
තිරුකේතීශ්වරම් මාන්තයි ප්‍රදේශයේ තිරුකේතීශ්වරම් හින්දු කෝවිලට අයත් ඉඩමක් මන්නාරම රදගුරු රාජයප්පු ජොශප් පූජකවරයාගේ අනුදැනුම මත ලුර්තු මෑණියන්ගේ පල්ලිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති අතර මහ රෑ හොර රහසේ එම ඉඩමේ කිතුණු දේව පිළිරුවක් ස්ථාපිත කර ඇති බවයි විරෝධතාවයේ නිරත හින්දු සම්මේලනය චෝදනා කරන්නේ.
මේ වන විට අදාළ ඉඩමට ඔප්පුවක් ලබා දෙන ලෙස ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග විසින් ඉඩම් කොමසාරිස්වරයාට නියෝග කර ඇති බවද වාර්තා වනවා.
රදගුරුවරයාගේ සහ ඇමති ජෝන් අමරතුංගගේ බලය හමුවේ මන්නාරම හින්දු ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස බලකරමිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබෙන්නේ.
මිට වසර පහළවකට පමණ පෙර මන්නාරමේ බහුතරයව සිටි හින්දු ජනතාව මේ වනවිට සුළුතරය වී ඇති බවත්, යුද්ධයට හා සාමයට මුවාවී බෙදුම්වාදී රාජයප්පු ජෝශප් ප්‍රමුඛ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් හින්දු ජනතාව බිළිබාගෙන ඇති බවත් පවසන හින්දු සම්මේලනය රායප්පු ජෝශප් ඇතුළු හින්දු සමාජය විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී මූලධර්මවාදී බලවේගවලට එරෙහිව ඉදිරිපත් වන ලෙසද හින්දු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
http://www.colombotoday.com/7121215622-2/
0 comments:
Post a Comment