Pages

Thursday, June 9, 2016

දේශපාලන ඇඟිලි ගැසීම් නිසා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්‌වෙයි


දේශපාලන ඇඟිලි ගැසීම් හේතුකොට ගෙන තවදුරටත් තම රාජකාරිය නිසි ලෙස ඉටුකරගෙන යා නොහැකි බව පවසා වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිළිපිටිය මහතා පෙරේදා (06 දා) තම තනතුරෙන් ඉල්ලා අස්‌ වී ඇත.

මාස හයක්‌ තුළ වනජිවී අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරෙන් ඉවත්ව ගිය තුන්වැනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සුමිත් පිලපිටිය මහතාය.

හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වන එච්. ඩී. රත්නායක මහතා 2015 දෙසැම්බර් මස එම තනතුරෙන් ඉවත් කරන ලද අතර ඉන් පසු එම තනතුරට පත්වූ චන්ද්‍රසිරි බණ්‌ඩාර මහතා පසුගිය මාර්තු මස 31 දා ඉවත් කරන ලදී.

තමා වනජීවී අධ්‍යක්‍ෂ ධුරය බාරගනු ලැබුවේ කිසිදු බලපෑමකට යටත් නොවී එම තනතුරේ රාජකාරි කර මෙරටේ එම තනතුරේ රාජකාරි කර මෙරටේ වනජීවි සම්පත සුරක්‌ෂිත කිරීමේ අරමුණින් බවත් දේශපාලන බලපැම් හා ඇඟිලි ගැසීම් උත්සන්න වීම හා අලි පැටවුන්ගේ සොරකම් පිළිබඳ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පිලපිටිය මහතා තනතුරින් ඉල්ලා අස්‌වන බවද වනජීවී ආරංචි මාර්ග සඳහන් කළේය. 

මෙසේ වනජීවී සංරක්‌ෂණ කටයුතු සඳහා මෙන්ම වනජීවී පරිපාලන දේශපාලනීකරණ කිරීම පාලකයන් දරන උත්සාහය පරාජය කිරීම සඳහා මෙන්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉල්ලා අස්‌වීමේ ලිපිය භාර නොගන්නා ලෙස බලධාරීන්ට බලකරමින් ඊයේ (07 දා) පස්‌වරුවේ වනජීවී ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක්‌ද පැවැත්විණි.

සමස්‌ත ලංකා වනජීවී නියාමන සංගමය විරෝධතාව කැඳවා තිබිණි.

ජගත් කණහැරආරච්චි 
http://www.divaina.com/2016/06/08/news24.html

0 comments: