Pages

Monday, October 14, 2013

මහ රජාණනි, ඔබට සවි දුන් සිහළුන් අනාථයි! මුසලුන් දෙමළුන් ඔවුන්ගේ දේපළ පැහැරගෙන! - උතුරේ ඡන්දයෙන් පසු සිංහලයාගේ කල දසාව

දෙමළ ජාතිවාදයේ තවත් පියවරක්‌ සාර්ථක ලෙසට ඉදිරියට පැමිණ ඇත. මේ සඳහා සම්පූර්ණ ආශිර්වාදය සපයන ලද්දේ මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සන්ධාන ආණ්‌ඩුවයි. උතුර පළාතේ සිංහලයන් පදිංචි කරවීමෙන් තොරව ඡන්දය පැවැත්වීමෙන් වන අනතුර ගැන කල්තියා මේ රටේ සංවාදයක්‌ ඇති විය. එම සංවාදයේදී පළාත් සභා සතු ඉඩම් බලතල හා පොලිස්‌ බලතල ඉවත් කළයුතු යෑයි ද ඉන්දියාවේ ද නැති ඇතැම් බලතල කප්පාදු කළ යුතු යෑයිද මතයක්‌ ඇති විය. එහිදී මෙම බලතල ඉවත් කිරීම පිණිස යෝජනාවක්‌ කැබිනට්‌ටුවට ඉදිරිපත් වුවද පසුව එය හකුළා ගැනිණි. තේරීම් කාරක සභාවක්‌ පත් කළද සැප්තැම්බර් විසි එක්‌ වන දිනට ප්‍රථම එහි නිර්දේශ ලබා නොදීමට ආණ්‌ඩුවෙන්ම කටයුතු යෙදුණි.

උතුර හා නැගෙනහිර පළාත් ඓතිහාසිකව ගත් කල සිංහල බෞද්ධ ජනතාවගේ උරුමයකි. ඒ බැව් එහි ඇති පුරාවස්‌තුවලින් සනාථ වේ. මෑතකදී යුද හමුදාව විසින් සොයා දැන ගෙන ඇති සිද්ධස්‌ථාන ගැන සලකා බැලූ කල්හි මේ බව සැකයකින් තොරව තහවුරු වේ. එසේම ඒ පළාත්වල කිසිම ආකාරයකින් ද්‍රවිඩ නිජභූමියක්‌ නොපැවැති බවටද හොඳින්ම සනාථ වේ. නමුත් වාර්ගික පවිත්‍රකරණය නිසා කාලයක පටන්ම උතුර හා නැගෙනහිර පළාත්වල සිංහල ජනතාව ජීවත් වන්නේ උතුරු මැද හෝ වයඹ ප්‍රදේශයන්හිය. කොටි ත්‍රස්‌තවාදය පරාජයට පත් කිරීම වෙනුවෙන් සිය ලේ කඳුළු දහදිය හෙලූ සිංහල ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් වෙනුවෙන් රජය ඉදිරිපත්වනු ඇතැයි කියාය. ඒ සඳහා සිය වාස භූමිවල නැවත පදිංචිකිරීම සිදුවනු ඇතැයි උදක්‌ම ප්‍රාර්ථනා කළහ. එසේම මූදු මහා විහාරය වැනි සිද්ධස්‌ථානවලට අයත් සඟ සතු ඉඩකඩම් නිරවුල් කර දේ යෑයිද බලාපොරොත්තු විය. නමුත් සිදුව ඇත්තේ වෙනත් දෙයකි. ඉන්දීය රජයේ අවශ්‍යතාව මත කටයුතු කළ රජය සිංහලයන් පදිංචි කිරීමට මැළි කමක්‌ දැක්‌වීය. හමුදා කඳවුරු මේ ප්‍රදේශවල තිබීම පවා ජාත්‍යන්තරව විවේචනයට ලක්‌වී ඇති අතර සිංහල ජනතාව වෙනුවෙන් රජය කිසිම ආකාරයකින් හඬක්‌ මේ වනතුරු නගා නොමැත. සිංහලයන් නැවත පදිංචිකරලීමේ දී නොයෙකුත් නීතිරීතිවලට යටත් කොට ඔවුන් අධෛර්ය කිරීම දිගින් දිගටම සිදු විය. උදාහරණයක්‌ ගත හොත් පුල්මුඩේ දහතුනේ කණුව අසල සිංහල ගම්මාන සැලකිය හැකිය. වසර එකසිය පනහකට පමණ ප්‍රථම ඝන වල් කැලෑවකට පැමිණ මෙහි ගොවිතැන් බත් කර ගනිමින් ජීවත් වූ සිංහලයන් යුද්ධයේ දී අවතැන් වූ අතර පසුව නැවත පදිංචි කෙරිණ. නමුත් මේ වන තෙක්‌ම රජයෙන් මේ පවුල් සඳහා ඉඩම් බලපත්‍රයක්‌ ලබා දී නොමැත. එහෙත් පැරැණි සිංහල ගම්මානයන් අල්ලා ගෙන පදිංචි වන මුස්‌ලිම්වරුන්ට ක්‌ෂණයකින් ඉඩම් බලපත්‍ර ලබා දීමට කටයුතු කෙරෙති. සිංහල ප්‍රාදේශීය ලේකම් වරුන් ද මේ අයට උදව් කරන්නේ පුද්ගලික වාසි සඳහා බව පැහැදිලිය. මේ ප්‍රදේශයේ වැව් අටක්‌ පමණ නටබුන්ව තිබෙන නමුත් ඒවා පිළිසකර කර ගෙන යළි පදිංචි වීමට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවද ඉඩ ලබා දෙන්නේ නැත.

යාපනයේ ජීවත් වූ විසිදහසකට අධික සිංහල ජනතාව නැවත පදිංචි කරලීමට රජය කිසිම සම්මාදමක්‌ දැක්‌වූයේ නැත. සිංහල පවුල් එකසිය අසූවක්‌ පමණ සිය ඉඩම් සොයා යාපනයට ගිය අවස්‌ථාවේ දී ඔවුන්ගේ ඉඩම් දෙමළ පුද්ගලයන් අල්ලා ගෙන සිටි බව පැහැදිලි විය. අනතුරුව නාවක්‌කුලිය ප්‍රදේශයේ පොල්වත්තක මේ පිරිස බලහත්කාරයෙන්ම පදිංචි වූ අතර මේ අයට සිංහල සංවිධානවලින් මිස රජයෙන් උදව් ලැබුණේ නැත. තමන්ගේ අවසරයකින් තොරව පැමිණියායි සැලකා මේ පිරිස ගැන උතුර ආණ්‌ඩුකාරවරයා ද අල්ප මාත්‍ර සොයා බැලීමක්‌ නොකළේය. මේ ආකාරයට අදත් ඔවුන්ට කිසිම පහසුකමක්‌ රජයෙන් නොලැබේ. ඒ අතර පසුගියදා මෙහි ඉදි කරනු ලැබූ ප්‍රජා ශාලාව ගිනි තැබීමට කිසියම් පිරිසක්‌ උත්සාහ කළහ. මේ ආකාරයට මන්නාරමේ හා මුලතිව් දිස්‌ත්‍රික්‌කවල තත්ත්වයන්ද බෙහෙවින් ෙ€දජනකය.

පදවිය වාහල්කඩ වැනි ප්‍රදේශවල හා මැද රට කඳුකරයේ ද ඉඩම් නැති විශාල පිරිසක්‌ සිටින බව පැහැදිලිය. රජය කළ යුත්තේ ජන අනුපාතය අනුව උතුර හා නැගෙනහිර ප්‍රදේශවල මේ ජනතාව පදිංචි කරවීමයි. නමුත් එවැනි සාධනීය පියවරකට රජය නොඑළඹුණ බව කවුරුත් දන්නා කරුණකි. මෙහිදී අපට ඇතිවන සාධාරණ සැකයක්‌ තිබේ. රජය අවංකවම සිංහල ජනතාව වෙනුවෙන් යුද්ධය මෙහෙයවූවා දැයි යන්නය. මාවිල්ආරු සොරොව්ව වැසූ අවස්‌ථාවේ දී වත්මන් ජනාධිපතිවරයා සිය ඇමැතිවරයෙකු වන ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේ මහතා උතුරට පිටත් කර කොටි සමග සාකච්ඡා කිරීමට පිඹුරුපත් සැකසුවේය. ඔහුට එදා මේ යුද්ධය ගැන අවංක වුවමනාවක්‌ද නොවීය. භික්‍ෂූන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් සහ හමුදාවේ උනන්දුව නිසා උතුර හා නැගෙනහිර නිදහස්‌ කරලීමට සටන් ආරම්භ වූ අතර රජය කළේ ඊට නායකත්වය දීම පමණි. එහිදී මහින්ද රාජපක්‍ෂ රජය සෘජුවම ඉන්දියාව සමග රහස්‌ ගිවිසුමකට යන්නට ඇතැයි යන සැකය දැන් මතු වී තිබේ. ප්‍රභාකරන් පරාජය කරලීමට ඉන්දියාවෙන් උදව් ඉල්ලීම පිණිස මේ එකඟතාව ඇති කරන්නට ඇතිය යන සැකය දැන් අප ඉදිරියේ පවතී. එහිදී කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමෙන් පසුව දහතුන් වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම, හමුදා කඳවුරු ක්‍රමානුකූලව ඉවත් කිරීම උතුර නැගෙනහිර ප්‍රදේශවල ඉන්දීය ආයෝජනයන් ඇති කිරීම වැනි එකඟතාවන් ඇති වන්නට ඇත. සාම්පූර් බලාගාරය ඉන්දියාවට ලබා දෙන්නේ මේ නිසාය. උතුරු දුම්රිය මාර්ගය ඉන්දියාවට ලබා දෙන්නේ මේ නිසාය.

යුද්ධය පරාජය කිරීමෙන් පසු උතුරේ සිංහල ජනතාව පදිංචි කරවීමට රජය මැලි වූයේ මේ නිසයි. නැවත පදිංචි කරවීමේ අමාත්‍යංශය යටතේ සිංහල ජනතාවට ප්‍රමුඛත්වය දී කටයුතු නොකිරීමත් ඇතැම් පදිංචි කිරීම් හමුදාව ලවා රහසේ සිදු කිරීමත් සිදු වූයේ මේ නිසයි. යුද හමුදාවේ පනස්‌හය වන සේනාංකයේ මැදිහත් වීමෙන් වවුනියා දිස්‌ත්‍රික්‌කයේ කැලෑ බෝගස්‌වැව ප්‍රදේශයේ පවුල් දෙදහස්‌ හයසීයක්‌ නැවත පදිංචි කරන ලද අතර ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල සලස්‌වන ලද්දේ හමුදාව විසිනි. විදුලිය යෝජනා ක්‍රමය සඳහා ජනාධිපති උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගේ මැදිහත් වීම මත එවකට විදුලිය ඇමැති චම්පික රණවක මහතා විසින් රුපියල් දශලක්‌ෂ සියයක්‌ වෙන්කරන ලද අතර දැන් ඒ විදුලි රැහැන්ද ඇද අවසන් කර තිබේ. එහෙත් මේ අවතැන් වූ පවුල් දෙසිය විසිපහක්‌ පමණකි. මේ තත්ත්වය තුළ සිංහල ජනතාවගේ මානව හිමිකම් කඩවීමක්‌ සිදුව ඇත. මෙලෙස ඡන්ද ලියාපදිංචිය නොකරන ලද්දේ ඉහළ නියෝගයකින් බව ද දැන ගන්නට ඇත. නමුත් මේ නීති රීති මුස්‌ලිම් හො දෙමළ අයට බලපා නොමැති අතර ඔවුහු නිදහසේ ඡන්දය භාවිත කරමින් දෙමළ හා මුස්‌ලිම් පිරිස බලයට පත්කර තිබේ.

පොලිස්‌ හා ඉඩම් බලතල හිමිව ඇත්තේ මධ්‍යම ආණ්‌ඩුවට බව අධිකරණය මගින් තීන්දු කරලීමද මේ අතර සිදුවී තිබේ. මෙම ක්‍රියා මාර්ගයද සිංහල ජනතාව රැවටීමකි. මේ වන විටත් වෙනම දෙමළ රටක්‌ ඇති කරලීමට පිඹුරුපත් උතුරේ දිග හැරෙන අතර ඉන්දියාව අකැමැති කිසිවක්‌ද උතුරේ සිදු නොවනු ඇත. ඉන්දියාව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග ඇති කර ගත් ගිවිසුම යළි මතක්‌ කර දෙමින් කළ බලපෑම හමුවේ සිංහල ජනතාව ගේ ඔළුව අත ගා කොකා පෙන්වා උතුර පාවා දීමට කටයුතු සම්පාදනය වී ඇති බව පැහැදිලිය. ඒ අතින් බලන කල්හි පසුගිය මැතිවරණයේ දී උතුරේ සිදු වූයේ ඉතිහාසයේ කළ මහා පාවාදීමකි.

මතුගම සෙනෙවිරුවන්
http://www.divaina.com/2013/10/13/politics02.html

සබැඳි ලිපි -
[

නැගෙනහිර සිහලුන්ගේ ඛේදවාචකය - කෙවිලියාමඩුවhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1626.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
]

0 comments: