Pages

Wednesday, June 15, 2016

ත්‍රස්ත මර්ධනයට ලංකාවට අකුල් හෙලූ යුරෝපයට ත්‍රස්ත බිය! අයිසිස්‌ ත්‍රස්‌තයෙක්‌ අල්ලාහු අක්‌බර් කියමින් පොලිස්‌ ප්‍රධානියා සහ බිරිය ඝාතනය කරයි!

ප්‍රංශයේ පැරිස්‌ නුවරට ආසන්න මැග්නස්‌විලේ ප්‍රදේශයේ නිවසකට කඩාවැදුණු අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයෙක්‌ පොලිස්‌ ප්‍රධානියකු සහ ඔහුගේ බිරිය මරා දමා ඇත. මෙම යුවළගේ දරුවා පොලිසිය විසින් බේරාගෙන තිබේ. ජින් බැප්ටිස්‌ටේ නමැති මෙම පොලිස්‌ ප්‍රධානියාගේ නිවසට කඩාවැදුණු අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයා පවුලේ අයව ප්‍රාණ ඇපයට ගෙන තිබූ බව වාර්තා වේ. එම ත්‍රස්‌තයා පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්වී ඇත.

ඝාතනය වූ පොලිස්‌ ප්‍රධානියාගේ බිරියද පොලිසියේ සේවයේ යෙදී ඇත. ප්‍රංශයේ රේඩ් නමැති විශේෂ බළකාය විසින් දියත් කළ මෙහෙයුමෙන් ඔවුන්ගේ තෙහැවිරිදි දරුවා බේරා ගැනීමට හැකිවූ බව පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය. මෙම ඝාතන සිදු කිරීමට පෙර අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයා අල්ලාහු අක්‌බර් නමින් කෑගසා ඇති බව සිද්ධිය දුටු පිරිසක්‌ ප්‍රකාශ කර ඇත. මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා හිටපු අපරාධකරුවකු වූ ලැස්‌රොසි නමැත්තෙක්‌ බව ප්‍රංශ පොලිසිය කියා සිටී.

http://www.divaina.com/2016/06/15/forign10.html

A French police officer and his wife have been stabbed to death in Magnanville, around 35 miles west of Paris, in an attack that has been claimed by Islamic State.

The attacker was killed after police stormed the house, rescuing a three-year-old boy inside.

Paris daily Le Parisien named one of the victims as 42-year-old assistant police chief Jean-Baptiste Salvaing.

"Witnesses told investigators the attacker may have shouted 'Allahu akbar' (God is greatest) as he stabbed the policeman repeatedly outside his home before holding the woman and the boy inside," said The Guardian.

Islamic State's news agency Amaq announced: "Source to Amaq agency: Islamic State fighter kills deputy chief of the police station in the city of Les Mureaux and his wife."

Pic Source & for more info | French police chief and his wife killed in 'terror attack'

0 comments: