Pages

Tuesday, June 14, 2016

ශ්‍රී රවි ශංකර්ගේ කෝවිල් අභිෂේකය සඳහා බෝධිය කපා ලෑලි ඉරීම

පසුගිය මැයි 15 වැනි දින දකුණු ඉන්දියාවේ බැංගලෝරයේ ශ්‍රී රවි ශංකර් නම් දෙමළ හින්දු පූජකවරයෙක්‌ ලංකාවට පැමිණියේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ ආරාධනයෙනි. එම ගමනේදී සම්බන්ධීකරණ කටයුතු සිදුවූයේ අනෝමා ගමගේ ඇමැතිවරිය අතිනි. ගුවන් තොටුපළේදී පිළිගන්නා ලද්දේ බෙල්ලන්විල විමලරතන උප කුලපති ස්‌වාමින් වහන්සේ විසිනි. නුවරඑළිය සීතා එළියේ පිහිටි සීතා අම්මාන් කෝවිල අභිෂේක කර එහි ආධිපත්‍යය පිහිටුවීම ශ්‍රී රවි ශංකර්ගේ ගමනේ අරමුණ විය.

ඉහළම රාජ්‍ය තාන්ත්‍රික ස්‌වරූපයෙන් ශ්‍රී රවි ශංකර් ආ බව පැහැදිලි වන්නේ ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපතිද හමුවී සළුපිළිද පළඳවා තිබීමෙනි. සීතා අම්මාන් කෝවිල ඉදිකළේද රජයේ අනුග්‍රහය ඇතිවය.

ප්‍රධාන කතාව මෙය වන අතර වැලිමඩ කැප්පෙටිපොළ දිවුරුම්පළ වැසියෝ ඊට තවත් අතුරුකතාවක්‌ එකතු කරති. මීට වසර 35 ට පමණ පෙර "දිව්රුම්වෙල" නමැති ගම පන්සලේ විහාරාධිපති හිමියන්ගේ උත්සහයෙන් "දිව්රුම්පල" ලෙස නම් වෙනස්‌ වී ඇත. ඊට හේතුව නම් සීතා දේවිය රාම කුමරු හමුවේ තම පතිවත ගැන දිවුරුම් දී ගින්නට පැන්නේ මෙහිදී බවට ඇති කට කතාවය. මෙය ජනප්‍රවාදයක්‌ නොවේ. කෝපි හා තේවතුවලට දකුණු ඉන්දියානු කම්කරුවන් ගෙන ආ විටදී පූසාරිවරුද අවුත් කෝවිල් පිහිටුවා ගත්හ. අලුත් ප්‍රදේශයක පදිංචියට ගියවිට එම ප්‍රදේශයට උරුමකම් කියන කතා ගෙතීම හින්දු සම්ප්‍රදායයි. මේ අනුව "දිව්රුම්" නමැති වචනය ඇති නිසා ඒ සීතා කුමරිය විසින් දිවුරුම් දුන් ස්‌ථානය බවට කතා ගෙතූහ. මෙය වඩාත් හොඳින් තහවුරු වීමට "දිවුරුම්වෙල" නමැති ශුද්ධ නාමය "දිව්රුම්පල" ලෙස වෙනස්‌ කෙරිණ.

මෙහි ඇති බොරුව හෙළිවන්නේ සීතා කුමරිය සිටි තැන හා දිවුරුම් දී ගින්නට පැන්න තැන රාමායනයේ විස්‌තර වන නිසයා. ඇය රඳවා තිබුණේ රෝසපාට හිරිගල් වලින් සෑදූ මුහුද අයිනේ මාලිගාවක බව හා ජනේල හැරිය විට මුහුදු රළ ඇයට ශෝකගීත ගෙන ආ බව රාමායනය පවසයි.

අග්නි පූජාව තුළින් පතිවත පෙන්වීම සඳහා දර එකතුකර ලක්‍ෂ්මණ විසින් ගිනිමැලය සෑදුවේ මුහුදු වෙරළේ බවද රාමායණයේ කියයි. සත්‍ය හෝ අසත්‍ය වේවා රාවණා සීතා කතාවක්‌ ඇත්තේ රාමායනයේ පමණි. රාමා - සීතා ලක්‍ෂ්මණ කතාව ඇති දශරථ ජාතකයේ රාවණ කෙනකුගේ සම්බන්ධයක්‌ ඔවුනට නැත.

වතුකරයේ පූසාරීන් ගොතන කතා රාජකීය ආසියාතික (ලංකා) සංගමය හරහා ගොස්‌ ඉතිහාසය වනසැටි එක්‌ සිවිල්a නිලධාරියකු විසින් විස්‌තර කර තිබුණි. "නුවරඑළිය සීසන්" ලෙස හඳුන්වන අප්‍රේල් මාසයට රටේ සුදු ජාතිකයෝ නුවරඑළියට රැස්‌වෙති. මස්‌ කමින්, මත්පැන් හා බීර තොලගාමින් ආලිංගන නැටුම්වල යෙදෙමින් දොඩමළුව ඔවුහු දවස ගෙවති. වතුකරයේ පූසාරින් ගෙතූ කතා මෙහිදී තවත් ඔප්නැංවී අන්තිමට රාජකීය ආසියාතික සංගමයේ පර්යේෂණ ලිපි බවට පත්වී ප්‍රසිද්ධ වේ.

මෙසේ ගෙතුණු වාචාල කතාවලට ශාස්‌ත්‍රීය බවක්‌ ලබාදී ඇත්තේ මාරි මියුසියස්‌ හිඟින්ස්‌ මැතිනියයි. (සුදු අම්මා) කොළඹ මියුසියස්‌ විද්‍යාලය ඇරඹුවේ ඇයයි. 1902 දී ඇය පළකළ Hසිඑදරසජ්ක ඕකැs දෙර Sජයදදක Cයසකාරුබ හි නුවරඑළිය සීතා කුමරියගේ නිවහන විය. ශීත ඇල්ල, ශීත ගුහාව, ශීත කන්ද, ශීත පොකුණ ආදිය Sසඒ ලෙස ලියයි. එසේ කර ඒවා සීතා Sසඒ කුමරියට සම්බන්ධ කරයි. මෙහි බොරුව එළිදරව් වන තැනක්‌ ඇත. සීතා වකගසාගෙන තරහෙන් නිදාසිටි තැන "සීතාවක" බව ඇය 1902 දී ලීවාය. නමුත් 1829 දී ඇහැලේපොළ මහ නිළමේ මුරුසියේ සිට කෝල්බෲක්‌ කොමිසමට සිංහලෙන් එවූ සන්දේශයේ මෙසේ සඳහන්ය. "ඩොයිල් උන්නාන්සේ හම්බවෙන්න මම "හීතවක්‌" දෙදොහක්‌ සුනංගු වුණා. 1829 දීද සීතාවකත් නොතිබි බවට මේ හොඳම සාක්‌ෂියයි. කැලණි ගඟ ගල්තලාවක්‌ මතින් වක්‌කලමක්‌ සාදාගෙන (වකක්‌) යයි. එබැවින් ජලය සීතලය. හීතවක සැදුණේ ඒ අයුරිනි. එක පෑන් පහරින් එය සීතාවක විය. ඉංගී්‍රසිකාරයා "සීතාරාම" නමැති බඩේ අමාරුවට ඉඟුරු ඉස්‌ම හා මී පැණියෙන් දෙන ගුලියටද හැදූ කතාවක්‌ ඇත. එනම් සීතාගුලි නමැති පොළොවේ ඇති බෝලගල් වර්ගයක්‌ වතුරින් ගලගා දුන් විට බඩේ අමාරු සුව වන බව සිංහලයන් විශ්වාස කරන බවය. 

දිවුරුම්වෙල අසල "ස්‌ත්‍රීපුර" නමැති ස්‌ථානයක්‌ ඇත. සීතා කුමරිය ඇගේ පරිවාර ස්‌ත්‍රීන් සමඟ මෙහි රඳවා තිබූ බව තවත් ඉංගී්‍රසි කට කතාවකි. සුදු වැවිලිකරුවන්ද මත්පැන් තොලගාමින් ස්‌ථාන නාමයන් විකෘති කිරීමට දක්‌ෂය. නුවරඑළිය අසල මැද්දේක්‍රොම්බා නෝත් හා මැද්දේක්‍රොම්බා සවුත් නමැති විශාල තේවතු දෙකක්‌ ඇත. මේ ඉහළ මැදකුඹුර හා පහළ මැදකුඹුරයි.

දිවුරුම්පළ රජමහා විහාරයේ විහාරාධිපතිට 2008 දී අවශ්‍ය වුණේ එම විහාරස්‌ථානයට "Seඑය් dසඩස ඔeපචකැ " යනුවෙන් නාම පුවරුවක්‌ සවිකිරීමටය. ඒ සඳහා ඉන්දියාවෙන් අවශ්‍ය ප්‍රතිලාභ ලැබීමට නියමිතව තිබුණි.

නමුත් මෙකල ලංකා සංචාරක මණ්‌ඩලයට අනුබද්ධිත රාවණ පියසටහන් කමිටුවේ Raආබ් ඔර්සකි ඤපපසඑඑee මහතුන් දෙපළක්‌ කළ තර්ජනය නිසා නාම පුවරුව සවි නොකෙරිණ. එනිසාම ප්‍රතිලාභද නැතිව යන්ට ඇත.

දිවුරුම්පළ රජමහා විහාරයේ දායක මහතුන් පවසන පරිදි සීතා අම්මාන් කෝවිල අභිෂේක කර වැලිමඩට එන ශ්‍රී රවි ශංකර් යෝගීට තවත් දෙයක්‌ දැකගැනීම අවශ්‍ය විය. එනම් දෙවැනි ඉලක්‌කය වන හනුමාන් කෝවිල සෑදීම සඳහා දිවුරුම්පළ විහාරයේ බෝධීන් වහන්සේ කපා ඉවත් කර තිබීමයි. මේ සඳහා මුස්‌ලිම් මිනිසුන් යොදවා බෝධිය කපා ලෑලි ඉරා සඟවා තිබුණි. දායකයන් පොලිසියට පැමිණිලිකර සිදුකළ පරීක්‌ෂාවේදී මේවා සොයාගනු ලැබිණ. ඉන්දියානු මුස්‌ලිම් ජාතිකයකු ලක්‌ෂ ගණනක්‌ දී බෝධිය මිලදීගෙන ලෑලි ඉරූබව කීවද බෝ ලෑලිවලට මුදල් වටිනාකමක්‌ නැත.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් උනාපාන චන්දවිමල නමැති විහාරාධිපති හිමියන් උසාවියට ඉදිරිපත් කරන ලදුව රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලදි. ඒ අතර මෙම විහාරස්‌ථානයේ භාරකාරත්වය හිමි මහනුවර මල්වතු මහාවිහාරය විසින් වෙනත් විහාරාධිපතිවරයකු පත්කර ගැනීමට දායක සභාවට දන්වා ඇතැයි දායක සභා සාමාජිකයෙක්‌ පැවසීය. මේ අනුව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන විහාරාධිපති උනාපාන චන්දවිමල හිමි වෙනුවට නව විහාරාධිපතිවරයකු තෝරාගැනීමට දායක සභාවට අවස්‌ථාව ඇත.

භාරතීය ජනතා පක්‌ෂය ජනප්‍රියත්වයට ආවේ රාමායන දේශපාලනයෙනි (Raප්හ්බ් ඡදකසඑසජි) රාමායන තොරතුරු ඉන්දියානු ඉතිහාසයට ඇතුළු කළ යුතු බවට 1880 දශකයේදී ඔවුහු ප්‍රබල හඬක්‌ නැගූහ. එවක අගමැති රජිව් ගාන්ධි විසින් විශාරදයන් 14 දෙනකුගේ ප්‍රබල මණ්‌ඩලයක්‌ පත්කරමින් රාමායනයේ ඓතිහාසික බව පරීක්‌ෂා කර වාර්තා කිරීමට නියෝග කළේය. මුළු මණ්‌ඩලයම ඒකමතිකව තීරණය කළේ රාමා, සීතා, ලක්‍ෂ්මණ, හනුමාන් ආදී චරිත ඓතිහාසික ලෙස සනාථ නොවන බවය. තත්ත්වය එසේ වෙද්දී රාවණ රජු අල්ලාගෙන අනුන්ගේ රටකට ගොස්‌ මැදිහත්වීමට ඉන්දියාවේ දැඟලිල්ල කුමක්‌ද? යෝජිත හා අපේක්‌ෂිත මලයනාඩුවට උරුමයක්‌ හිමිකර දීමටද ? ව්‍යාජයක්‌ බව දැන දැන ඒ මත එල්බීගෙන නටන ඉන්දියානුවන්ගේ සැබෑ අරමුණ කුමක්‌ද ? මේ කිසිවක්‌ තේරුම් ගැනීමට අපරට උගතුන්ට හෝ රජයට සැබෑවටම නොහැකිද ? හැබෑවටම නිදන එකාට ඇඟට ඇඟිල්ලෙන් ඇන්නොත් අවදි වේ. බොරුවට නිදන එකාට තෙල මෝලෙන් ඇන්නත් අවදි නොවේ.

මෙම ක්‍රියාවලියට සම්බන්ධ සියලුදෙනාටම උමතු බවක්‌ ඇතිබව පෙනෙන්නට තිබේ. බෝධිය පාමුල පොළොව යට සීතා දේවියගේ ආභරණ ඇතිබවක්‌ විශ්වාස කළ විහාරාධිපති හිමියන් ඒවා ලබාගැනීමට බෝධිය කැප්පවූ බව ඇතැම් දායක සභා සාමාජිකයෝ පවසති. එමෙන්ම ඉරන ලද ලෑලිවලින් කොටසක්‌ කැබැලි ලෙස සිහිවටනයක්‌ පරිදි තබාගැනීමට ඉන්දියානු හින්දු වන්දනාකරුවන්ට විකිණූ බවද කියති. සම්පූර්ණ ලෑලි තොගය සොයාගැනීමට පොලිසියට අපහසු වී ඇත. ඒ ඒ දෙවිවරුන් අභිෂේක කිරීමක්‌ මිස දේවාල අභිෂේක කිරිමත් හින්දුන් අතර නැත. නමුත් අශ්වමේධ පූජාව යටතේ අධිරාජ්‍ය ගොඩනංවන විට යටත්කරගත් දේවාල මත ආක්‍රමණිකයාගේ ආධිපත්‍යය අභිෂේක කිරිමත් නම් ඇත. දේවාලය මත ජයග්‍රාහකයා අභිෂේක කිරීම ඉන් අදහස්‌ කෙරේ. අප මේවා දැනගත යතුය. එංගලන්තයේ ඪෂෂෂ හෙන්රි රජු එංගලන්ත සභාව අභිෂේක කළේ කතෝලික සභාව මතය. අනාගත මලයනාඩුව මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන්ගේත් එම දේශපාලනඥයන්ගේත් එකම අභිලාෂයයි. ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවකු වූ උතුරු පළාත් මහ ඇමැතිවරයා දෙමළ හින්දු ඡන්දයෙන් පත්වූ නිසා තම ඡන්ද දායක අපේක්‌ෂා ඉටුකිරීමට පූජක වේශයෙන් සැරසී ඉදිරිපත් කරන බොළඳ යෝජනා අපි දුටුවෙමු. උතුර - නැගෙනහිර පළාත් දෙමළ නිජබිම ලෙස පිළිගෙන අත්සන් කරන රාජ්‍ය නායකයන් ඇති රටක තමා ගමන් කරන පීල්ල නිවැරදි ලෙස උතුරු පළාත් මහ ඇමැති සිතන්නේ නම් ඊට දොස්‌ කිව නොහැක.

හින්දු යනු නිෂ්පාදනය මුල්කර ගත් ශිෂ්ටාචාරයක්‌ නොව ආගම, භාෂාව, සිරිත් විරිත්, ගතිපැවතුම් ආදිය මුල්කරගත් සංස්‌කෘතියකි. පස්‌ගෝ රස මුල්කර ගත් එෙŒර සංස්‌කෘතියක්‌ ලෙස මානව විද්‍යාඥයන් විසින් එය හඳුන්වනු ලැබේ.

නුවරඑළිය අවට ඇති ශීත ස්‌වභාවය හින්දු පූසාරින් විසින් සීතා කිරීමත්, මාරි මියුසියස්‌ හිඟින්ස්‌ විසින් එය සීතා කුමරිය ලෙස ඉතිහාසගත කිරීමත් තුළ ගමන් කර ඇති දුර මේ අනුව පැහැදිලිය. මෙම උන්මත්තකභාවයට දිවුරුම්වේල බෝධියට තම ජීවිතය පරිත්‍යාග කිරීමට සිදුවිය. මේ පළමු අවස්‌ථාවයි. "ශක්‌ති" නමැති දෙය "පංච මහා භූත" වී ඉන් "ද්‍රව්‍ය" සෑදෙන අතර එය ශක්‌ති අවස්‌ථාවේදීම ප්‍රයෝජනයට ගැනීමේ තාක්‌ෂණයන් දැන සිටි මහා රාවණයන්ගේ මී මුණුපුරන් කොම්පියුටරයට තම මනස යටකරගත් දිනට සිදුවන දෙය තව නොබෝ දිනකින් දැකගත හැක. රාවණ විද්‍යාවට අනුව සුනාමි, ගංවතුර, නායයැම් පසු පස සුළි සුළං, ගිනිකඳු, භූමි කම්පාද ගමන් කරන්නේ පෙරහැරක විවිධ කණ්‌ඩායම් එකක්‌ පසුපස අනික ගමන් කරන්නා මෙනි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙහි "බුද්ධාගම ආරක්‌ෂා කොට පෝෂණය කරනු ලැබේ" යනුවෙන් වාක්‍යයක්‌ ලියාගත් විට ශාසනය ආරක්‌ෂාවේ යෑයි බලාපොරොත්තු විය නොහැක. එය ක්‍රියාවට නැඟිය යුතුය. සෙත් පිරිත්, බෝධි පූජා, සාංඝික දාන, සර්වඥ ධාතු ප්‍රදර්ශන, ධර්ම දේශනා ආදියට බෞද්ධ අවධානය යොමු කරවමින් ජන මාධ්‍යයද නොවියත් හුදී ජනතාව නළවන්නේ සිදුවන දේ අප ඇසින් ඉවත් කරවීමට බවද මතක තබාගත යුතුය.

සූරිය ගුණසේකර
http://www.divaina.com/2016/06/12/feature09.html

Pic Source

0 comments: