Pages

Thursday, February 26, 2015

බුද්ධ ශීර්ෂය විකෘති කර, බුදුදහමට නිගා කළ මුසලු ජාවාරම්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් ප්‍රතිමා 21 ක්‌ හමුවෙයි

ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශීර්ෂය විකෘති කර උද්‍යාන සැරසිල්ලක්‌ ලෙස බුද්ධ ප්‍රතිමා අලෙවි කිරීමේ ජාවාරමක නියෑළී සිටියදී අත්අඩංගුවට ගත් මුස්‌ලිම් ජාතිකයාගෙන් තවදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී තවත් බුද්ධ ශීර්ෂ ප්‍රතිමා 21 ක්‌ උඩහමුල්ලේ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සඟවා තිබියදී පසුගිය 23 දා දහවල් සොයාගත් බව බොරලැස්‌ගමුව පොලීසිය පවසයි. 

මීට පෙර මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී බොරලැස්‌ගමුව, දිවුල්පිටිය, සුරියමල් මාවතේ නිවෙසකින්ද විකෘති කළ බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා හතක්‌ සොයාගනු ලැබීය.

එම වැටලීමට පෙර දිවුලපිටිය, සූරියමල් මාවතේ නිවසේ ගබඩා කර තිබූ බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා හා උද්‍යාන සැරසිලි විශාල තොගයක්‌ ලොරි රථයකින් අටවතාවකදී රැගෙන ගොස්‌ ඇතැයි හෙළිවූ බව පොලීසිය කියයි.

සැකකරු විකෘති කර සාදන ලද බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා විදේශ රටවල්වලට අපනයනය කළේද? යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්‌ෂණ සිදු කරති.

තමන් නුගේගොඩ පදිංචි බවත්, නිවසේ ඉඩකඩ මදිකම නිසා මෙම බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා බොරලැස්‌ගමුව, දිවුල්පිටිය හා උඩහමුල්ලේ පදිංචි මිතුරන් දෙදෙනකුගේ නිවෙස්‌වල තබා තිබූ බවත් සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත.

සැකකරු අවස්‌ථා අටකදී ලොරි රථයකින් රැගෙන ගිය බුද්ධ ශීර්ෂ සහිත ප්‍රතිමා ද සොයා ගැනීමට පොලීසිය පරීක්‌ෂණයක්‌ අරඹා ඇත.

මේ පිළිබඳව බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න, නුගේගොඩ කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මර්වින් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ බොරලැස්‌ගමුව පොලීසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක හැරිසන් හෙට්‌ටිහේවා මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‌ෂණ පවත්වති. 

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2015/02/26/news15.html

Pic Source

සබැඳි ලිපි -
[
හෙළ බොදුනුවන්ගේ මෙත් කරුණාව ගැන තවත් සහතික කුමට අවැසිද?
http://denethharinna.blogspot.com/2012/10/blog-post_15.html
ඉඳුරුව හෝටලයක බිකිනි වනන්න බුදු පිළිම දමලා
http://denethharinna.blogspot.com/2013/02/blog-post_4446.html
'බුද්ධ බාර්', 'නිර්වාණ', 'අල්ලා බාර්' සහ 'කුරාණ්'
http://denethharinna.blogspot.com/2013/01/blog-post_6491.html
තුන් ලොවට නයු වූ සම්මා සමිඳුන්ට අපහාස කළ 'බුද්ධ බාර්' හි 'නිර්වාණ' බුෆේ දුන් පාපතරයන් තවමත් නිදැල්ලේ
http://denethharinna.blogspot.com/2013/01/blog-post_23.html
බුදුදහම විශ්ව යථාර්ථය බවට පිළිගන්නා මෑත අනාගතය දක්වා එය ආරක්ෂා කර ගැනුම - දිවයින කතුවැකිය
http://denethharinna.blogspot.com/2013/01/blog-post_24.html
බුද්ධ බාර් වැටලීම
http://denethharinna.blogspot.com/2013/01/blog-post_882.html
රෑට කන්නේ නිර්වාණේ සමාවෙන්න බුදු රජුනේ!
http://denethharinna.blogspot.com/2013/01/blog-post_9046.html
]

2 comments:

DE said...

ඇයි ඔයාගෙ ලොක්ක අර ඉස්සර තම්බි විරෝදී දැන් ඉස්ලාම් බක්තිකයන් සමග රමනයේ යෙදෙන චම්පුක ට කිවුවනම් වැඩේ හරි නේද?

පවු.. ඔයත් යහපාලනේට කඩේ ගියානේ මෙයා... දන් සැපද පින්වත?

දෙනෙත් හරින්න ! said...

ඔබතුමාට අපි කීපසැරයක්ම කියල තියෙනව, අපි කඩේ යන්නෙ කාටද කියල... එදා ඉඳල අද වෙනකම්, අපි කඩේ ගියෙ, යන්නෙ මේ රටේ අතිජාත, සහජාත උරුමක්කාරයො වෙච්ච සිංහල බෞද්ධයන්ට... ඔබතුමා නම් එක එක අයට කඩේ යන බව පේනව. මෙන්න මම කලින් ඔබතුමාට දීපු පිළිතුරක්...

"දුරාවබෝධය නැති කරගනු පිණිසය!

බොදුනුවනට හැර අපි කිසිවෙකුට කඩේ නොගියෙමු! පාලනය මහින්දගේද, මෛත්‍රීගේද යන්න අපට අදාල නොවේ. මෛත්‍රී සුභ අනාගතයක් යටතේ කරන හොඳද, ගෝඨාභය මූසලු අන්තවාදයට එරෙහිව කරන සටනද අපි එක හෙලා අනුමත කළෙමු! අපේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නැති! එදත්, අදත්, හෙටත් සිහළ බොදුනුවනට සිඳුවන අසාධාරණ හමුවේ අපි කොන්දේසි විරහිතව හැසිරෙමු! පන්හිද මෙහෙයවමු! වීදියේ, පන්සලේ, සිප් හලේ, වැඩපලේ නිරතුරුව සටන් වඳිමු!"

චම්පික අපේ නායකයෙක් කියල ඔබතුමා ව්‍යංගයෙන් කියල තියෙන්නෙ අපි හෙළ උරුමයෙ කියලනම්, අපේ අතීත ලිපි අරගනෙ බැලුවොත් ඔබතුමාට වැටහේවි අපි හෙළ උරුමයෙ වැඩ ගැනත් විවේචනශීලී ලිපි පල කර ඇති වග... අපේ පක්ෂය මේ රටේ අසරණ වන, අසාධාරණ වන සිංහල බෞද්ධ පක්ෂයයි!