Pages

Thursday, June 2, 2016

චෝදනා ඔප්පු කර නැහැ! රතු සහෝදරයා නිදහස්!

අනතුරු කරන රියදුරු මාරුවන රටක, CCTV දර්ශන අතුරුදහන් වන රටක, පොලිසියෙන් සාක්ෂි අතුරුදහන් වන රටක, පොලිසියට අවැසි මිනිහා කුඩු පැකට්ටුවක් දමා කූඩු කරන රටක, ඉල ඇට කඩා තම ලියවිල්ලට බලෙන් අතසන ගන්නා පොලිසියක් සිටින රටක, ඉහළ අණ පොලිස් නීතිය, රටේ නීතිය වන රටක, කප්පම් නොදුන්නාට මිනී මරණ නියෝජ්‍ය පොලිස්පතිවරු සිටින රටක, 

අරක්කු ගඳ කටින් වහනය වනවිට පිළිගත් පරීක්ෂණයක් නොකර, නිදහස් වෙන්නට චෝදනා ගොනු කරන පොලිසිය අරුමයක්ද? යහපාලනයට ජය ශ්‍රී!

Pic Source

සබැඳි පුවත -
බිමත්ව රිය පැදවීමේ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නෑ – විජිත හේරත් නිදහස්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් වළක්වා නොගැනීමට වරදකරු කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් 1500ක රජයේ ගාස්තු ගෙවන ලෙස ඔහුට නියෝග කළේය.

බීමත්ව රිය පැදවූ බවට ඉදිරිපත් කළ තෙවැනි චෝදනාව ඔප්පු කිරීමට සමත්ව නැතැයි කී මහේස්ත්‍රාත් ඔහු එම චෝදනාවෙන් නිදහස් කළේය.

http://www.colombotoday.com/4564545-2/

සබැඳි ලිපි -
[
විජිත හේරත් අනතුර වනවිට බීමතින්. වෛද්‍ය පරීක්‌ෂණයෙන් හෙළිවේ. පක්ෂ කාර්යාලයේ සිට බිව්වාද? එසේ නම් කා සමඟද? අයර්ලන්තය, සමාජවාදය සහ මත්පැන්!http://denethharinna.blogspot.com/2016/06/blog-post.html
]

0 comments: