබඳතාවයන්ය. වෛද්‍ය වෘත්තිය සහ මෙම ඖෂධ වෙළෙ¹ම අතර සෘජු බැඳීමක් ඇතිවී තිබෙන්නේ ඖෂධ අලෙවි වේගය සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ පාරිභෝගිකයා වන රෝගියා මත නොව රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයා මගින් වීමයි.
ලොව පුරා සියලුම අවස්‌ථාවලදී වෙළෙඳ භාණ්‌ඩයේ ඉලක්‌කය පාරිභෝගිකයන්ය. ගුවන්විදුලිය, රූපවාහිනිය, මුද්‍රිත මාධ්‍යයන් මගින් තමන්ගේ වෙළෙඳ භාණ්‌ඩය වැඩි වැඩියෙන් මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටියි. මෙහිදී අතරමැදියෙක් නොමැත. නමුත් ඖෂධ වෙළෙ¹මේදී තමන්ගේ ඖෂධ මිලදී ගන්නා ලෙස රෝගීන්ට බල කිරිමට හෝ වෙළෙඳ ප්‍රචාරණය දියත් කිරීමට ඖෂධ සමාගම්වලට නොහැකිය. සියල්ල රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයා තීරණය කරන බැවිනි. මේ නිසා ඖෂධ වෙළෙඳපොළ තුළ තීරණාත්මක බලයක් වෛද්‍යවරයාට හිමි වී පවතින අතර වෛද්‍ය වෘත්තිය වෙළඳපොළ තුළ විකිණෙන තත්ත්වයක් නිර්මාණය වී පවතින්නේද මේ නිසාය.
පාරිභෝගික රෝගී ජනතාව හැකි සෑම විටම විශ්වාසය තබන්නේ තමාට වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන වෛද්‍යවරයා කෙරෙහිය. ඒ පිටුපස පවතින යථාර්ථය පෙනෙන දෙයට වඩා බොහෝ සෙයින් වෙනස්‌ය. ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් දත්ත පෙන්වා දෙන පරිදි ඖෂධ සමාගම් අනෙක් සියලුම වෙළෙඳ ප්‍රජාවට වඩා තම ප්‍රචාරණය සඳහා මුදල් වියදම් කරයි. කෙසේ වුවත් මෙම වෙළෙඳ ප්‍රචාරණයේ විශේෂත්වය සෘජු පාරිභෝගික රෝගී ජනතාව (Direct toconsumer advertising) හෙවත් DTCA වෙනුවට අතරමැදි වෛද්‍යවරුන් ඉලක්‌ක කර ගැනීමයි. මෙයට අමතරව ඖෂධ සම්බන්ධව වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් පැතිරීමද බොහෝ රටවල නීතියෙන් තහනම්ය. මේ නිසා DDoctor directed promotion හෙවත් වෛද්‍යවරුන් මෙහි ප්‍රධාන ඉලක්‌කයයි.
ලොව පුරා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල ඖෂධ වෙළෙ¹ම පාලනය සඳහා රාජ්‍ය අංශයේ නිසි පරිදි දායකත්වයක් නොලැබෙන බව වාර්තා වෙයි. මෙය කනගාටුදායක තත්ත්වයකි. නිසි පරිදි ඖෂධ පාලනය පවත්වාගෙන යැම සඳහා ඉන්දියාව තුළද ආහාර ඖෂධ පාලකයන් සිටින්නේ 700-3000 අතර අගයක් වුවද නිසි පාලනයකට මේ තත්ත්වය හත් ගුණයකින් පමණ වැඩිවිය යුතුය.
ඖෂධ සබුද්ධික භාවිතාව සම්බන්ධව උපදෙස් ලබාදෙන ආයතන සඳහන් කරන්නේ බොහෝ රජයන් පාරිභෝගිකයන් ආරක්‌ෂා කර ගැනීම සඳහා දරන ආයාසයන් ඉතා මද බවය. තහනම් කරන ලද භාවිතයට නුසුදුසු, වෙළෙඳපොළේ ඉවත් කරන ලද ඖෂධ ආදිය මෙහි ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන්ට පහසුවෙන් ළඟා වෙයි. අත්තනෝමතික ඖෂධ පරිහරණය පාලනය සඳහා වෛද්‍යවරුන් මෙන්ම රෝගීන්ද සහභාගි වන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුව ඇත. කෙසේ වුවත් මෙම කාර්යය සඳහා ශ්‍රම දායකත්වය දැක්‌විය හැකි පිරිස අඩුවීම ගැටලුවකි. සෑම විටම ජාත්‍යන්තර වශයෙන් සිදු වන්නේ කුමක්‌දැයි දැඩි අවධානයකින් පසුවිය යුතුය. එසේ නොවුවහොත් ඇතැම් රටවල තහනම් කරන ලද ඖෂධ අප විසින් කාලයක් මුළුල්ලේ භාවිතා කරමින් සිටින අවස්‌ථා බොහෝය.
ඇතැම් රටවල ඖෂධ පාලන අධිකාරි පවතින නමුත් ඒවා මගින් විවිධ ඖෂධ ආයතනවලට ස්‌වයං පාලනයට ඉඩ සලසා ඇතත් එය රෝගීන්ගේ ආරක්‌ෂාව සඳහා ඉවහල් වන උපායක් නොවෙයි. බොහෝ රටවල මේ සඳහා පවතින නීතිමය රාමුද ප්‍රමාණවත් නොමැත. ඇතැම් රටවල ඖෂධ ප්‍රචාරණයේ දී එහි වාසි පමණක් ඉස්‌මතු කරන අතර අතුරු ආබාධ සංකූලතා, ඖෂධ ප්‍රතික්‍රියා ආදිය ගැන කිසිදු දැනුවත් කිරීමක් සිදු නොවීම කනගාටුදායක කරුණකි.
විවිධ පර්යේෂණ මගින් අනාවරණය වී පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල පරිහරණය වන ඖෂධ තුණ්‌ඩුවලින් 50% කට ආසන්න ප්‍රමාණයක් අනවශ්‍ය ඖෂධ නිකුත් කිරීම බවයි.
දැනට ලොව නව තාක්‍ෂණික හා වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් සම්බන්ධව නවතම දැනුම වෛද්‍ය වෘත්තීය රෝගීන් වෙනුවෙන් භාවිතා කරන වෛද්‍යවරුන්ට සම්ප්‍රේෂණය වන්නේ ඉතා මඳ වශයෙනි. මේ නිසා තමාට ස්‌වාධීන ලෙස තොරතුරු ලබා ගැනීම අපහසුවන අවස්‌ථාවලදී ඒ සඳහා බොහෝවිට වෛද්‍යවරුන්ට පිහිටට සිටින්නේ වෙළෙඳ සමාගම් නියෝජිතයන්ය. මෙම අඩුපාඩුව වෙළඳ සමාගම තම ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා බව පෙනෙයි. මේ නිසා මෙහි වරද වෛද්‍යවරුන්ටම පැවරීම සුදුසු නැත.
ශ්‍රී ලංකාව වැනි රටවල වෛද්‍ය උපාධිවලින් වෛද්‍යවරුන් උපාධිය සමත්ව පිටමං වූ පසුව නැවත වතාවක් ඔවුන් පශ්චාත් වෛද්‍ය උපාධිය සම්පූර්ණ නොකරන්නේ නම් ඔවුන්ගේ දැනුම අලුත්වීමක් සිදු නොවෙයි. ඖෂධ සමාගම් නියෝජිතයන් විසින් ලබාදෙන දැනුම සමහර අවස්‌ථාවලදී වැරදි සහගතවෙයි. මේ නිසා වෛද්‍යවරුන් නොමග යන අවස්‌ථාද පවතියි. මෙහි අවසාන ප්‍රතිඵලය රෝගීන් වැරදි ඖෂධ වර්ග භාවිතයයි. නැතහොත් අනවශ්‍ය පරිදි ඖෂධ භාවිතය සිදුවීමය.
ඉන්දියානු ආර්ථික සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික මහා කොමිෂන් සභාව සඳහන් කරන අන්දමට ලොව අංක එක මට්‌ටමේ පවතින ප්‍රධාන ඖෂධ වර්ගවලින් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් අවිධිමත් ලෙස භාවිත වන නැතහොත් මිනිසාට සම්පූර්ණයෙන්ම හිතසුව පිණිස නොවන ඖෂධයන්ය.
ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන අන්දමට 2005 වසර වන විට ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් එක් පුද්ගලයකු වෙනුවෙන් වාර්ෂිකව සෞඛ්‍ය වෙනුවෙන් වැය කරන මුදල ඇ. ඩොලර්3727 කි. මධ්‍යම ආර්ථික රටවල මෙම අගය ඩොලර් 141 වන අතර පහළ ආර්ථික පසුබිමක් සහිත රටවල එය ඩොලර් 24 කි. මේ අනුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල ඉතා ඵලදායී ලෙස යොදාගත යුතුය. ඖෂධ සමාගම්වල ඖෂධ ප්‍රචාරක වැඩසටහන් මගින් මෙය ඉෂ්ට නොවෙයි.
මේ අතර අලුතින් වෙළෙඳපොළට නිකුත් කරන බව පවසන බොහෝ ඖෂධ වර්ග නව ඖෂධ නොව මීට පෙර වෙළෙඳ පොළේ පැවති ඖෂධම විවිධ නාමයන්ගෙන් පැමිණීමක් ලෙස දැක්‌විය හැකිය. වෙළෙඳපොළට කොතෙක් නව ඖෂධ වර්ග පැමිණියද ඒවායේ පැවැත්ම තාවකාලික වීම මෙයට නිදසුනකි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් (BMJ) මගින් කළ අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ වෙළෙඳපොළට නිකුත් වන විවිධ නව ඖෂධ වර්ගවලින් සත්‍ය ලෙසට පෙරළියක් සිදු කරන්නේ 5% ප්‍රමාණයකි.
මතු සම්බන්ධයි
වෛද්‍ය ජි. ජී. චමල් සංජීව
http://www.divaina.com/2014/12/07/feature06.html

0 comments:
Post a Comment