Pages

Thursday, February 26, 2015

රාජ්‍ය සේවකයින්ගේ දීමනා සමඟ නව වැටුප් විස්තරය

දින 100 වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය අංශයේ වැඩිම වැටුප් වැඩි වීම අද (25) දින සිදු වන බව ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇති බවට වාර්ථාවේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවේ දින 100 වැඩපිළිවෙළ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී බවට වාර්ථාවේ.

ඒ අනුව අවම මූලික වැටුප රුපියල් 11,730ක් වූ රාජ්‍ය සේවකයෙකුගේ දීමනා සමඟ ලබන මුළු වැටුප වන රුපියල් 25,040 ට නව රජයේ අතුරු අයවැයෙන් යෝජනා කළ පරිදි පළමු වැටුප් වැඩි කිරීම වන රුපියල් 5,000 එකතු වූ විට අද ලැබෙන මුළු වැටුප රුපියල් 30,000 ඉක්මවයි.

නව රජය රුපියල් 10,000කින් වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව අනුව ඉතිරි රුපියල් 2,000 එළඹෙන ජුනි මාසයේ සිට මෙම වැටුපට එකතු වන අතර එවිට රාජ්‍ය සේවකයෙකු ලබන අවම වැටුප රුපියල් 32,000කට වඩා වැඩි වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන හා ප්‍රජාත්‍රන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා පැහැදිලි කර ඇති බවට වාර්ථාවේ.

රුපියල් 47,515ක රාජ්‍ය අංශයේ උපරීම මූලික වැටුප ලබන රාජ්‍ය සේවකයෙකුට දීමනා සමඟ අද වැඩි වන රුපියල් 5,000 එකතු කළ විට ලැබෙන මුළු වැටුප රුපියල් 72,800ක් පමණ වන අතර එළඹෙන ජුනි මාසයේ සිට එකතු වන රුපියල් 2,000 සමඟ මුළු වැටුප රුපියල් 74,800 දක්වා වැඩි වන බවට වාර්ථාවේ.

දින 100 වැඩපිළිවෙළ තුළ වැඩි කළ මුදල් මූලික වැටුපට එකතු කරන්නේ ද යන්න විශ්‍රාම වැටුප්, රජයේ ආදායම, පෞද්ගලික අංශවල බලපෑම යන කරුණු පදනම් කරගෙන මුදල් අමාත්‍යංශය සමඟ එක්ව අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසා ඇති බවට වැඩි දුරටත් වාර්ථාවේ.

http://lankafocusnews.com/?p=34430

Pic Source

3 comments:

Dan said...

අනේ බුරුවනේ, මොන හරි ප්‍රසිද්ද කරන්න ඉස්සරලා චෙක් කර පල්ල, විහිලු කාරයූ වෙන් නැතුව. උම්බල යහපලන ගොන්නු නිසා මොලයක් කියල ඩෙකුත් නැනෙ. ඉස්කෝලේ 2 පන්තියටවත් ගියෙ නැද්ද. කොහොමද ගොනෝ 47,515+5,000=72,800වුනෙ.

දෙනෙත් හරින්න ! said...

අනේ Sendic Danister, උගත් මහත්තයෝ, ඔබතුමා කකුළු න්‍යාය නොයොදා ලිපිය හිඳින් කියෙව්වනම් වැටහේවි! මූලික වැටුප, දීමනා සහිතව සහ මුළු වැටුප කියන වදන් වල අර්ථ දැන ආයෙ ලිපිය කියවන්නකො උගත්, බුද්ධිමත් අපේ මැතිතුමා...

අනේ මහත්තයො, ලෝකෙට විහිළු කාරයෙක් වෙලා තියෙන්නෙ කව්ද කියල දැන් වැටහේවි. ප්‍රතිචාරයක් දක්වන්න ඉස්සෙල්ල, ඔබතුමා ඒකෙ කොටන දේවල් වල තේරුම දැනගෙන කෙටුවොත් තමා යහපත්. ඔබතුමාල ඉතින් වැදගත් උගත් මත්තුරුනෙ. භාෂා විලාශයෙන්ම ඒ බව තේරෙනවනෙ...

sittingnut said...

ඇස් බැන්දුම් නැතුව =
අවම = පෙර මුළු වැටුප 25040, නව මුළු වැටුප 30040, වැඩි වීම 20%.
උපරීම = පෙර මුළු වැටුප 67800, නව මුළු වැටුප 72,800, වැඩි වීම 7%.

පොරොන්දුව අනුව මූලික වැටුප වැඩිවී නැත. 5000 දීමනාවක් එල්ලා ඇත.