Pages

Sunday, June 26, 2016

දෙස රැස මුහුණ දෙන සාපය කුමක්‌ද? ඒ සාපය අවසන් කළ හැක්‌කේ කෙසේද?

දේශයත් ජාතියත් මහා සාපයකට මුහුණපා සිටින බව රහසක්‌ නොවේ. වෙනදා දසක ගණනාවකදී අසන්නට නොලැබෙන තරම් කඳු නාය යැම්, ජනතාව ගම්මාන පිටින් වැළලී යැම් දිගින් දිගටම සිදුවෙයි. එකදිගට මාස ගණන් නොකඩවා ඇදහැලෙන මහ වැසි නිසා ගංගා උතුරා පිටාර ගලා ගෙවල් දහස්‌ ගණනින් ගංවතුරට යටවී යයි. වෙනදා දින දෙක තුනකට සීමා වන ගංවතුර සති ගණන් එක දිගට පවතී. පාරවල්වලට, පන්සල්වලට, පාසල්වලට එක්‌රොක්‌ වී සිටින ජනතාවට වැසිකිළි යන්නට පවා තැනක්‌ නැතිවීම ප්‍රශ්න ජාලයකට හේතුවී තිබිණි. පාරවල්වල පන්සල්වල එක්‌වී සිටි කාන්තාවන්ට මුත්‍රා කරන්නට රෑ බෝවන තුරු බලා ඉන්නට සිදුවීම නිසා ඉතාම අඩුවෙන් වතුර බොන්නට යොමුවීමේ ප්‍රතිඵලය වන්නේ කාන්තා පක්‍ෂය වකුගඩු රෝගීන් වීමේ අනතුරට මුහුණපෑමයි. ගංවතුර ආපදාවන්ට මුහුණ දුන් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව සඳහා ආධාර එකතු කරමින් කොළඹ නගරයේ පිණ්‌ඩපාතයේ යෙදුණු පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආදර්ශය ද හේතුවෙන් වෙනත් ජනහිතකාමී පිරිස්‌ අවදි වී සංවිධානය වී ගංවතුර අනාථයන්ට ආධාර කළ ද ප්‍රශ්නය විසඳී නැත. සාපය අවසන් වී නැත. ගංවතුර අඩුවී හමුදා යොදවා මඩ වතුරින් යටවූ ගෙවල් පිරිසිදු කර දුන්නද මඩ කඩිති බවට පත්වූ ගෙවතු පරිසරය සති කීපයකින්වත් සෞඛ්‍යයට හිතකර තත්ත්වයට පත් කළ නොහැකි වී තිබේ.

කැලණි, කළු, ගිං, නිල්වලා ගංගා හා මාඔය, දැදුරුඔය ආශ්‍රිත ජනතාව මුහුණදී සිටින්නේ බිහිසුණු අනතුරුදායක තත්ත්වයකටය. රට වටා ගලා බසින ගංගා බොහොමයක්‌ ආශ්‍රිත බිම් හා ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව රෝග ආකරයක ගැලී සිටිති. රටේ සෑම ප්‍රදේශයකම ජනතාව මුහුණදී සිටින්නේ මහා සාපයකටය. රටේ විශාල ප්‍රදේශයකට සම්බන්ධ මහවැලි මහා ගංගාව හා එහි ශාඛා ගංගා අවට ජනතාවද මුහුණදී සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකටය. මුළුමහත් මධ්‍ය කඳුකරයේ ජනතාවත් රක්‌වාන, බුළුතොට හෙල් වැටි පරිසරයට අයත් ජනතාවත් මුහුණදී සිටින්නේ නිමක්‌ නැති නාය යැම්වලටය. මේ මහා සාපයට හේතු වූ කරුණු ගණනාවකි. සාපයට ප්‍රධානම හේතුව වී ඇත්තේ ධන තණ්‌හාවෙන් අන්ධවූවන්ගේ ක්‍රියාකාරම්ය. මහවැලි, කළු, කැලණි, වලවේ, ගිං, නිල්වලා ගංගාවල ජල පෝෂක ප්‍රදේශවල සිදුවන වන විනාශය කරන්නේ හොර දැව ජාවාරම්කරුවන් බව රහසක්‌ නොවේ. ගංගාවල ජල පෝෂක ප්‍රදේශවල කෙරෙන නිමක්‌ නැති වන විනාශය නිසා වෙනදා ගස්‌වල අතුපතර මත වැටී හෙමින් සීරුවේ කඳන් දිගේ පහළට ඇදී එන වැසි ජලය එකවරම පොළොවට වැටී පස සේදී පස්‌ කණ්‌ඩි පිටින් ගැලවී ගංගාවන් තුළට ඇදී එයි. එහි ප්‍රතිඵලය වන්නේ ගංගා ගොඩවී ජලකඳ පිටාර ගලා ලක්‍ෂ ගණන් ජනයා ගංවතුර ආපදා තත්ත්වයන්ට මුහුණපෑමයි. සාපයට හේතුවූ අනෙක්‌ ප්‍රධාන පාපය වන්නේ රට රැකගන්නට ජීවිත පරිත්‍යාගයෙන් ආත්ම පූජාවෙන් කැපවූ බෝධිසත්ව බලවේගය වූ ත්‍රිවිධ හමුදාවට නිග්‍රහ නින්දා අපහාස කිරීමයි.

රට, දැය, සමය රැකගත් බෝධිසත්ව බලවේගය වූ හමුදාවන්ට නින්දා අපහාස කිරීමත් රණවිරුවන්ට නින්දා කරමින් හමුදාවල ගරුත්වය කෙළෙසා දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක විරුවන්ගේ පිටකොන්ද බිඳින්නට, ආධ්‍යාත්මිකව දුර්වල කරන්නට අධිරාජ්‍ය හවුල්කාරී බෙදුම්වාදයට යටවූ විදේශීය රූකඩ දේශපාලන බලවතුන් අනුගමනය කරන පාපී අධම ක්‍රියාමාර්ගත් මහා ජාතික සාපයක්‌ වන බවට සැකයක්‌ නැත. දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදය බලවත්ව තිබියදී ආරක්‍ෂාව සඳහා බහුතර ජනතාව සිංහල වූ ප්‍රදේශවල වෙසෙමින් සිංහල පවුල් සමඟ විවාහ සබඳතා ඇතිකර ගත් සුළු ජාතික අවස්‌ථාවාදීන් හමුදාවන් විසින් කරන ලද මහා කැපකිරීම් හා උදාර පරිත්‍යාගයන්ට පින්සිදුවන්නට යළි උතුරට ගොස්‌ උතුරු පළාත් සභාවේ බලවතුන් වී තමන්ට උතුරේ දේශපාලන ආර්ථික, සංස්‌කෘතික කටයුතු කරන්නට මගපාදා දුන් රණවිරුවන්ට නින්දා කිරීම මුළු රටටම සාපයක්‌ වනු නිසැකය. එක්‌ අතකින් උතුරෙන් හමුදා ඉවත් කරන්නැයි ඝෝෂා කරමින් ශ්‍රී ලංකාව කලාප පහකට බෙදන්නට යෝජනා කරන අතර අනෙක්‌ අතින් හමුදා විරුවන් උතුරේ කාණු සෝදන්නට හා කුණු කසළ ඉවත් කරන්නට යොදවන්නැයි කියමින් ජීවිත පරිත්‍යාගයෙන් ආත්ම පූජාවෙන් සේවයට කැපවුණු බෝධිසත්ව බලවේගයක්‌ වූ රණවිරුවන්ට නින්දා කිරීම සොබාදහම විකෘති වීමට හේතුවන මහා සාපයක්‌ වීම පුදුමයක්‌ නොවේ. කොටි ත්‍රස්‌තවාදය බලවත්ව පැවැති අවධියේ කාත්තන්කුඩි පල්ලියේ යාඥ කරමින් සිටි ඉස්‌ලාම් බැතිමතුන් සිය ගණනින් ඝාතනය කරද්දී සැඟවී සිටි බියගුලු නිවටයන් ත්‍රිවිධ හමුදාවේ කැපකිරීම් තුළින් විවිධ ධනෝපායන මාර්ගයන් පාදාගෙන කෝටිපතියන් හා දේශපාලන බලවතුන් වී ඔවුන්ට බලවතුන් වන්නට මගපාදා දුන් බෝධිසත්ව බලවේගයට නින්දා කරන විට එය මහා සාපයක්‌ වනු නිසැකය.

ත්‍රිවිධ හමුදාවට නින්දා අපහාස කිරීම හා හමුදාවල ගරුත්වය කෙළෙසා හමුදාවන් ආධ්‍යාත්මිකව දුර්වල කර හමුදා බලය බිඳින්නට ගෙන යන දේශෙද්‍රෝහී ජාතිෙද්‍රෝහී ක්‍රියාමාර්ග මහා ජාතික සාපයක්‌ වන්නේ එමගින් බෙදුම්වාදී දේශෙද්‍රෝහී බලවේග ශක්‌තිමත් වීම නිසා අඩපණ වන්නේ දේශප්‍රේමී ජාතික බලවේග පමණක්‌ නොවේ. දේශප්‍රේමී ජාතික බලවේග දුර්වල කරමින් විශ්වයටම සෙතක්‌ ශාන්තියක්‌ වන විශ්වන්තරවාදී බුදුසසුන සුරැකීමේ ඓතිහාසික වගකීම් භාරයට පිටුපා යන ගමන ලොවටම විපතක්‌ වනු ඇත. ත්‍රිවිධ හමුදාවේත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේන් සිවිල් ආරක්‍ෂක සේවාවන්ට අයත් අතිමහත් බහුතරය නිසැක බෝධිසත්ව බලවේගයක්‌ වන හෙයින් රට, දැය, සමය රකින්නට තමන් සතු සියල්ල කැප කළ ජීවිත හා අත් පා ඇස්‌ ආදී ශරීරාංග පිදූ ඒ බෝසතුන්ට නින්දා අපහාස කරමින් ඒ බෝසත් බලවේගය දුර්වල කර විනාශ කරන්නට දරන සියලු ප්‍රයත්නයන් මහා ජාතික සාපයක්‌ වනු නිසැකය. රට, දැය, සමය රකින්නට තමන්ගේ තරුණ ජීවිත කැපකරන්නට තරම් පරිත්‍යාගශීලී වූ රණවිරුවන්ගේ උතුම් බෝසත් ගුණය තේරුම් ගන්නට පවා අසමත් වූ ධන තණ්‌හාවෙන් අන්ධ වූ බලකාමයෙන් උමතු වූවෝ මුග්ධ වී සිටිති. ධන තණ්‌හාවෙන් හා බලකාමයෙන් උමතු වූවෝ මානසික අන්ධ භූතයෝ වෙති. බලකාමී උමතුවෙන් පෙළෙන තණ්‌හාරිත දේශපාලන අන්ධ භූතයන්ට රට, දැය, සමය වෙනුවෙන් ආත්ම පරිත්‍යාගයෙන් ජීවිත පූජාවෙන් සටන් කරන රණවිරුවන් බෝධිසත්වයන් වන්නේ කෙසේද? යන්න සිතාගත නොහැකි වුවත් කොටි ත්‍රස්‌ත විරෝධී යුද්ධය පවතිද්දී හමුදාවේ ආධ්‍යාත්ම ශක්‌තිය නංවන්නට හා හමුදාවන්ට බැඳෙන්නට දේශප්‍රේමී තරුණයන් අවදිකරන්නට රට පුරා යමින් දේශන කළ අපට ජීවිත පූජාවෙන් පෙරට යමින් ආත්ම පරිත්‍යාගයෙන් සේවයට කැපවුණු රණවිරුවන් බෝධිසත්වයන් වූ බව රහසක්‌ නොවේ.

අවුරුදු දෙදහස්‌ තුන්සියයක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ විදේශ ආක්‍රමණ දාසයකට මුහුණදී රට, දැය, සමය රැකගන්නට හා ජාතික ආධ්‍යාත්මික සංස්‌කෘතික උරුමය සුරකින්නට ජීවිත පූජා කළ ඉතිහාසගත දසලක්‍ෂ සංඛ්‍යාත දේශප්‍රේමී, ජාතිහිතෛෂී, ශාසන මාමක මුතුන් මිත්තන් සිහිකරමින් ත්‍රිවිධ හමුදා සේවයට එක්‌වී උතුරු නැඟෙනහිර වන බිම්වල කොන්ද නමාගෙන පඳුරු අතරින් රිංගාගෙන යමින් පිට්‌ටනිවන් වියළි තැනිතළා බිම්වල කිඹුල් ගමනින් බඩගාගෙන යමින් වගුරු බිම්වල මඩේ එරෙමින් කලපුවල කරවටක්‌ දියේ ගිලෙමින් දින ගණන් නිදි නැතිව රසගුණ හරිහමන් අහරක්‌ නැතිව උණට, සෙමට, කැස්‌සට, බඩේ අමාරුවට, හිස කැක්‌කුමට, ඇස්‌ රුදාවට, හන්දිපත් මස්‌පිඬු වේදනාවන්ට, නිසි ප්‍රතිකාර නොලබා ආත්ම පරිත්‍යාගයෙන් ජීවිත හා ඇස්‌, අත්පා පූජා කරමින් අවසාන ජයග්‍රහණය දක්‌වා ඉදිරියට ගිය රණවිරුවන් සැබෑ බෝධිසත්වයන් වන බව ඒකාන්තයá නිසැකය. "මාගේ මේ ව්‍යායාමය බුද්ධශාසනයේ චිරස්‌තිථිය (සියලු සත්වයන්ගේ යහපත් පැවැත්ම) උදෙසා වේ" යයි ප්‍රකාශ කරමින් සේවයට කැපවුණු දුටුගැමුණු රජතුමා හා දසමහා යෝධයන් ප්‍රමුඛ ලක්‍ෂ සංඛ්‍යාත දේශප්‍රේමීන්ගේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයමින් ආත්ම පූජාවෙන් සටන් කර දිවි පිදූවන්, ආබාධිත වූවන් මෙන්ම ඊළඟ පරපුරේ දේශප්‍රේමීන්ට ද ශක්‌තියක්‌ වෙමින් රට, දැය, සමය සුරකින්නට කැපවී සිටින රණවිරුවන් ද බෝධිසත්වයන් වන්නේ ඔවුන්ගේ අරමුණ දැවෙන ලොව නිවා සනසන විශ්වන්තරවාදී ලෝක මෙහෙවරේ අතිශය වැදගත් කාර්යභාරයක්‌ ඉටුකිරීම වන හෙයිනි. ඉන්දියන් සාගර කලාපයේ හොඳම මධ්‍යස්‌ථානය වූ ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග දියත් කරන නව යටත්විජිතවාදී අධිපතිවාදී බලවේගයන්ට යටත් නොවී ආසියාවේත් මුළු මහත් ලෝකයේත් යහපත වෙනුවෙන් කැපවී සිටින හෙළ රණවිරුවෝ ලොවට ශක්‌තියක්‌ හා ආලෝකයක්‌ වන බෝධිසත්ව බලවේගයකි. මේ සත්‍ය තේරුම්ගත නොහැක්‌කේ ධන තණ්‌හාවෙන් හා බලකාමයෙන් වියරු වී සියලු ක්‌ලේශ කාමයන්ට වහල්වී තිරිසනුන් මෙන් ක්‍රියාකරන මිනිස්‌ වෙස්‌ ගත් අන්ධභූතයන්ට පමණි.

ත්‍රිවිධ හමුදාවට තව තවත් භට පිරිස්‌ එක්‌කරන්නට තරුණයන් අවදිකරන දේශන පවත්වමින් රට පුරා ගිය, විශේෂයෙන් කුරුණෑගල, අනුරපුර, කළුතර, ගාලු, මාතර, හම්බන්තොට, රත්නපුර, ත්‍රිමල, කොළඹ, ගම්පහ, කෑගලු, නුවර, මාතලේ, බදුලු, මොනරාගල දිස්‌ත්‍රික්‌කවල පන්සල්, පිරිවෙන්, පාසල් හා ස.ණ.ස. ආදී විවිධ සමිති සමාගම්වල දෙසුම් දහස්‌ ගණනක්‌ කළ මම මගේ දේශන ඇසූවන් අතරින් දහස්‌ සංඛ්‍යාත තරුණ පිරිසක්‌ හමුදාවන්ට එක්‌වී යුද බිමට ගියේ දුටුගැමුණු, වලගම්බා, ධාතුසේන, විජයබා, පැරකුම්බා හා විමලධර්මසූරිය ආදී වීරයන්ගේ ආදර්ශය අනුව ජාතික ආගමික සේවයට කැපවුණු සැබෑ බෝධිසත්වයන් ලෙස බව තරයේ විශ්වාස කරමි. රටක බිහිසුණු යුද තත්ත්වයක්‌ පවතිද්දී හමුදාවන් සමඟ එක්‌වී ජීවිත පරිත්‍යාගයෙන් සේවයට කැපවුණු බෝධිසත්වයන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ වැටුප් හා නිලතල අපේක්‍ෂාවෙන් හමුදාවන්ට බැඳුණු අය අතර වෙනස තේරුම්ගත හැක්‌කේ වස්‌තු තණ්‌හාවෙන් උමතුවී බලකාමයෙන් වියරු වී සියලු ක්‌ලේශකාමයන්ගෙන් ඔද්දල් වූ සිත් ඇති අන්ධ භූතයන්ට පමණි. අන්ධ භූතයන් බවට පත්වූ සෑම වර්ගයකම බලවතුන් සේවයට කැපවුණු බෝධිසත්ව බලවේගයක්‌ වූ දේශප්‍රේමී, ජාතිහිතෛෂී ශාසනමාමක රණවිරුවන්ට නින්දා අපහාස කරමින් ගෙන යන දේශෙද්‍රෝහී ජාතිෙද්‍රෝහී ශාසන විරෝධී ක්‍රියාමාර්ග අවසන් කිරීම ජාතික විපතක්‌ බවට පත්වූ මහා සාපය අවසන් කිරීමේ නිවැරැදි පිළිවෙතට එළඹුම වේ.

බෝධිසත්ව බලවේගයක්‌ වූ ත්‍රිවිධ හමුදා විරුවන්ට නින්දා අපහාස කිරීමේ සාපයත්, වන උයන් හා ඇළ දොළ ගංගා ආශ්‍රිත සොබා සම්පත් කොල්ලකෑමේ මහා ජාතික සාපයත්, ගංවතුරක්‌ දරාගන්නට තරම් වූ වගුරු බිම් හා පැරණි විල් ගොඩකර හොර ඔප්පු හදා විකිණීමේ සොබා පරිසර විරෝධී ක්‍රියාමාර්ගත් අවසන් කිරීම රට, දැය, සමය හා ජන ජීවිත රැකගැනීම සඳහා වන මූලික අවශ්‍යතාව වේ. ත්‍රිවිධ හමුදාවේ ගෞරවය හා රණවිරු අභිමානය පුබුදුවා රට, දැය, සමය රැකගෙන ජන ජීවිත සුරක්‍ෂිත කිරීම සඳහා ඒ පිළිබඳ වූ අත්දැකීමෙන් පිරිපුන් දුර දක්‌නා නුවණින් යුතු සේවයට කැපවුණු තමන් මත පැවරෙන වගකීමට උර දීමට සමත් සැහැල්ලු සරල පැවැත්මෙන් යුතු නායකත්වයක්‌ අවශ්‍ය වේ. එබඳු අර්ථවත්, හරවත්, නායකයකු මේ වන විටත් පුංචි ලංකාවේ ජනතාව අතර සිටින බව රහසක්‌ නොවේ. ඒ අර්ථවත් හරවත් සේවයට කැපවුණු සරල සැහැල්ලු පැවතුම් ඇති විචක්‌ෂණශීලී දක්‍ෂ නායකයා ගෝඨාභය රාපක්‍ෂ මහතා බව කියාපෑම මේ ලිපිය ලියන මගේ යුතුකමක්‌ වන හෙයින් මම එය මෙසේ සටහන් කරමි. කල්‍යාණි ගංගා රාජණිය හා කළු ගං නිල්වලා රැජිනියන් රටේත් ජනතාවගේත් යහපත සඳහා යොදා ගැනීමට සමත් නායකයා තමන් බව බෙල්ලන්විල, ගංගොඩවිල ආදීවූ නාමිකව පැවැති පැරණි විල් පද්ධතිය වගුරු බිම් තුළින් මතුකරදී ගංගාවලින් පිටාර ගලන ජලය බැස යන ඇළවල් පාදා දුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පෙන්නුම් කර තිබේ. සොබා පරිසරය සුරක්‍ෂිතව සංවර්ධනය කරමින් රට, දැය, සමය රැකගෙන ජන ජීවිතයට සහනය ලබාදෙමින් ජාතික සාපයක්‌ වූ විපත් ක්‍රියාදාමය අවසන් කළ හැකි නායකයා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව රණවිරුවන්ටත් විශේෂයෙන් බස්‌නාහිර පළාතේත්, දකුණේත්, රජරටත් ජනතාවට රහසක්‌ නොවේ.

අනගාරික ධර්මසේකරතුමා
http://www.divaina.com/2016/06/26/feature09.html

Pic Source

0 comments: